මාබෝපිටිය ගුරුගොඩ ඔය හරහා පුරාණ නිල්ඔලුව දේදුණු පාළම

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (9 votes, average: 3.44 out of 5)

ගුරුගොඩ ඔය හරහා ඇති දේදුණු පාළම මෙම යකඩ පාලම පිහිටා තිබෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාබොපිටියේ නිල්ඔලුව ගම්මානයේ ය. 1897 දී ඊ. සී. ඩේවිස් නම් බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු විසින් මෙම පාලම රජයේ කර්මාන්ත ශාලාවේ ඉදිකර ඇත. මොහු මෙම කාලය තුළ ශ්‍රී ලංකාවේ පාලම් ගණනක් ඉදිකිරීමට දායක වූ ඉංජිනේරුවරුවෙකි.

මෙම පාලම 2005 දී එය අලුත්වැඩියා කරන තෙක් නොසලකා හැර අබලන් වී තිබූ අතර සබරගමුව පළාත් සභාව විසින් LKR 500,000 ක් පමණ වැය කරමින් අලුත්වැඩියාව නිමකොට ඇත. මෙම පාලම උඩබෝගල, උඩෝවිට, කම්මෙල්ලවත්ත, නෙල්ලිගෝඩ සහ හික්ගොඩ වැනි දුර බැහැර ගම්මානවලට කෙටි මාර්ගයක් විය. කෙසේවෙතත්, අළුත්වැඩියා කිරීමේ ගුණාත්මක භාවය හේතුවෙන් 2012 වන විට පාලම නැවත භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්විය. වසර 125 ක් පැරණි මෙම පාලම ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර 2014 දී පමණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එය නැවත අලුත්වැඩියා කරන ලදී. දැනට මෙය හොඳ තත්ත්වයේ පවතී.

[Google Ad 01 -EN]

අවිස්සාවැල්ල හරහා ගමන් කරන ඔබටරුවන්වැල්ල, බුලත්කොහුපිටිය සහ අලවතුර හරහා මෙම යන ස්ථානයට කිලෝමීටර් 44 ක් ගමන් කළ යුතුය. කෑගල්ල හරහා ගමන් කරන ඔබ හෙට්ටිමුල්ල සහ හොරොන්තොට පසුකර බුලත්කොහුපිටිය මාර්ගයේ කි.මී. 13ක් ගමක් කල යුතුය. කුමන මාර්ගයේ පැමිණියද මාබොපිටිය දෙගල ඒරිය (B599) මාර්ගයේ මීටර් 500 ක් පමණ ගමන් ගත් කල පුරාවිද්‍යාදෙපාර්තුමේන්තුවේ කළු පැහැති පාලමේ පිහිටීම දක්වන දැන්වීම් පුවරුව දැකගත හැක.

සම්බන්ධ වෙනත් පිටු

ගුරුගොඩ ඔය හරහා පුරාණ නිල්ඔලුව දේදුණු පාළම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

ගුරුගොඩ ඔය හරහා පුරාණ නිල්ඔලුව දේදුණු පාළම ගමන් මාර්ගය

කෑගල්ල සිට ගුරුගොඩ ඔය හරහා පුරාණ නිල්ඔලුව දේදුණු පාළම දක්වා
හරහා : හෙට්ටිමුල්ල – හොරොන්තොට
මුළු දුර : කිලෝමීටර් 14
ගතවන කාලය :විනාඩි 30
ගත කිරිය යුතු කාලය : විනාඩි 15
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

Leave a Reply