සේරුවිල නීලපොල ගල්වල පුරාවිද්‍යා ස්ථානය – Seruvila Neelapola Galwala Archaeology Site
ත්‍රිකුණාමළය දිස්ත්‍රික්කයේ, සේරුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, 217/බී නීලපොල ග්‍රාමසේවා වසමේ නීලපොල ගමෙහි ගල්වල නම් ස්ථානයේ මෙම නටඹුන් වූ සෑය පිහිටා ඇත. මෙම ස්ථානයට ඉදිරිපසින් පුදගලික් ඉඩමක් පිහිටා ඇත. කන්තලේ සේරුනුවර මාර්ගයේ කල්ලාර් හන්දියෙන් දෙහිවත්ත හරහා වැටී ඇති මාර්ගයේ නීලපොල දක්වා පැමිණ බෝගස් හන්දියෙන් වම් අතට මද දුරක් ගොස් දකුණු දෙසට හැරී නැවතත් මද දුරකින් දකුණු පසට ඇති මාර්ගයේ මීටර 150 ක් පමණ ගමන් කළ විට මෙම ස්ථානය හමුවෙයි.
අවට පිහිටි ගල්වලවල් හා නිධන් හෑරීම් නිසා මේවනවිට මෙම සෑය පස් ගොඩැල්ලක් බවට පත්ව ඇත. මෙම සෑයට අයත් ගඩොළු එම ස්ථානය අවට විසිර පවතී. එසේම මැටි භාන්ඩ හා උළුකැට අවශේෂද එම ස්ථානය අවට බෝහෝ විසිර පවති. ඊට ආසන්නයේම පඳුරු සහිත වනයෙන් වැසුන භූමියෙහි ගොඩ්නැගිළි ඉදිකිරීම් වලට අයත් ශිලා කුළුණු ද පවතී. සමස්ථයක් වශයෙන් ගත්කළ මෙම සෑයේ ඉදිකිරීම් අනුරාධපුර මුල් යුගයේ සිදුකෙරෙන්නට ඇත.
වර්ථමානය වනවිට මෙම ස්ථානය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙසට පුරාවිද්‍යා දේපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇත.
සම්බන්ධ වෙනත් පිටු
සේරුවිල නීලපොල ගල්වල පුරාවිද්‍යා ස්ථානය සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
සේරුවිල නීලපොල ගල්වල පුරාවිද්‍යා ස්ථානය රියදුරු දිශාවන්
ත්‍රිකුණාමලය සිට සේරුවිල නීලපොල ගල්වල පුරාවිද්‍යා ස්ථානය දක්වා |
හරහා : කින්නියා – මුතූර් මුළු දුර : කිලෝමීටර් 47 ගතවන කාලය :පැය 1.15 ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |