සෝමනුවර සිරිමංගලපුර සුනේත්‍රා වැව පුරාවිද්‍යා ස්ථානය

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (1 votes, average: 5.00 out of 5)
සෝමනුවර සිරිමංගලපුර සුනේත්‍රා වැව පුරාවිද්‍යා ස්ථානය - Somanuwara Sirimangalapura Sunethra Wewa Archaeology Site
සෝමනුවර සිරිමංගලපුර සුනේත්‍රා වැව පුරාවිද්‍යා ස්ථානය – Somanuwara Sirimangalapura Sunethra Wewa Archaeology Site
By Sandaruwan Hinnapitiya
By Sandaruwan Hinnapitiya

කන්තලේ සේරුනුවර මාර්ගයේ සේරුනුවර හා සෝමපුර ප්‍රදේශවලට කි.මී. 3 කට පමණ පෙර මාර්ගයේ වම්පසට කි.මී. 4 ක් පමණ වනය තුලට වන්නට දැනට වල් බිහිව ඇති, පුරාවිද්‍යා ස්මාරකයක් ලෙසට හඳුනාගෙන ඇති සුනේත්‍රා වැව පිහිටයි. එම වැවට ඊසන දෙසට වන්නට ගල්කුළු විශාල ප්‍රමාණයකින් සමන්විත ප්‍රදේශයක් වෙයි. ජිප් රථ මාර්ගයකින් හෝ මෙම ප්‍රදේශයට ලඟාවීමට සේරුනුවර- දෙහිවත්ත මගෙහි ලිංගපුරම් දක්වා පැමිණ නිරිත දෙසට පැමිණිය යුතු වෙයි. වර්ථමානයේ මෙම වැව කල්කුලම් (ගල්කුලම ) ලෙසද දෙමළ ජනයා විසින් හඳුන්වයි.

⚙️ [Google Ad 01 -SI]

ඉහත සඳහන් කල ගල් පර්වත පිහිටි භූමියෙ මෙම නටඹුන් විහාරය පවතී. මෙම ස්ථානයෙන් සොයාගත් පර්වත ලිපි කීපයකි. ඒවායෙ අක්ෂර අනුව එම ලිපි පිළිවෙලින් ක්‍රි.ව. 4, 8 හා 9 යන සියවස් වලට අයත් වෙයි. එසේම මෙහි පවත්නා ගඩොල් වල ස්වභාවය අනුව ක්‍රි.පූ. යුගයට එනම් අනුරාධපුර මුල් යුගයට අයත් ඉදිකිරීම්ද අති බව අනුමාන කල හැක. මෙහි හඳුනාගත් හැකි වැදගත් ශිලා ලේඛණ දෙකක් වෙයි. ඉන් එකක් පර්වත පෘෂ්ඨයක මී 3.6 X 1.5 ක පමණ ප්‍රමාණයක අකුරු පේලි 14 ක් සහිතව ලිපිය සකස්කොට ඇත. අනෙක් ලිපියද අක්ෂර පේලි සහිතව පවතිනා අතර කොටසක් පසින් යටව පවතී. එම ලිපියේ අක්ෂර ක්‍රි.ව. 4 වන සියවසට අයත් අතර “ගිරිමහලක මහවහර” ලෙස සඳහන් වෙයි. තවද මෙම ස්ථානයේ මුල්ම විහාරය දුටුගැමුණු මහරජතුමා විසින් ඉදිකරවා ඇතිබවට ශිලා ලේඛණ අනුව තහවුරු වෙයි. එසේම ක්‍රි.ව. 9 වන සියවසට අයත් බ්‍රාහ්මීය අක්ෂර වලින් ලියූ ලිපියට අනුව “උඩිගල දාගැබ” පිළිඹඳවද විස්තරද එහි දැක්වෙන බව කියවේ.

ලිපි සහිත පර්වතයට ආසන්නව වැව ආශ්‍රිත තවත් ගල් පර්වතයක් පිහිටි පහත් භූමියක් ආශ්‍රතව පැරණි ඉදිකිරීමකට අයත් ගඩොල් විසිර පවත්නා අතර එම පර්වතය මුදුනත ඇතැම්විට ගොඩනැගිල්ලක් හෝ චෛත්‍යයක් ඉදිකොට තිබෙන්නට ඇත.

සම්බන්ධ වෙනත් පිටු

සෝමනුවර සිරිමංගලපුර සුනේත්‍රා වැව පුරාවිද්‍යා ස්ථානය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

සෝමනුවර සිරිමංගලපුර සුනේත්‍රා වැව පුරාවිද්‍යා ස්ථානය රියදුරු දිශාවන්

ත්‍රිකුණාමලය සිට  සෝමනුවර සිරිමංගලපුර සුනේත්‍රා වැව පුරාවිද්‍යා ස්ථානය දක්වා
හරහා : කින්නියා – මුතූර්
මුළු දුර : කිලෝමීටර් 50
ගතවන කාලය :පැය  1.15
ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply