ත්‍රිකුණාමලය සර්ධාපුර දාගැබ් ගොඩැල්ල හා නටබුන් (Archaeology Ruins at Sardhapura, Trincomalee)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 2.33 out of 5)
Loading...
Lakmal K. Baduge
By Lakmal K. Baduge

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නගර හා කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 229 බි සුමේධංකරපුර ග්‍රාම නිලධාරි වසමේ කප්පල්තුරෙයි ආයුර්වේද රෝහලට මදක් දුරින් නටඹුන් වු මෙම දාගැබ් ගොඩැල්ල දක්නට හැකිය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම ස්ථානය හා ඒ අවට සර්ධාපුර නටඹුන් ලෙස නම් කර ඇති අතර මෙම ස්ථානය ගැසට් කර නැතත් සි ශ්‍රේණියේ පුරා විද්‍යා ස්ථානයක් ලෙස හදුනාගෙන ඇත.

මෙම දාගැබ් ගොඩැල්ල ත්‍රිකුණාමලය කන්තලේ මාර්ගයේ 187/6 බෝක්කුවට මීටර් 500 ක් පමණ නගරය දෙසට වන්නට පිහිටා ඇති ජාතික ජල සම්පාදන මණ්ඩලය විසින් ඉදිකරන නව ජල ටැංකිය ඉදිරිපිටින් ඇති මාර්ගයේ මීටර් 250 ක් පමණ දුරක් ගමන් කර හමුවන ඇළ මාර්ගය දිගේ ඊසාන දෙසට මිටර් 50 ක් පමණ ගිය පසුව ඇල ඉස්මත්තේ පිහිටා තිබෙනු දැකිය හැකිය.

අනුරාධපුර මුල් යුගයට අයත් එකක් විය හැකි මෙම දාගැබ් ගොඩැල්ලද නිධන් සොයා ස්ථාන දෙකකින් හාරා විනාශ කර තිබේ. අඩි 12 ක් පමණ පළලැති අඩි අටක් පමණ ගැඹුරට හාරා ඇති අතර එහි ගඩොලු දාගැබ් ගොඩැල්ල වටා විසිර ගොස් තිබේ.

දාගැබ් ගොඩැල්ල අඩි 12 ක් පමණ උසට පිහිටා ඇති අතර එහි විසිරුණු ගඩොලු කැට හා පස් පැතිර ඇති ප්‍රමාණය අනුව දාගැබේ විෂ්කම්භය වට අඩි 60 ක් පමණ වේ. ගඩොල්  හා මෝල්ඩින් ගල් ‍කොටස් හැර වෙනත් නටඹුන් කිසිවක් ඒ අවට දක්නට නොලැබිණි.

සම්බන්ධ වෙනත් පිටු

ත්‍රිකුණාමලය සර්ධාපුර දාගැබ් ගොඩැල්ල හා නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

ත්‍රිකුණාමලය සර්ධාපුර දාගැබ් ගොඩැල්ල හා නටබුන් රියදුරු දිශාවන්

ත්‍රිකුණාමලය සිට සර්ධාපුර දාගැබ් ගොඩැල්ල හා නටබුන් දක්වා
හරහා :
මුළු දුර : කිලෝමීටර් 11
ගතවන කාලය : විනාඩි 20
ගත කිරිය යුතු කාලය : විනාඩි 30  පමණ 
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com