කුච්චවේලි මලයඩිකුලම වැව පුරාවිද්‍යා භූමිය (Malayadikulama Wewa Archaeological Site in Kuchchaveli)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 2.50 out of 5)
Loading...
Lakmal K. Baduge
By Lakmal K. Baduge

ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුච්චවේලි ගෝමරන්කඩවල පාරේ කුන්චිකුම්බන් ආරු විල්ලුවට මදක් දුරින් මලයඩිකුලම් හා මුම්මලායිකුලම් වැව් දෙක අතර වැව් රක්ෂිත බිමේ මෙම නටඹුන් සෑය පිහිටා ඇත.

කුච්චවේලි ගෝමරන්කඩවල පාරේ හයවන විජයබාහු පාබල රෙජිමේන්තු (ඩෙල්ටා කම්පැනිය) කදවුර ඉදිරිපිටින් වනයට ඇතුළුව කිලෝ මිටර 8 ක් පමණ බටහිරට ගමන් කර අනවසර කැලෑ කපන්නන් වනසා ඇති යටි වනයේ තවත් කිලෝ මිටර තුනක් පමණ වයඹට ගමන් කිරිමෙන් පසුව මෙම නටඹුන් සෑය අසලට පැමිණිය හැකිය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උතුරු කොටසේ සැගවි ගිය පුරාවිද්‍යා ස්ථාන පිළිබදව හැදෑරිමේ හා ගවේෂණයේ චාරිකාවක නිරතව සිටියදි මෙම ස්ථානය පලමු වරට සොයා ගැනිමට පුජ්‍ය කැප්පෙටියාවේ අරණ විහාරි හිමියන් ඇතුළු කණ්ඩායමට හැකිවිය.

කවර කලෙක කවර නිරිදෙකු විසින් ඉදිකරන ලද්දක්ද යන්න නිශ්චිතවම කිව නොහැකි වුවත් මෙම ස්ථුපය අනුරාධපුර මුල් යුගයේ ඉදිකරන ලද එකක් බව නිසැකවම කිව හැකිය. යටි වනයක් සහිත පැතිර ගිය සම බිමක ස්ථුපය පිහිටා ඇත. අඩි තුන හමාරක් පමණ උසින් යුතු වට අඩි 45 ක් පමණ වන දාගැබේ ගර්භය පාදම දක්වා හාරා විනාශ කර ඇත. සක්ක ගල්, ගඩොලු සහ බොරදම් දාගැබ වටා විසිර පවති.

දාගැබට උතුරු දෙසින් පේසා වලලු වලට හානි කරමින් එක් අනවසර කැණිමක්ද දාගැබේ ගර්භය මැද තවත් අනවසර කැණිමක්ද කර ඇත. ගර්භය හාරා කර ඇති කැණිම අඩි පහමාරක් පමණ පළලැති අඩි හයක් පමණ දිගැති අඩි තුන හමාරක් පමණ ගැඹුරැති කැණීමකි. බොහෝ කලකට ඉහත මෙහි නිධන් සොයා සොරුන් විසින් කල විනාශයක් බව පෙනේ.

මිටර් 75 ක් පමණ දුරින් දාගැබට වයඹ දෙසින් වැටි ඇති ශෛලමය කණුවකි. දා ගැබ මළුව අසල සිට මිටර් 50 ක් පමණ දා ගැබට උතුරු දෙසට වන්නට පසින් වැසිගිය ශෛලමය කණු අවශේෂ රැසක් දක්නට ඇත. නටඹුන් සියල්ල කාලයත් සමග පසින් හා කොල රොඩු වලින් වැසි ඇත. දා ගැබ අවට වෙනත් නටඹුන් කිසිවක් හමු නොවිණි.

සටහන : ‎ලක්මාල් කේ. බදුගේ‎

සම්බන්ධ වෙනත් පිටු

කුච්චවේලි මලයඩිකුලම වැව පුරාවිද්‍යා භූමිය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

කුච්චවේලි මලයඩිකුලම වැව පුරාවිද්‍යා භූමිය රියදුරු දිශාවන්

ත්‍රිකුණාමලය සිට කුච්චවේලි මලයඩිකුලම වැව පුරාවිද්‍යා භූමිය දක්වා
හරහා : කුච්චවේලි
මුළු දුර : කිලෝමීටර් 37
ගතවන කාලය : විනාඩි 50 ක්  පමණ + වනයේ ගමන 
ගත කිරිය යුතු කාලය : විනාඩි 60  පමණ 
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com