

කන්තලේ-සේරුනුවර මාර්ගයේ සූරියපුර මංසන්දිය හා කළුපාලම පසුකොට කි.මී. 7 ක් පමණ පැමිණ වම්පස කැලෑවේ මී.500 ක් පමණ ඇතුලට ගියවිට මෙම නටඹුන් සහිත පෙදෙස හමුවෙයි. මහවැළි ගඟට දකුණින් වූ කැලෑබද පෙදෙසක් වන මෙම ප්‍රදේශය තුල මෙම නටබුන්ව ඇති විහාරස්ථානය පිහිටා ඇත. මෙම විහාරස්ථානය ආශ්‍රිතව කුඩා දාගැබක් හා ඉපැරණි ගොඩනැගිළි කීපයකම නෂ්ඨාවශේෂ හමුවෙයි. අඩි කීපයක් උසින් යුකතව පවත්නා මෙම චෛත්‍ය ගොඩැල්ල මධ්‍යය හාර විනාශකොට ඇත. වෘත්තාකාරව එසේ කැන ඇති වල තුල ගඩොල් ස්ථර වශයෙන් හඳුනාගැනීමට හැකිවෙයි. එහි පතුලේ ශිලා පුවරු යොදාගනිමින් ඉදිකළ ගර්භය හඳුනාගත හැකිවෙයි. සෑය මතුපිට මෙවන් ගල්පුවරු හා ගඩොල් විශාල ප්‍රමාණයක් දැකිය හැකිය.
සෑයට අඩි 45 ක් පමණ නිරිත දෙසින් එකිනෙකට ආසනන්නව එකට ඇති ගොඩනැගිළි දෙකකට අයත් නටඹුන් හමුවෙයි. මෙයින් එතරම් විනාශයට පත් නොවූ එක් ස්ථානයක එක් පේලියකට කුළුණු 4 බැගින් කණු පේලි 4 ක් එකිනෙකට ලඟින් පිහිටන සේ ගොඩනැගිල්ල ඉදිකොට ඇති අතර එයින් කණු 6 ක් ඉතා හොඳ තත්වයේ පවතී. මෙහි පෙලක් කණු ඇදවැටී ඇති අතර එම කණු අතර අඩි 4 1/2 කට වඩා උස් කණු පිහිටයි.
එම ගොඩනැගිලි දෙකට නැගෙනහිරෙන් ඉතා ආසන්නයෙන් තවත් ගොඩනැගිල්ලක් හඳුනාගත හැකි අතර එහි ගල් කණු 10 ක් වෙයි. චෛත්‍යයට අඩි 15 ක් පමණ උතුරින් තවත් කුඩා ගොඩනැගිල්ලක් හා පාදෝවන ගලක් වෙයි. එම ස්ථානයේ ගල්කණු 5 ක් වෙයි. එසේම චෛත්‍යයට අඩි 100 ක් පමණ උතුරින් තවත් ගොඩනැගිල්ලක නටඹුන් හමුවන අතර උස් ගල්කණු 3 ක් දක්නට ලැබෙයි. එම කුළුණු අඩි 6 ක් පමණ උස වන අතර කුළුණු මුදුනේ ලී බාල්ක රැඳවීම සඳහා ගැඹුරු හතරැස් කට්ට කපා ඇත. මේ ආකාරයට ගොඩනැගිළි කීපයක් සහිතව චෛත්‍යයක් මධ්‍යකොට ඉදිකොට ඇති මෙම ස්ථානය නිසැකවම අතීතයේ ඉතා දියුණු බෞද්ධාගමික මධ්‍යස්ථානයක් බව නොඅනුමානය.
සම්බන්ධ වෙනත් පිටු
සිරිමංගලපුර බෞද්ධ ණටබුන් සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
ත්‍රිකුණාමලය සිරිමංගලපුර බෞද්ධ ණටබුන් රියදුරු දිශාවන්
| කන්තලේ සිට සිරිමංගලපුර බෞද්ධ ණටබුන් දක්වා |
| මුළු දුර : කිලෝමීටර් 27 ගතවන කාලය : විනාඩි 30 ක් පමණ + වනයේ ගමන ගත කිරිය යුතු කාලය : විනාඩි 30-45 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (301) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)
z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (41) අනුරාධපුර රාජධානිය (4) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (38) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)










