ශ්‍රී ලංකාවේ තල්මසුන් නැරඹුම් ස්ථාන

photo licensed under CC BY-NC-ND 2.0 by michael bamford
මෙම පෘතුවි තලයේ බිහිවූ විශාලතම සත්වයා සහ පෘථිවියේ මෙතෙක් සිටි බරම සත්වයා වන නිල් තල්මසුන් ගැවසෙන නවතම නව උණුසුම් ස්ථානය බවට ශ්‍රී ලංකාව පත්ව ඇත.
19 වන ශතවර්ෂයේ මුල් භාගයේ දී නිල් තල්මසුන් සිය දහස් ගණනින් මරා දැමූ අතර 1966 දී ජාත්‍යන්තර ප්‍රජාව විසින් ආරක්‍ෂාව ලබා ගන්නා තුරු වඳවීමේ තර්ජනයට ඔවුන් පාත්‍ර වී තිබිණි. තල්මසුන් මැරීම ජනප්‍රිය වීමට පෙර ඔවුන්ගේ ජනගහනය 300,000 පමණ වන බව ගණන් බලා තිබු අතර තහනම හඳුන්වා දෙන විට තල්මසුන් 650-2000 ක් පමණක් ඉතිරී වී තිබිණි. තහනමෙන් පසු ගහන වර්ධනය ඉතා මන්දගාමී වූ අතර වසර 40 කට ආසන්න ආරෂිත කාලයකට පසු 2002 වාර්තාවක් 5000 – 12,000 අතර තල්මසුන්ගේ ලෝක ව්‍යාප්ත තක්සේරුවක් තක්සේරු කළේය. නිල් තල්මසා තවමත් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයක් ලෙස වර්ගීකරණය කර ඇත.
ලෝකය වෙනත් තල්මසුන් සංගණනය කරද්දී ශ්‍රී ලංකාව වටා තල්මසුන්ගේ කුඩා ජනගහනයක් වසර 30 ක් පැවති ත්‍රස්තවාදී යුද්ධය හේතුවෙන් කිසිවෙකුට නොදැනී සහ පාලනයකින් තොරව වර්ධනය වෙමින් පැවතුනි. 2009 යුද්ධය අවසන් වීමෙන් පසු ලංකාව වටා ස්ථාන 3 ක් නිල් තල්මසුන්, ඔක්රා තල්මසුන් (මිනීමරු තල්මසුන්), ස්පර්ම් වේල් තල්මසුන්, නියමු තල්මසුන්, මෝරා තල්මසුන් සහ ඩොල්ෆින් රංචු විශාල ලෙස සොයා ගන්නා ලදී.
ලංකාව වටා සිටින නිල් තල්මසුන්ගේ විශේෂත්වය නම් සමහර තල්මස් සමුහ වසර පුරාම එකම ප්‍රදේශයක ගැවසීම වන අතර ලොව පුරා බොහෝ තල්මසුන් වාර්ෂිකව කිලෝමීටර් දහස් ගණනක් ආහාර මූලාශ්‍ර සොයා සංක්‍රමණය වේ. එම නිසා තල්මසුන් වසර පුරාම ශ්‍රී ලංකාවේ දැකිය හැකි නමුත් සංක්‍රමණික තල්මසුන්ද මොවුන් සමග එකතු වී ගහණය උච්ච මාසද පවතී.
නිල් තල්මසුන් සඳහා ලෝක උණුසුම් ස්ථාන බවට පත් වී ඇති ප්‍රදේශ 3 ක් ශ්‍රී ලංකාවේ ඇති අතර වසරේ කාලය අනුව තල්මසෙකු දැකගැනීමේ සම්භාවිතාව 70% – 90% වේ.
ත්‍රිකුණාමලය
ත‍්‍රිකුණාමලයේ මුහුද 1980 දශකයේ සිටම තල්මසුන් ගහණය දන්නා නමුත් එහි වාණිජ ශක්‍යතාව 2009 – යුද්ධය අවසන් වන තුරු නොසලකන ලදී. අද ත්‍රිකුණාමලය වෙරළට ඔබ්බෙන් කුඩා බෝට්ටු කිහිපයක් ධාවනය වන අතර එය ඩොල්ෆින් මසුන් නැරඹීමට වඩාත් සුදුසු ය. දැනට තල්මසුන් නැරඹීම සඳහා ප්‍රමාණවත් පහසුකම් සහිත නැවක් ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පමණි. මෙම නැව සම්පූණයෙන් හෝ තනි තනිව වෙන් කරවා ගත හැකිය. නවතම පැකේජ සහ සංචාර කාලසටහන් whalewatching.navy.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.
ත්‍රිකුණාමලයේ තල්මසුන් නැරඹීමේ කාලය මැයි සිට අගෝස්තු දක්වා වන අතර තල්මසෙකු දැකගැනීමේ සම්භාවිතාව 80% වඩා වැඩිය. ඩොල්ෆින් මසුන් දැකගැනීමේ සම්භාවිතාව තවත් බෙහෙවින් වැඩි ය. තල්මසුන් සාමාන්‍යයෙන් හමු වන්නේ ත්‍රිකුණාමලයට නාවික සැතපුම් 6-8 ක් නැගෙනහිරින්, විනාඩි 30 ක පමණ ගමන් කාලයකදී ය. තල්මසුන් නැරඹීම සඳහා වෙරළේ හොඳම ස්ථානය කෝනේශ්වරම් කෝවිලේ ස්වාමි පර්වතයයි.

photo licensed under CC BY-NC-ND 2.0 by Gaurika Wijeratne
මිරිස්ස
මිරිස්ස නිල්, ස්පර්ම් හා මිනීමරු තල්මසුන් නැරඹීම සඳහා ලොව ප්‍රධාන ස්ථානයක් ලෙස සැලකේ. මෙය ලංකාවේ තල්මසුන් නැරඹීමේ ස්ථාන තුනෙන් වඩාත් ජනප්‍රිය ස්ථානයක් වී ඇත්තේ ප්‍රදේශයේ ඇති දර්ශනීය මුහුදු වෙරළ සහ වඩාත් සංවිධානාත්මක තල්මසුන් නැරඹීමේ යටිතල පහසුකම්ය. සංචාරක ගමනාන්තයක් ලෙස ක්‍රියාත්මක වීමට අවශ්‍ය අනෙකුත් යටිතල පහසුකම් සහ ක්‍රියාකාරකම් අනෙක් ස්ථාන 2 ට සාපේක්ෂව මිරිස්සේ වැඩි දියුණු කර ඇත.
මිරිස්ස සඳහා වන තල්මසුන් නැරඹීමේ කාලය නොවැම්බර් සිට අප්‍රේල් දක්වා කාලය වන අතර දෙසැම්බර් සිට අප්‍රේල් කාලයේ ඉහළ යයි. ඉහලම අවස්ථාවන්හි තල්මසෙකු දැකගැනීමේ සම්භාවිතාව 90% වඩා වැඩිය. සංචාරක බෝට්ටු සාමාන්‍යයෙන් පැය 3-6 අතර කාලයක් යාත්‍රා කරමින් විවිධ පැකේජ ලබා දෙයි. ක්‍රියාකරුගේ සිට ක්‍රියාකරුගේ දක්වා පිරිවැය සහ පහසුකම් ද වෙනස් වන බැවින් ලාභම ගමනට යාමට පෙර ඔබ යන බෝට්ටුවේ අවම ආරක්‍ෂාව තහවුරු කරගත යුතුයි.

photo licensed under CC BY-NC 2.0 by Dhammika Heenpella / The Images of Sri Lanka
කල්පිටිය
කල්පිටිය යනු තල්මසුන් නැරඹුම් ස්ථාන සිතියමට එකතු කර ඇති නවතම තල්මසුන් නැරඹීමේ ගමනාන්තයයි. කටුනායක ගුවන් තොටුපලේ සිට පැය 2 ක දුරක් ඇති අතර වඩාත් සාමකාමී වාතාවරණයක් මෙහි ඇත. තල්මසුන්ගේ ඝනත්වය මිරිස්සට වඩා අඩු වුවද, විශාල ඩොල්ෆින් සමුහ මෙහි දැකගත හැක.
කල්පිටියේ තල්මසුන් නැරඹීමේ කාලය මිරිස්සට සමාන වන අතර එය නොවැම්බර් සිට අප්‍රේල් දක්වා වන අතර දෙසැම්බර් සිට අප්‍රේල් කාලයේ ඉහළ යයි.
ආරක්ෂාව

photo licensed under CC BY-NC-ND 2.0 by Gaurika Wijeratne
තල්මසුන් නැරඹීමේ චාරිකා තවමත් නියාමනය නොකළ ව්‍යාපාරයකි. එම නිසා එක් එක් චාරිකා ක්‍රියාකරුවන් ඔවුනොවුන්ගේ කැමැත්තට ආරක්‍ෂිත ක්‍රම තීරණය කරයි. එසේම බෝට්ටුවල තත්ත්වයද වෙනස් විය හැකිය. එබැවින් තල්මසුන් නැරඹීමේ ගවේෂණයක් සැලසුම් කිරීමේදී පහත සඳහන් කරුණු මතක තබා ගන්න
- චාරිකා ක්‍රියාකරුව ප්‍රවේශමෙන් තෝරා ගන්න. බෝට්ටුව සහ ජීවිතාරක්‍ෂක උපකරණ ගැන ඔබ සතුටු වන බවට වග බලා ගන්න
- හොඳම නැරඹීම සඳහා කොහේ යා යුතුදැයි දන්නා පළපුරුදු ක්‍රියාකරුවෙකු තෝරා ගන්න
- තල්මසුන් සහ ඩොල්ෆින් යනු වන සතුන් ය. ඔවුන්ට අහාර නොදමන්න
- අවශ්‍යයට වඩා සමීප වීමට නියමුවා/නාවිකයා දිරිමත් නොකරන්න. ඔබ ගනුදෙනු කරන්නේ පෘථිවියේ සිටින විශාලතම සත්වයා සමඟ බව මතක තබා ගන්න.
සම්බන්ධ වෙනත් පිටු
- ශ්‍රී ලංකාවේ ආකර්ෂණ
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව
- ශ්‍රී ලංකාවේ දිය ඇලි
- ශ්‍රී ලංකාවේ වන ජීවී ආකර්ෂණ
- කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන
මිරිස්ස සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
මිරිස්ස ගමන් මාර්ගය
කොළඹ සිට මිරිස්ස දක්වා |
හරහා : දක්ෂිණ අධිවේගී මාර්ගය මුළු දුර : කිලෝමීටර් 11 ගතවන කාලය : විනාඩි 30 ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
ප්‍රතිචාරයක් ලබාදෙන්න