සේරුනුවර සිරිමංගලපුර එරමිණියමලේ පුරාවිද්‍යා ණටබුන් (Eraminiyamale Archaeological Ruins in Sirimangalapura, Serunuwara)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 2.50 out of 5)
Loading...
By Sandaruwan Hinnapitiya
By Sandaruwan Hinnapitiya

සේරුවාවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 217/ජී සිරිමංගලපුර ග්‍රාමසේවා වසමේ සෝමාවතිය වන රක්ෂිතයට අයත් කොටසේ මෙමස්ථානය පිහිටා ඇත. චෛත්‍ය ප්‍රතිමාගෘහය සහ ලෙන් ආවස යන මූලික අංග වලින් සමන්විත වූ වැදගත් බෞද්ධ සංඝාරාමයක් මෙන්ම ඉතා වැදගත් පුරාවිද්‍යා ස්ථානයක් වශයෙන්ද එරණියමලේ නමින් හඳුන්වන ගල්පර්වතය සුවිශේෂ වේ.

සේරුනුවර නගරයේ සිට කන්තලේ මාර්ගයේ කල්ලාර් හන්දිය හමුවීමට පෙර වම් දෙසින් මාවිල්ආරු වැවට ගමන් කළ හැකි මාර්ගය හමුවේ. මාවිල්ආරු බැම්ම මතින් දකුණු දෙසට එහි කෙළවර දක්වාම ගමන් කළ විට මෑතකදී සකස් කරමින් පවතින වෙනත් බැම්මක් හමුවේ. එහිද කෙළවර දක්වාම ගමන් කළ යුතු වේ. අලි ඇතුන් ගමන් ගත් මංතල ඔස්සේ පිවිසුම් මාර්ග සකස් කරගනිමින් ස්ථානය දත් අයෙකු සමග ගමන් කළ යුතු වේ. අනුරාධපුර මුල් යුගයේ සිට බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ පරිහරණයට ලක් වූ ඉතා වැදගත් සිද්ධස්ථානයකි.

වර්තමානයේ මෙම ස්ථානය වනාන්තර ප්‍රදේශයක් තුළ වන සතුන්ගේ වාසස්ථානයක් බවට පත්වූවද ඈත අතීතයේ බෞද්ධ බැතිමතුන්ගේ ගෞරවාදරයට පත් වැදගත් පූජනීය ස්ථානයක් ලෙස පැවති බව නොඅනුමානය. කාලාන්තරයක් තුළ ස්වභාවික ව්‍යසනයක් තුළින් සිදුවූ විනාශයට අමතරව මෑතකාලයේ ද නිධන් සොරුන්ගේ ග්‍රහණයට ද ලක්ව ඇත. බ්‍රාහ්මී අක්ෂරයෙන් කෙටූ ලෙන් ලිපි සහ පර්වත ලිපි ද පර්වත මුදුනත ඉදිකළ දාගැබක නටබුන් තුළින් මෙම ස්ථානයට අතිශය වැදගත් පුරාවිද්‍යාත්මක අගයක් ලබාදී ඇත. පර්වත ලිපි 13ක් මෙම ස්ථානයෙන් හඳුනාගැනීමට හැකිිය.

කොටස් කීපයකට බෙදීගිය එකිනෙකට ආසන්නව පිහිටි ගල්කුළු කීපයක් ස්මන්විත මෙම ගල්පර්වතය ස්වාභාවික අලංකාරත්වයෙන් අනූන වේ. පර්වතයේ උස් ස්ථානය මත ගොඩනගන ලද ඉදිකිරීම ස්තූපය විය හැකියි. බටහිර හා වයඹ දෙසින් ස්තූපයට අයත් පාංශු හා ගඩොල් ස්ථර හොඳින් හඳුනාගත හැකි පරිදි ශේෂව ඇත. චෛත්‍යයේ මධ්‍ය ප්‍රදේශයේ ගල්පර්වතයද ගැඹුරු ලෙස විනාශයට ලක්කර ඇත. එම විනාශ කිරීමෙන් ඉවත් කළ ගඩොල් නැගෙනහිර බටහිර හා වයඹ දෙසින් පර්වත බෑවුම් ස්ථානවලටත් පාමුලටත් ඇඳ වැටී ඇත. එම ගඩොල් එතරම් විනාශයට ලක්ව නොමැත. පර්වතයේ ගඩොල් වරි සහිත ස්ථාන ආශ්‍රිතව කට්ට කපා නොගැඹුරු තීරු සකස් කර ගඩොල් රැදවීම ශක්තිමත් කර ඇත.

පර්වත පාමුල සිට මුදුනට පිවිසීම සඳහා ක්‍රමවත් ලෙස සකස් කළ පියගැටපෙළ උතුරු බෑවුමේනිර්මාණය කර ඇත. එහි දෙපසින් වූ අත්වැට සවිකළ කුඩුම්බි පේළි ද පැහැදිලිව පවතී. එම පඩිපෙළ ආසන්නයේ පර්වත බෑවුම් මධ්‍ය ප්‍රදේශයේ ජලය බැසයාමට සැකසූ කාණුද පර්වත ලිපි දෙකක් ද හඳුනා ගත හැකි වේ.

පඩිපෙළ පාමුල වයඹ දිශාවෙන් ඇති තැනිතලාවක් ලෙස විහිදී ඇති ශිලා පෘෂ්ඨය දීර්ඝ විස්තර ඇතුළත් පර්වත ලිපි කීපයක් බ්‍රාහ්මී අක්ෂරයෙන් කොටා ඇත. ප්‍රධාන පියගැට පිවිසුම දෙසට යොමු වූ කුඩා පියගැටපෙළක් පර්වත ලිපි සහිත ගල්තලවේ ද නිර්මාණය කර ඇත. පර්වතයේ නැගෙනහිර බෑවුම් පෘෂ්ඨයේ බුද්ධ ප්‍රතිමාවක් (සැතපෙන) සකස් කළ ආවරණ ස්ථානයක් හඳුනාගත හැකි වේ. ඒ ආශ්‍රිතව ගඩොල් පස් ආදිය විසීරී පවතී. බොහෝ විට ගඩොලින් සකස් කරන ලද බුද්ධ ප්‍රතිමාවක් මෙම ස්ථානයේ නිර්මාණය කළ බව අනුමාන කළ හැකිය.

පර්වතයේ බටහිර දෙසින් බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියූ ශිලාලෙඛන සහිත කටාරම් කෙටූ ලෙන් 02 ක් පවතී. එක් ලෙනක පියස්ස මත ද ඉදිරි ගල්පර්වතයේ ද ඇති කුඩුම්බි ස්ථාන අනුව ලෙන් පියස්සට ඉදිරියෙන් ආවරණයක් සකස් කර තිබූ බව පැහැදිලි වේ. ලෙන් බිම පැරණි ගඩොල් විසිරී පවතින අතර ලෙන් ආවාස ලෙස මෙම ස්ථානය පවත්වගෙන ගිය බව පෙනේ. පර්වතයේ ගිණිකොන දෙසින් ද කුඩුම්බි ස්ථාන කීපයක් හඳුනාගත හැකියි. මෙම ස්ථානය වටා වූ කැළෑව තුළ තවදුරටත් ගොඩනැගිලි ස්ථාන පැවතිය හැකි බවද පෙනේ. වර්තමානය වනවිට මෙම ස්ථානය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙසට හඳුනාගෙන ඇත.

සම්බන්ධ වෙනත් පිටු

සේරුනුවර සිරිමංගලපුර එරමිණියමලේ පුරාවිද්‍යා ණටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

සේරුනුවර සිරිමංගලපුර එරමිණියමලේ පුරාවිද්‍යා ණටබුන් රියදුරු දිශාවන්

ත්‍රිකුණාමලය සිට කන්තලේ සේරුනුවර සිරිමංගලපුර එරමිණියමලේ පුරාවිද්‍යා ණටබුන් දක්වා
හරහා :කින්නියා – මුත්තුර් – සේරුවිල
මුළු දුර : කිලෝමීටර් 75
ගතවන කාලය : පැය 1.30 ක්  පමණ + වනය තුලට ඇවිදීමට පැය 1 -2 අතර 
ගත කිරිය යුතු කාලය : පැය 1 -2  පමණ 
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply