අඩම්පනේ ආඳාගල පුරාවිද්‍යා භූමිය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5.00 out of 5)
Loading...
Lakmal K. Baduge
By Lakmal K. Baduge

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගල්කඩවල ග්‍රාම නිලධාරි වසමේ තිරප්පනේ ගම්මානයේ පිහිටි මෙම නටඹුන් පෙදෙසට ලගා විමට ගෝමරන්කඩවල උප නගරය පසුකර කිලෝ මිටර් හතරක් පමණ තිරියාය දෙසට ගමන් කල යුතුවේ.එම මාර්ගයේ වම්පසට වන්නට පිහිටා තිබෙන ගල් සහිත මනරම් උස්බිම තුල මෙම නටඹුන් සහිත පුදබිම දක්නට ලැබේ.

පුරාවස්තු ආඥා පනතේ 16 වැනි වගන්තියට අනුව මෙම නටඹුන් සහිත ස්ථානය 2013 අගෝස්තු 16 වැනි දින අංක 1823/73 දරණ නිවේදනය යටතේ පැරණි ස්මාරකයක් ලෙස නම් කර ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මනාව සංරක්ෂණය කර නඩත්තු කරනු ලබන මෙම ස්ථානය තුල ගොඩනැගිලි දෙකක නටඹුන් දක්නට ඇත. ගොඩනැගිලි දෙකම ගඩොලින් නිර්මාණය කර ඇත. මෙම ස්ථානයට ඇතුළු විමේදි පළමුව හමුවන ගොඩනැගිල්ල මෙහි ප්‍රධාන ගොඩනැගිල්ලයි.

එය ඇතුළු මළුවකින් හා ඒ වටා වු පිට මළුවකින් යුක්ත වන සේ ගඩොලු ප්‍රාකාර දෙකකින් නිමවා ඇත. පිට මලුවට ප්‍රවේශ විම සදහා සිව් දිසාවෙන්ම පිහිටි පිවිසුම් දොරටු හතරකි. ඉදිරිපසින් හා ගොඩනැගිල්ලේ පිටුපසින් හරි කෙලින් මෙම දොරටු පිහිටා ඇත. පිට මලුවට ප්‍රවේශ විමට ඇති එක් දොරටුවකට පියගැට පෙල තුනකි. ඒවාද ගඩොලු වලින් නිමවා ඇති අතර ඒ හා යන අත් වැලද වක්‍රාකාර අයුරින් මනා ලෙස ගඩොලින් නිමවා ඇත.

පිට මලුව හා ඇතුළු මලුව අතර නිමවා ඇති ගඩොලු ප්‍රාකාරය තුල ඇතුළු මලුවට පිවිසිමට දොරටුවක් නොමැත එසේ තිබු බවක්ද දක්නට නැත. මෙය ඇතුළු මළුවක් සහිත ප්‍රතිමාඝරයක්ද එසේත් නැතිනම් බෝධිඝරයක්ද යන්න කිව නොහැක.

නිර්මාණය දෙස බැලු කල එය හුදෙක් බෝධිඝරයක් බවට අනුමාන කල හැකිවේ. මෙම ප්‍රධාන ගොඩනැගිල්ලට පිටු පසින් මිටර් 50 ක් පමණ බටහිර දෙසට වන්නට දෙවැනි ගොඩනැගිල්ල දක්නට ලැබේ.

විසම චතුරස්‍රාකාර නිර්මාණයක් වන එය ගඩොලින් නිමවා ඇත. ගොඩනැගිල්ලේ පාදම පමණක් දක්නට ඇති අතර එය මනාව සංරක්ෂණය කර ඇත. පලමු ගොඩනැගිල්ලට වඩා උසින් හා ප්‍රමාණයෙන් අඩුය. ඇතුළු මලුවක් දක්නට නැත. තනි කාමරයක් සේ ඉදිකර ඇත. ඊට ප්‍රවේශවිම සදහා ප්‍රවේශ දොරටුවක් දක්නට ලැබේ.

මෙකී සංරක්ෂිත ගොඩනැගිලි ද්විත්වයට අමතරව පිලමගෙයක් යැයි අනුමාන කළ හැකි තවත් නටබුන් රැසක් ඒ අවට දැකගත හැකිය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්‍ෂණය කර ඇති පුරාවිද්‍යා ස්ථානයක් අදම්පනේ – මොරවැව මාර්ගයේ දැකිය හැකිය. මෙය පෞරාණික ආරාමික සංකීර්ණයක් වන අතර මෙම පෙදෙසේ සමහර ගොඩනැගිලි සංරක්ෂණය කර ඇත.

අදම්පනේ සිට පැමිණ ගෝමරන්කඩවල උණු ළිඳ දෙසට හැරෙන විට මාර්ගය පසු කල විට දකුණු පැත්තේ මෙම නටබුන් හමුවේ.

සම්බන්ධ වෙනත් පිටු

අඩම්පනේ ආඳාගල පුරාවිද්‍යා භූමිය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

අඩම්පනේ ආඳාගල පුරාවිද්‍යා භූමිය දක්වා රියදුරු දිශාවන්

ත්‍රිකුණාමලය සිට අඩම්පනේ ආඳාගල පුරාවිද්‍යා භූමිය දක්වා
හරහා : පන්කුලම – ගෝමරන්කඩවල
මුළු දුර : කිලෝමීටර් 39
ගතවන කාලය : විනාඩි 45
ගත කිරිය යුතු කාලය : විනාඩි 30 -60  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (301) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (41) අනුරාධපුර රාජධානිය (4) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (38) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply