Kurundu Oya Ella Falls (Maturata Ella) - කුරුඳු ඔය ඇල්ල (මතුරට ඇල්ල)

පතුලේ සිට මුදුන නොපෙනෙන කුරුඳු ඔය ඇල්ල

කුරුඳු ඔය දිය ඇල්ලේ උස මීටර් 189කි. අඩි 676 කි. කුරුඳු ඔය දිය ඇල්ල පිළිබඳ තොරතුරු ඉතාමත් අප්‍රකටය. එය තිබෙන්නේ කොහේද කියාවත් දන්නා අය ඇත්තේ අතළොස්සකි.

Read More
About - Padaviya Tank

පදවිය වැව හා පුවරු සෙල්ලිපිය

පදවිය වැව (වැව) අනුරාධපුර රාජධානි සමයේ ඉදිකරන ලද විශාලතම වැව් වලින් එකක් වන අතර ක්‍රි.පූ. 2 වන හෝ 3 වන සියවසේදී ඉදිකරන ලදැයි සැලකේ. ආණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි වෝඩ් (1797-1860) එය “ඉදිකොට ඇති දැවැන්තම නිර්මාණයක්” ලෙස විස්තර කළ අතර “එය ඉදිකිරීම සඳහා මිනිසුන් මිලියන ගණනක් වසර 10-15 ක් පමණ කාලයක් ගතකොට කොට තිබිය යුතුයි” යැයි ගණන් බලා තිබේ.

Read More
Gomarankawala Rangiri Ulpotha Hot Springs

ගෝමරංකඩවල රංගිරි උල්පත උනුදිය ළිං (රන්කිහිරිය උල්පත)

ගෝමරන්කඩවල තිබෙන්නේ ත්‍රිකුණාමලයට කිලෝමීටර 35කට නුදුරින්, අනුරාධපුර – ත්‍රිකුණාමල මාර්ගයෙන් හැරී යන්න ඕන. ත්‍රිකුණාමලයෙන් යනවානම් හොරොව්පතාන පාරේ කණ්නියා, පාන්කුලම පසු කර කම්බාකෝට්ටේ ප්‍රදේශයෙන් ගෝමරන්කඩවල දෙසට තිබෙන මාර්ගයට (දකුණට) හැරෙන්න ඕන.

Read More
යාන් ඔය නිම්නයේ සැඟවුණු කොක්එබේ මෙගලිතික සුසාන භූමිය - Kokebe Megalithic Burial Grounds in Yan Oya Valley

යාන් ඔය නිම්නයේ සැඟවුණු කොක්එබේ මෙගලිතික සුසාන භූමිය

කොක්එබේ අනුරාධපුර දිස්ත්රික්කයේ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ දුෂ්කර ගම්මානයකි. කෝන්වැව කොක්එබේ ගම්මානයට ඇති ආසන්නම ගම්මානය වේ.

Read More
A Blue Whale diving in the waters off Sri Lanka

ශ්‍රී ලංකාවේ තල්මසුන් නැරඹුම් ස්ථාන

ලෝකය වෙනත් තල්මසුන් සංගණනය කරද්දී ශ්‍රී ලංකාව වටා තල්මසුන්ගේ කුඩා ජනගහනයක් වසර 30 ක් පැවති ත්‍රස්තවාදී යුද්ධය හේතුවෙන් කිසිවෙකුට නොදැනී සහ පාලනයකින් තොරව වර්ධනය වෙමින් පැවතුනි. 2009 යුද්ධය අවසන් වීමෙන් පසු ලංකාව වටා ස්ථාන 3 ක් නිල් තල්මසුන්, ඔක්රා තල්මසුන් (මිනීමරු තල්මසුන්), ස්පර්ම් වේල් තල්මසුන්, නියමු තල්මසුන්, මෝරා තල්මසුන් සහ ඩොල්ෆින් රංචු විශාල ලෙස සොයා ගන්නා ලදී.

Read More
Ruins of Ancient Kailabe Monastery in Vavuniya - වවුනියාව වන මද සැඟවුණු කයිලබේ ආරාම නටබුන්

වවුනියාව වන මැද සැඟවුණු කයිලබේ ආරාම නටබුන්

කයිලබේ සංඝාරාම සංකීර්ණය අක්කර 10කට වැඩි භූමි ප්‍රමාණයක විසිරී ඇති අනුරාධපුර රාජධානි යුගයට අයත්යයි සැළකෙන අතිශය වැදගත් භූමි ප්‍රදේශයකි. මෙහි ස්තූප ගොඩැල්ල සහ තවත් ගොඩනැගිලි/ගොඩැලි 15කට අධික සංඛ්‍යාවක් හා පොකුණු 2ක් හඳුනා ගත හැක.

Read More
Ancient Niloluwa Bridge over Gurugoda Oya in Mabopitiya - මාබෝපිටිය ගුරුගොඩ ඔය හරහා පුරාණ නිල්ඔලුව දේදුණු පාළම

මාබෝපිටිය ගුරුගොඩ ඔය හරහා පුරාණ නිල්ඔලුව දේදුණු පාළම

1897 දී ඊ. සී. ඩේවිස් නම් බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු විසින් ගුරුගොඩ ඔය හරහා පුරාණ නිල්ඔලුව දේදුණු පාළම රජයේ කර්මාන්ත ශාලාවේ ඉදිකර ඇත. මොහු මෙම කාලය තුළ ශ්‍රී ලංකාවේ පාලම් ගණනක් ඉදිකිරීමට දායක වූ ඉංජිනේරුවරුවෙකි.

Read More
Thalaguruhela Monastic Ruins inside the Yala National Park - යාල තුළ සැඟවුණු තලගුරුහෙල විහාර සංකීර්ණයේ නටබුන්

යාල තුළ සැඟවුණු තලගුරුහෙල විහාර සංකීර්ණයේ නටබුන්

මීට වසර 100 කට පමණ පෙර 1920 දී බ්‍රිතාන්‍ය ලංකාවේ බ්‍රිතාන්‍ය මිනින්දෝරු ඒකකයක් විසින් “තලගුරුහෙල නටබුන්” මුලින්ම වාර්තා කොට ඇති අතර එය “අඟල් 1: සැතපුම් 1” සිතියමෙහි සලකුණු කොට තිබේ.

Read More
Kiripokunahela Monastic Ruins inside the Yala National Park - යාල තුළ සැඟවුණු කිරිපොකුණහෙළ බෞද්ධ නටබුන්

කුමණ තුළ සැඟවුණු කිරිපොකුණහෙළ බෞද්ධ නටබුන්

කිරිපොකුණ කෙම දක්වා දුෂ්කර ධාවන පථය තවමත් පවතින අතර කිරිපොකුණහෙළට අලි කොටි ගහන වනාන්තරය හරහා කිලෝමීටර 1.5 ක දුරක් පයින් ගමන් කල යුතුය. කිරිපොකුණ කෙම ගල්තලාවක් ඔස්සේ දිගේ මීටර් 4 ක් පමණ දිගින් යුත් ඔරුවක හැඩැති ස්වාභාවික පොකුණකි.

Read More
A 1695 map of Portuguese fort at Arandora from the Dutch National Archives

අරන්දොර පෘතුගීසි බලකොටුව

අරන්දොර බළකොටුව මැණික්කඩවර ප්‍රධාන බලකොටුවේ මූලික කඳවුරක් ලෙස භාවිතාවූ පෘතුගීසි බලකොටුවකි. මෙම බලකොටුවේ මූලෝපායික පිහිටීම වටහා ගත් ලන්දේසීන් 1666 දී මහනුවර IIවන රාජසිංහ රජුගේ කැමැත්තට එරෙහිව බලකොටුවක් ස්ථාපනය කරන ලදි.

Read More
17th century map of Portuguese fort at Menikkadawara identified as Tontotte Fort, According to research this fort was situated near Thunthota in Thummodara on Raja Mawatha from Gampola to Kelaniya from the Dutch National Archives (www.nationaalarchief.nl/)

හොලම්බුව තුන්තොට පෘතුගීසි බලකොටුව

හොලොම්බුව බලකොටුව ශ්‍රී ලංකාවේ ඉදිකර ඇති එකම පැති හතරේ තරු හැඩයේ බලකොටුවයි. මෙම බලකොටුව යුරෝපීය හා ශ්‍රී ලාංකික සම්ප්‍රදායන් සංකලනයකින් ගොඩනැගී ඇත. සාමාන්‍යයෙන් බලකොටුවේ කොන් වල ඇති මුර අට්ටාල වෙනුවට මෙහි ඇතිතේ සතරැස් බැම්ම මද්‍යයේය.

Read More
A 1693 map of Portuguese fort at Point Pedro from the Dutch National Archives

යාපනය පේදුරු තුඩුව බලකොටුව

1672 දී ලන්දේසි පුජකවරයෙකු වූ බැල්ඩියස් මෙම පේදුරු තුඩුව නගරය, වරාය සහ පල්ලිය පිළිබඳ කෙටි විස්තරයක් සපයයි. මෙම ප්‍රදේශය කපු ගසින් පොහොසත් වූ අතර කපු අස්වැන්න සඳහා ප්‍රසිද්ධියක් උසුලා ඇත. මෙහි බලකොටුවක් ඉදිකර ඇත්තේ කෙටි කලකට පෙර මෙම ප්‍රදේශයේ බ්‍රිතාන්‍යයන් සමඟ ඇති වූ ගැටුම් වලදී ය.

Read More
PLATE V : Fragments of Large Buddha at Kantarodai

යාපනය පුන්කුඩුතිව් දුපතේ තිකාලි බෞද්ධ නටබුන්

යාපනය පුන්කුඩුතිව් දුපතේ තිකාලි ඉපැරණි මැටි බඳුන් කැබැලි සහිත ප්‍රදේශයක තිබී හුණුගලින් නිමැවුණු බුදුන්ගේ ක්වන්දයක් ආචාර්ය පොන්නම්පලම් රගුපති විසින් 1987 දී “යාපනයේ මුල් ජනාවාස: පුරාවිද්‍යා සමීක්ෂණයක්” ලෙස ප්‍රකාශයට පත් කරනලද ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනහි ඇතුලත් වේ. මෙම ස්ථානයේ හෝ ආචාර්ය පොන්නම්පලම් විසින් සොයා ගන්නා ලද ක්වන්ධයේ කිසිදු ඡායාරූපයක් හමු නොවේ.

Read More
Kumpuruppitti, Cölavattai, Nittil, Avarantalä : Velanai Island Sites map from Early settlements in Jaffna : An Archaeological Survey

යාපනය කයිට්ස් දුපතේ වේලානායිහි කුම්පුරුපිට්ටි බෞද්ධ නටබුන්

ආචාර්ය පොන්නම්පලම් රගුපති 1987 දී “යාපනයේ මුල් ජනාවාස: පුරාවිද්‍යා සමීක්ෂණයක්” ලෙස ප්‍රකාශයට පත් කල ඔහුගේ සිය ආචාර්ය උපාධි නිබන්ධනයේ යාපනයේ කයිට්ස් දුපතේ වේලානායි මංසන්දියට ඊසාන දෙසින් පිහිටි කුඹුරු අතර මුල් ජනාවාසවල සලකුණු සහිත සමීප ස්ථාන කිහිපයක් වාර්තා කරයි.

Read More
The Aiyanar Kovil at Pumpukar Colony, Ariyalai East. The present Kovil is built on an ancient archaeological site abounds with potsherds and other artifacts from Early settlements in Jaffna : An Archaeological Survey

යාපනය නැගෙනහිර අරියාලෙයි පුම්පුකාර් පුරාවිද්‍යා ස්ථානය

අරියාලෙයි යනු යාපනය සහ ප්‍රධාන භූමිය අතර පිහිටා ඇති යාපනය අර්ධද්වීපයේ සිට මුහුදට විහිදෙන වැලි පරයකි. අරියාලෙයි හි මෙම වැලි තීරුව අර්ධද්වීපයේ සන්නිවේදන පද්ධතියට උපායමාර්ගිකව වැදගත් වේ.

Read More
Map of early settlement sites on the Manniththalai Sand Bar from Early settlements in Jaffna : An Archaeological Survey

මන්නිතලෙයි වැලි පරයේ පුරාණ ජනාවාස හා පුරාවිද්‍යා ස්ථාන

මන්නිතලෙයි යනු යාපනය අර්ධද්වීපයට මදක් පහළින් පිහිටි ප්‍රධාන භූමියේ සිට මුහුදට විහිදෙන වැලි පරයකි. තවත් වැලි පරයක් වන අරියලායි, යාපනය අර්ධද්වීපයේ යටින් මන්නිතලෙයි හා සමාන්තරව පවතී. මන්නිතලෙයි භූමියේ පැති 3 ක් ආවරණය වන පරිදි කිලෝමීටර් 45 ක වෙරළ තීරයක්පවතී.

Read More
kalapoomy Megalithic Burial Ground area

යාපනය කරතිවු දුපතේ වේරප්පිට්ටි පුරාවිද්‍යා ස්ථානය

ආචාර්ය පොන්නම්පලම් රගුපති 1987 දී “යාපනයේ මුල් ජනාවාස: පුරාවිද්‍යා සමීක්ෂණයක්” ලෙස ප්‍රකාශයට පත් කල ඔහුගේ සිය ආචාර්ය උපාධි නිබන්ධනයේ කරෙයිනගර්හි බටහිර වෙරළ තීරයේ පිහිටි වේරපිට්ටි හි පුරාවිද්‍යාත්මකව වැදගත් ස්ථානයක් වාර්තා කරයි. මෙම ප්‍රදේශය කියුරියන්පිට්ටි හෝ එලුමිකන්කන්රටි ලෙසද හැඳින්වේ.

Read More
Manthuvil Ancient Kalvalai Fort Ruins in Jaffna - යාපනය මාන්තුවිල් කල්වලායි පුරාණ බලකොටුව පුරාවිද්‍යා නටබුන්

යාපනය මාන්තුවිල් කල්වලායි පුරාණ බලකොටුව පුරාවිද්‍යා නටබුන්

මාන්තුවිල්හි පිහිටා ඇති මෙම පුරාවිද්‍යා ස්ථානය යාපනය සහ පේදුරු තුඩුව පිහිටා ඇති අතර එය යාපනයේ සිට කි.මී. 10ක් ද පේදුරු තුඩුවේ සිට කි.මී. 12 ක් දුරින්ද පිහිටයි. මෙම ස්ථානයේ නටබුන් පිළිබඳව 1922 දී මිෂනාරිවරයෙකු එස්. ඥාන ප්‍රකාසර් සඳහන් කර ඇති අතර 1982/84 දී පී. රගුපති මහතා විසින් ගවේශනය කොට ඇත.

Read More
Verakkadu Buddhist Ruins in Jaffna - යාපනය වේරක්කඩු බෞද්ධ පුරාවිද්‍යා නටබුන්

යාපනය වේරක්කඩු බෞද්ධ පුරාවිද්‍යා නටබුන්

වසර 1922 දී යාපනයේ සේවයකල මිෂනාරිවරයෙකු වූ එස්. ඥාන ප්‍රකාසර් පියතුමා යාපනයේ අර්ධද්වීපයේ ‘වේරක්-කඩු’ නම් ප්‍රදේශයේ බෞද්ධ ආරාමයක් වියහැකි නටබුන් වූ ස්ථානයක් පිළිබඳව සටහනක් තබා තිබේ.

Read More
Sankiliyatital Archaeological site in Jaffna - යාපනය සන්කිලියාතිදල් පුරාවිද්‍යා නටබුන්

යාපනය සංකිලියාතිදල් පුරාවිද්‍යා නටබුන්

වසර 1922 දී යාපනයේ සේවයකල මිෂනාරිවරයෙකු වූ එස්. ඥාන ප්‍රකාසර් පියතුමා යාපනයේ අර්ධද්වීපයේ කොඩිකාමම් – පේදුරු තුඩුව පාරේ සැතපුම් හතරහමාරක් පමණ දුරින් සංකිලියා-තිදල් (සංකිලියාතිදල්) නම් නටබුන් වූ ස්ථානයක් සටහන් කර තිබුණි. මෙහි නාමය හැරුණු විට ජනප්‍රවාදයක්වත් මේ සම්බන්ධයේ ඉතිරිව නැතත්, යාපනයේ ප්‍රාදේශීය රජෙකු වන සංකිලි සමඟ සම්බන්ධතාවයක් මෙහි තබිය යුතුවේ.

Read More