සිරිමංගලපුර දෙමළයාපිටිය පුරාවිද්‍යා ස්ථානය

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (1 votes, average: 5.00 out of 5)
සිරිමංගලපුර දෙමළයාපිටිය පුරාවිද්‍යා ස්ථානය - Sirimangalapura Demalayapitiya Archaeological Site
සිරිමංගලපුර දෙමළයාපිටිය පුරාවිද්‍යා ස්ථානය – Sirimangalapura Demalayapitiya Archaeological Site
By Sandaruwan Hinnapitiya
By Sandaruwan Hinnapitiya

කන්තලේ සේරුනුවර මාර්ගයේ, සිරිමංගලපුර ගාමිණී විද්‍යාලය අසලින් දකුණතට දිවෙන මගෙහි කි.මී. 1.5 ක් පමණ ගිය විට මුක්කු බන්ට් නමින් හැඳින්වෙන මාර්ගය හමුවෙයි. එතැණ්සිට බස්නාහිර දෙසට වනය තුලට පිවිස කැලෑව තුල අතුරුමගක කි.මී. 1.5 ක් පමණ පැමිණි විට මෙම ස්ථානයට පැමිනිය හැක. සේරුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 217/ජී සිරිමංගලපුර ග්‍රාමසේවා වසමට අයත්ව මවිල් ආරු වැව් රක්ෂිත කොටසේ මෙම ස්ථානය පිහිටා ඇත.

තරමක් උස් ගොඩල්ලක් ලෙස පවත්නා නිධන් හොරුන් විසින් හාරා විනාශකොට ඇති විශාල සෑයක නටඹුන් මෙම ස්ථානයෙන් හමුවෙයි. මෙහි වට ප්‍රමාණය යනාදිය නිශ්චිතව සඳහන් කළ නොහැක. මෙම ස්ථානයේ චෛත්‍ය ආසන්නවම වන්නට ගොඩනැගිළි කීපයකට අයත් ගල් කණු හඳුනාගත හැක. චෛත්‍ය මධ්‍යයේ මීටර 2.5 ක් පමණ යටට නිධන් හොරුන් විසින් හාරන ලද වලක් වෙයි. එහි ඉවුරු ලෙස සෑයට අයත් ගඩොල් සහිත ඉවුරු හඳුනාගත හැක.

⚙️ [Google Ad 01 -SI]

තවමත් මුල් තත්වයෙන්ම සිරස්ව පවත්නා ගල්කණු දෙස බැලීමේදී පැහැදිළිව ගොඩනැගිලි 2 ක් හඳුනා ගත හැකි වෙයි. මෙයට අමතරව තවත් පාදම් ගල්, ශිලාමය පුවරු, විශාල මැටි බරණි ආදිය හා චෛත්‍යයට අයත් ගඩොල් හා බොරදම් වල අවශේෂ මෙම ස්ථානය පුරාම විසිරී පවතී.

විශාල වෘක්ෂලතා සහිත වියනක් ආකාරයට මෙම ප්‍රදේශය ආවරණය ව පවතින අතර වන සතුන් ගෙන ගහන ප්‍රදේශයකි. වර්ථමානය වන විට මෙම නටඹුන් පිහිටි ස්ථානය පුරා විද්‍යා ස්මාරකයක් ලෙසට නම් කොට ඇත.

සම්බන්ධ වෙනත් පිටු

සිරිමංගලපුර දෙමළයාපිටිය පුරාවිද්‍යා ස්ථානය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

සිරිමංගලපුර දෙමළයාපිටිය පුරාවිද්‍යා ස්ථානය රියදුරු දිශාවන්

ත්‍රිකුණාමලය සිට සිරිමංගලපුර දෙමළයාපිටිය පුරාවිද්‍යා ස්ථානය දක්වා
හරහා : කින්නියා – මුතූර් – සේරුනුවර
මුළු දුර : කිලෝමීටර් 55
ගතවන කාලය :පැය  1.30
ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply