

ත්‍රිකුණාමළය දිස්ත්‍රික්කයේ, සේරුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, 217/බී නීලපොල ග්‍රාමසේවා වසමේ නීලපොල ගමෙහි ගල්වල නම් ස්ථානයේ මෙම නටඹුන් වූ සෑය පිහිටා ඇත. මෙම ස්ථානයට ඉදිරිපසින් පුදගලික් ඉඩමක් පිහිටා ඇත. කන්තලේ සේරුනුවර මාර්ගයේ කල්ලාර් හන්දියෙන් දෙහිවත්ත හරහා වැටී ඇති මාර්ගයේ නීලපොල දක්වා පැමිණ බෝගස් හන්දියෙන් වම් අතට මද දුරක් ගොස් දකුණු දෙසට හැරී නැවතත් මද දුරකින් දකුණු පසට ඇති මාර්ගයේ මීටර 150 ක් පමණ ගමන් කළ විට මෙම ස්ථානය හමුවෙයි.
අවට පිහිටි ගල්වලවල් හා නිධන් හෑරීම් නිසා මේවනවිට මෙම සෑය පස් ගොඩැල්ලක් බවට පත්ව ඇත. මෙම සෑයට අයත් ගඩොළු එම ස්ථානය අවට විසිර පවතී. එසේම මැටි භාන්ඩ හා උළුකැට අවශේෂද එම ස්ථානය අවට බෝහෝ විසිර පවති. ඊට ආසන්නයේම පඳුරු සහිත වනයෙන් වැසුන භූමියෙහි ගොඩ්නැගිළි ඉදිකිරීම් වලට අයත් ශිලා කුළුණු ද පවතී. සමස්ථයක් වශයෙන් ගත්කළ මෙම සෑයේ ඉදිකිරීම් අනුරාධපුර මුල් යුගයේ සිදුකෙරෙන්නට ඇත.
වර්ථමානය වනවිට මෙම ස්ථානය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙසට පුරාවිද්‍යා දේපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇත.
සම්බන්ධ වෙනත් පිටු
සේරුවාවිල නීලපොල ගල්වල පුරාවිද්‍යා ස්ථානය සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
සේරුවාවිල නීලපොල ගල්වල පුරාවිද්‍යා ස්ථානය රියදුරු දිශාවන්
| ත්‍රිකුණාමලය සිට සේරුවාවිල නීලපොල ගල්වල පුරාවිද්‍යා ස්ථානය දක්වා |
| හරහා : කින්නියා – මුතූර් මුළු දුර : කිලෝමීටර් 47 ගතවන කාලය :පැය 1.15 ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (301) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)
z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (41) අනුරාධපුර රාජධානිය (4) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (38) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)



