නයි පෙන හැඩැති ලෙන් සහිත පුල්මුඩේ නාගලෙන නටබුන් – Pulmude Nagalena Rajamaha Viharaya Ruins

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars Be the first to rate
Loading...
නයි පෙන හැඩැති ලෙන් සහිත පුල්මුඩේ නාගලෙන නටබුන් - Pulmude Nagalena Rajamaha Viharaya Ruins
නයි පෙන හැඩැති ලෙන් සහිත පුල්මුඩේ නාගලෙන නටබුන් – Pulmude Nagalena Rajamaha Viharaya Ruins
photograph by : Samith Peiris

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුල්මුඩේ අංක හතර ග්‍රාම නිලධාරි වසමේ පුල්මුඩේ සිට කිලෝ මිටර දෙකක් පමණ දුරින් ඝණ වනාන්තරය තුල මෙම නටඹුන් ස්ථානය පිහිටා තිබේ. 2013 අගෝස්තු 16 වැනි දින අංක 1823/73 දරණ ගැසට් නිවේදනය ප්‍රාකාරව පුරා වස්තු ආඥා පනතේ 16 වැනි වගන්තියට අනුව මෙම ස්ථානය පැරණි ස්මාරකයක් ලෙස නම් කර ඇත.

පුල්මුඩේ මුලතිව් මාර්ගයේ පුල්මුඩේ පොලිසිය පසු කරමින් කිලෝ මිටරයක් පමණ ගොස් දකුණට හැරි වනාන්තරය දෙසට තවත් කිලෝ මිටරයක් පමණ ගිය පසුව මෙම නටඹුන් ස්ථා‍නයට ලගා විය හැක.

අක්කර දෙකක භූමියක් පුරා විසිර පවතින නටඹුන් අතර නයි පෙන හැඩැති ලෙන් යුගලය නිසා මෙම වන සෙනසුනට මේ නම ලැබි තිබේ. තිරියාය ගිරිහඩු සෑයට සමගාමිව ඉදිවු මෙම නටඹුන් ස්ථානය පිහිටි කදු මුදුනතේ ලිප් ගල් තුනක් ආකාරයට පිහිටි විශාල ගල් තුනකි. ගල් ලෙන් කිහිපයක් දක්නට ඇති අතර ඉන් නයි පෙන හැඩැති ලෙන් යුගලයේ කටාරම් කොටා තිබේ.

නිධන් හොරුන්ගේ හා ප්‍රදේශයේ ජිවත්වන අබෞද්ධයන්ගේ ග්‍රහණයට හසුවිම නිසා මෙහි තිබු නටඹුන් බොහෝමයක් විනාශවි ගොස් තිබේ. සිව් දිශාවට තැන්පත් කල පිළිම වහන්සේලා සහිත විශාල පිළිම ගෙයක නටඹුන් පමණක් දක්නට ලැබෙන අතර කදු මුදුනතේ පහලට පෙරලා දමා තිබු පසුව කදු මුදුනතේ යලි ස්තාපිත කල ශිර්ෂය හා සිරිපතුල් පාදම අහිමිව ගිය හිටි පිළිම දෙකක් හා ගල් කණු රැසක් මේ අතර පවති. එමෙන්ම බෙහෙත් ඔරුවක් වැනි ශෛලමය නිර්මාණයක්ද දා ගැබක හෝ වෙනත් ගඩොලු නිර්මාණයක පාදමක් විය හැකි අවශේෂ රැසක් දක්නට ඇති අතර නිධන් සෙවිමේ අරමුණින් ඒ මධ්‍ය හාරා ඇති බව පෙනි යයි.

පුර්ව බ්‍රාහ්මිය අක්ෂරයන්ගෙන් සමන්විත සෙල් ලිපි දෙකක් දක්නට ඇති අතර ඉන් එක් ලිපියක් ලෙනට පසුපස පර්වත කොටසේ දක්නට ලැබේ. අඩි දෙකක් පමණ පළලැති අඩි තුනක් හෝ තුන හමාරක් පමණ දිගැති පේලි කිහිපයකින් සමන්විත මෙම ලිපියේ කොටසක් කැඩි ගොස් තිබේ. දෙවැනි ලිපිය ලෙන තුල දක්නට ඇත.

කදු ගැටය පහල නටඹුන් විසිර පවතින බිම පුරා ආරාම සංකිර්ණයක පාදම් දක්නට ලැබෙන අතර පොකුණු හා විලක නටඹුන් පවති. භාවනායෝගිව වැඩ වසන භික්ෂුන් වහන්සේලා තුන් නමක් මෙම වන සෙනසුන තුල වාසය කරයි. 1980 වසරේදි එවකට විද්‍යා කටයුතු හා කර්මාන්ත ඇමතිවරයාව සිටි සි. සිරිල් මැතිව් මහතා මෙම ස්ථානය සංවර්ධනය කිරිමට පියවර ගෙන ඇත. පසුව ඇතිවු ත්‍රස්තවාදි ක්‍රියා හේතුවෙන් ‍පුදබිම වනයෙන් වැසිගියේය.

මෙම ස්ථානයේ තිබු ප්‍රථිමාවන් වල ශිර්ෂයන් තිබු බව 1980 දශකයේ ගත් ඡායාරූප වල දක්නට තිබේ. නමුත් 2011 වසරේ යලි මෙම ස්ථානය සොයා ගන්නා අවස්ථාවේ එම ප්‍රථිමා කදු මුදුනතින් පහලට පෙරලා දමා තිබු බවත් ඒවායේ ශිර්ෂයන් නොතිබු බව අරිසිමලේ ආරණ්‍ය සේනාසන සංචිතයේ විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපලාතේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය පනාමුරේ තිලකවංශ හිමියෝ පැවැසුහ. ප්‍රදේශයේ අබෞද්ධ ජනයාගේ නොයෙක් හිරිහැර මධ්‍යයේ මෙම වන සෙනසුන ආරක්ෂා කර ප්‍රතිසංස්කරණය කර ගැනිමට පුජ්‍ය පනාමුරේ තිලකවංශ හිමියෝ මහත් වෙහෙසක් දරා කටයුතු කර තිබුණි.

සටහන : ලක්මාල් කේ. බදුගේ

සම්බන්ධ වෙනත් පිටු

පුල්මුඩේ නාගලෙන නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

පුල්මුඩේ නාගලෙන නටබුන් රියදුරු දිශාවන්

ත්‍රිකුණාමලය සිට පුල්මුඩේ නාගලෙන නටබුන් දක්වා
හරහා : නිලාවේලි – කුච්චවේලි
මුළු දුර : කිලෝමීටර් 57
ගතවන කාලය : පැය 1 විනාඩි 30
ගත කිරිය යුතු කාලය : විනාඩි 30-45 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com