කන්තලේ ශ්‍රී අග්බෝ රජමහා විහාරය පුරාවිද්‍යා භූමිය

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (2 votes, average: 2.50 out of 5)
කන්තලේ ශ්‍රී අග්බෝ රජමහා විහාරය පුරාවිද්‍යා භූමිය - Kanthale Sri Agbo Rajamaha Viharaya Archaeological Site
කන්තලේ ශ්‍රී අග්බෝ රජමහා විහාරය පුරාවිද්‍යා භූමිය – Kanthale Sri Agbo Rajamaha Viharaya Archaeological Site
By Sandaruwan Hinnapitiya
By Sandaruwan Hinnapitiya

කන්තලේ ත්‍රිකුණාමලය මාර්ගයේ 96 මංසන්දියෙන් දකුණතට දිවෙන තිස්සපුර මාර්ගයේ කි.මී. 1.5 ක් පමණ ගිය පසු හමුවන යුධ හමුදා කඳවුර අසලින් වමට දිවෙන මාර්ගයේ මීටර 500 ක් පමණ ගියපසු ඉපැරණි නටඹුන් පිහිටි මෙම විහාරස්ථානය හමුවෙයි. තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 228 ජී මොල්ලිපොතාන උතුර ග්‍රාමසේවා වසමේ මෙම ස්ථානය පිහිටයි.

මෙම විහාරයේ දැනට පෙනෙන්නට ඇති සාධක අනුව නිසැකවම මෙම විහාරය අනුරාධපුර යුගයේ මුල් සමයට අයත් වනවාට සැක නැත. විහාර භූමියේ උතුරු දිශාවට වන්නට ගොඩනැගිලි කීපයකට අයත් නටඹුන් හා ගල් කණු හඳුනාගත් හැක. ඉපැරණි සෑයකට අයත් ගරාවැටුණු ගඩොළු හා පස් සහිත ගොඩැල්ලක් හා ඒ අශ්‍රිතව තවත් ගොඩනැගිල්ලක නටඹුන් ද මෙහි දී හඳුනාගත හැක.

⚙️ [Google Ad 01 -SI]

එසේම කැඩී බිඳී ගිය කුඩා ප්‍රමාණයේ ශිලාමය බුද්ධ ප්‍රතිමාවක කොටස් හා රජ කෙනෙකුගේ හෝ බෝධිසත්වවරයෙක් ගේ යැයි සැලකිය හැකි ප්‍රතිමාවක කොටස් මෙම ස්ථානයේ දී දැකිය හැක. තවද ගොඩනැගිලිවල පාදම් ගල් හා වෙනත් ශිලාමය ඉදිකිරීම් වල අවශේෂ විහාර භූමියෙ තැන් තැන්වල විසිරී පවතී.

වර්ථමානය වනවිට පසුව ඉදිකෙරුණු විහාරස්ථානයේ බොහෝ සංවර්ධන කටයුතු සිදුකොට ඇති අතර විහාරගෙය, ආවාස ගෘහය හා ප්‍රාකාරය සහිත බෝධි මලුවේ ඉදිකිරීම් අවසන් කොට ඇත. තවමත් මෙම විහාරස්ථානය තුල විදිමත් පුරාවිද්‍යා ගවේශණයක් සිදුකොට නොමැති අතර මනා ගවේශණයකින් තවත් වැදගත් තොරතුරු රැසක් සොයාගැනීමට හැකිවනු ඇත. එසේම ඇතැම් අවස්ථාවලදී විහාරස්ථානය වටා පදිංචිව සිටින අන්‍ය ආගමිකයන් නිසා විහාර භූමිය සම්භන්ධව ගැටළුද මතුවී ඇත.

චායාරූප : පහත දක්වා ඇති වීඩියෝවෙන්

කන්තලේ ශ්‍රී අග්බෝ රජමහා විහාරය පුරාවිද්‍යා භූමිය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

කන්තලේ ශ්‍රී අග්බෝ රජමහා විහාරය පුරාවිද්‍යා භූමිය රියදුරු දිශාවන්

හබරණ සිට ශ්‍රී අග්බෝ රජමහා විහාරය පුරාවිද්‍යා භූමිය දක්වා
හරහා : තිකුණාමලය මාර්ගය
මුළු දුර : කිලෝමීටර් 62
ගතවන කාලය : පැය 1 විනාඩි 15 පමණ
ගත කිරිය යුතු කාලය : විනාඩි 30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply