සේරුවාවිල නීලපොල පත්තිනි දේවාලය භූමිය පුරාවිද්‍යා ස්ථානය

⚙️ [Top with rating]
RATE THIS LOCATION : Be the first to rate
සේරුවිල නීලපොල පත්තිනි දේවාලය භූමිය පුරාවිද්‍යා ස්ථානය - Seruvila Neelapola Pattini Devalaya Ground Archaeology Site
සේරුවිල නීලපොල පත්තිනි දේවාලය භූමිය පුරාවිද්‍යා ස්ථානය – Seruvila Neelapola Pattini Devalaya Ground Archaeology Site
By Sandaruwan Hinnapitiya
By Sandaruwan Hinnapitiya

කන්තලේ සේරුනුවර මාර්ගයේ කල්ලාරු මංසන්දියෙන් වම් අතට දිවෙන දෙහිවත්ත නීලපොල මාර්ගයේ නීලපොල දක්වා ගමන්කොට බෝගස් හන්දියෙන් දකුණතට ඇති මගෙහි මීටර 750 ක් පමණ ගමන් කළ විට පාරේ වම් පසින් පත්තිනි කෝවිලද, දකුණුපසින් නටඹුන් වූ විහාරයට අයත් නටඹුන් ද පිහිටා ඇත. සේරුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නීලපොල 217/බී ග්‍රාම සේවා වසමේ මෙම ස්ථානය පිහිටා ඇත.

⚙️ [Google Ad 01 -SI]

වර්ථමානය වන විට ප්‍රදේශයේ ජීවත් වන දමිල ජනතාව මෙම ස්ථානයේ පත්තිනි දේවාලයක් සහිතව කෝවිලක් ඉදිකොට ඇත. එහි වැඩ කටයුතු මීට වසර 10 කට පමණ පෙර ආරම්භකොට ඇත. එම කෝවිල් ගොඩනැගිල්ලට ඉදිරියෙන් වන භූමියේ අක්කර 3/4 ක පමණ භූමි භාගයක් පුරාවට පැරණි නටඹුන් විසිර ඇත. මෙම ඉඩමේ ගිණිකොන දෙසින් පැරණි ළිඳක් පිහිටන අතර කිසිදා දිය නොසිඳෙන බව පැවසෙන මෙහි ඉවුරු ඉතා පැරණි ගඩොලින් බැඳ ඇත.

මෙම ලිඳට දකුණින් කුඹුරු ඉඩමේ ශිලා පුවරු යොදා ඉදිකල ගොඩනැගිල්ලක අත්තිවාරමක් හා පාදම් ගලක් දැකිය හැක. මේ භූමියේ මැටි භාජන වල අවශේෂ විශාලව විසිර පවතී.

පෙර සඳහන් කළ කෝවිල් ගොඩනැගිල්ලෙ ඉදිකිරීම් වලට මෙම ස්ථානයෙන් සපයාගත් ශිලා කුළුණු යොදාගෙන ඇති අතර එහි උළුවහු සඳහා ඒවා භාවිතා කොට ඇත. විශාල මල් ආසනයක් මතින් කෝවිල් ගොඩනැගිල්ලට පිවිසුම සකසා ඇත. මෙම යොදාගෙන ඇති ශිලා කණු මුදුනත බාල්ක රැඳවීම සඳහා කට්ට කපා සකස්කොට ඇත. ප්‍රමාණයෙන් විශාල වූ මෙම කුළුණු නිසැකවම මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා යොදාගන්නට ඇතුවාට සැක නැත. මෙහි ඇති අනෙකුත් සරල ශිලා නිර්මාණ සලකන කල මෙම ස්ථානය අනුරාධපුර මුල් යුගයේ ඉදිකරන්නට ඇති බවට අනුමාන කල හැක.

වර්ථමානය වන විට මෙම ස්ථානය පුරා විද්‍යා ස්මාරකයක් ලෙසට නම් කොට ඇත.

සම්බන්ධ වෙනත් පිටු

සේරුවාවිල නීලපොල පත්තිනි දේවාලය භූමිය පුරාවිද්‍යා ස්ථානය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

සේරුවාවිල නීලපොල පත්තිනි දේවාලය භූමිය රියදුරු දිශාවන්

ත්‍රිකුණාමලය සිට  සේරුවිල නීලපොල පත්තිනි දේවාලය භූමිය පුරාවිද්‍යා ස්ථානය දක්වා
හරහා : කින්නියා – මුතූර්
මුළු දුර : කිලෝමීටර් 46
ගතවන කාලය :පැය  1.15
ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply