සේරුවිල මංගල වැව ඉපැරණි අංගනය ණටබුන් – Ruins of the ancient rock platform in Mangalawewa Reservoir

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 2.00 out of 5)
Loading...
සේරුවිල මංගල වැව ඉපැරණි අංගනය ණටබුන් - Ruins of the ancient rock platform in Mangalawewa Reservoir

සේරුවිල මංගල වැව ඉපැරණි අංගනය ණටබුන් – Ruins of the ancient rock platform in Mangalawewa Reservoir
චායාරූපය : පුරාවිද්‍යා වාර්තාවකින්

පාලතෝපූර් – සේරුවාවිල මාර්ගයේ සේරුවිල විහාරයට පිටුපසින් පිහිටන කුඩා වැව් බැම්ම මතින් තවත් ඉදිරියට සුමේධංකර වන සෙනසුන දෙසට ගමන්කරන විට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් නිවාඩු නිකේතනය හමුවෙයි. එයද පසුකොට ඇල මාර්ගයෙන් එතෙරව වම් අතට දිවෙන මගෙහි කෙලවර තෙක් පැමිණ මංගල වැව වෙත ලඟාවිය හැක.

මංගලවැව මධ්‍යම ප්‍රමාණයේ පැරණි වැවකි. මෙය කවර සමයකදී ඉදිවූයේදැයි සාධක නොමැත. මෙම වැවේ ඉහත්තාව දෙසට වන්නට පිහිටි ගල් පර්වත 5 ක් පමණ වෙයි. ඉන් එකක ජලයට බැසීම සඳහා ගලෙහි කප්පවන ලද පියගැටපෙලකට අයත් පියගැට 12 ක් පමණ දක්නට ලැබෙයි. එසේ වුවද එම ගල්තලාව මත කිසිදු ගොඩනැගිල්ලක ඉදිකිරීමක් දක්නට නොමැත. එසේ පැවතියද ඒව මේ වන විට ගල්තලාවෙන් පහලට පෙරලී පර්වතය පාමුල රොන්මඩ තුල ගිලී ඇතුවාට සැක නැත. නිසැකවම මෙය අතීතයේදී ආගමික හෝ රාජකීය කටයුතු සඳහා නිර්මාණය කල වේදිකාවක් වියහැක.

තවත් මෙවැනිම ස්ථානයක් පිළිඹඳව ත්‍රිකුණාමලය දිවුල්වැව රජමහාවිහාරය අසල වැවෙහිද හමුව ඇති බව සඳහනක් වෙයි.

සටහන : ‎සඳරුවන් හීන්නපිට

සම්බන්ධ වෙනත් පිටු

සේරුවිල මංගල වැව ඉපැරණි අංගනය ණටබුන් සිතියම


ගූගල් සිතියම් පහලින් - Please click on the button below to load the Dynamic Google Map -
.


ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.


සේරුවිල මංගල වැව ඉපැරණි අංගනය ණටබුන් රියදුරු දිශාවන්

ත්‍රිකුණාමලය සිට මංගල වැව ඉපැරණි අංගනය ණටබුන් දක්වා

හරහා :කින්නියා – මුත්තුර් – සේරුවිල
මුළු දුර : කිලෝමීටර් 54
ගතවන කාලය : පැය 1.30 ක්  පමණ 
ගත කිරිය යුතු කාලය : විනාඩි 30-45  පමණ 
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com
Comments