නිදන් සොයා වනසා ඇති ත්‍රිකුණාමලය ලිංගපුරම් බෞද්ධ ණටබුන්

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (1 votes, average: 2.00 out of 5)
By Sandaruwan Hinnapitiya
By Sandaruwan Hinnapitiya

කන්තලේ-සේරුනුවර-දෙහිවත්ත මාර්ගයේ ලිංගපුර දක්වා පැමිණ ලිංගපුර සරස්වතී විදුහල අසලින් හෝ ඊට පෙර වමට ඇති මගෙහි මද දුරක් ගොස් මෙම ස්ථානයට ලඟාවිය හැක.

ලිංගපුරම් ග්‍රාමයේ පිහිටා ඇති මෙම ස්ථානයට අයත් නටඹුන් අක්කර 5 ක පමණ ප්‍රදේශයක් පුරා විසිර ඇති අතර පස් කැපීම් වැනි කටයුතු නිසා බොහෝ නටඹුන් විනාශව හෝ පසට යටව පවතී. මෙම ස්ථානයේ කුඩා ගල් තලාවක් වෙයි. ඒ මත ගඩොල් භාවිතයෙන් ඉදිකල විශ්කම්භය අඩි 20 ක් පමණ වන චෛත්‍යයකි. මෙය නිධන්හොරුන් විසින් හාරා විනාශකොට ඇති අතර එහි ගඩොල් සෑම තැනකම විසිරී පවතී. සෑයෙ කැණ ඇති විවරය තුලින් එහි අභ්‍යන්තරයේ ගඩොල් ස්ථර පැහැදිලිව දැකිය හැක.

⚙️ [Google Ad 01 -SI]

සෑය පිහිටි ස්ථානයට බටහිරෙන් ඉපැරණි වැවක් දක්නට ලැබෙන අතර උතුරින් පස්කැපීම නිසා විනාශයට ගොස් ඇති ඉපැරණි ගොඩනැගිළි ඉදිකිරීම් කීපයක්ම වෙයි. ඒවා බොහෝ සෙයින් විනාශව ඇතිමුත් බටහිර දෙසට වන්නට පස්කපා ඉවත්කල ඉවුරු ප්‍රදේශ වල මුල් පස් ස්ථරය, එහි ඇති ගඩොල් බැමි වල ඉදිකිරීම්, වලං හෝ මැටි බඳුන්වල කොටස් සහිත පස් ස්ථරයක් පැහැදිලිව හඳුනාගත හැක. එසේම එම ස්ථානයේ පැවති ගොඩනැගිලි වලට අයත් අත්තිවාරම් හෝ බැමිවලට අයත් යැයි සිතිය හැකි ගඩොල් ස්ථර 4-5 ක් මෙහිදී පැහැදිළිවම නිරීක්ෂණය කල හැක. එසේම එම ස්ථානයේ මුල් ඉදිකිරීම් වලට අයත් ශිලා කුළුණු ආදියද පවතී. මීට අමතරව පස් කැපීමේදී විතැන්ව ඇති හතරැස් කුඩුම්බි සහිත විශාල පාදම් ගල් දෙකක් ද මෙහිදී හමුවෙයි.

චෛත්‍ය සහිත ගල් තලාවේ බටහිර බෑවුමේ කි.ව. 4-5 සියවස් වලට අයත් සෙල් ලිපියක් වෙයි. ඒ අසලම කෝව නිර්මාණය කල ස්ථාන දෙකක් ද වන මුත් ඒවා විනාශකිරීමට උත්සහ දරා ඇති බව පෙනේ. පර්වත ලිපියට පහලින් ඇති ප්‍රදේශය වර්ෂා සමයේ වගුරක් ආකාරයට පවතින අතිර මෙය බොහෝ විට එකල විහාරයට ජලපහසුව සැපයූ පොකුණ වන්නට ඉඩ තිබේ.

සම්බන්ධ වෙනත් පිටු

ලිංගපුරම් බෞද්ධ ණටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

ත්‍රිකුණාමලය ලිංගපුරම් බෞද්ධ ණටබුන් රියදුරු දිශාවන්

කන්තලේ සිට ලිංගපුරම් බෞද්ධ ණටබුන් දක්වා
හරහා : සූරියපුර
මුළු දුර : කිලෝමීටර් 42
ගතවන කාලය : පැය 1 ක්  පමණ + වනයේ ගමන
ගත කිරිය යුතු කාලය : විනාඩි 30-45  පමණ 
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply