ගෝමරංකඩවල රංගිරි උල්පත උනුදිය ළිං (රන්කිහිරිය උල්පත)

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (4 votes, average: 2.25 out of 5)

ශ්‍රී ලංකාවේ උණුදිය උල්පත් ඇති ප්‍රදේශ 9ක් පමණ සොයාගෙන තිබෙනවා.  මෙම උල්පත් බොහොමයක් ලංකාවේ උතුර හා නැගෙනහිර මායිම් වල තිබුණ බැවින් පසුගිය ත්‍රස්තවාදී කාලවල ජනයාට බලන්නට යන්න අවස්තාවක් ලැබුනේ නෑ. නමුත් ත්‍රස්තවාදය විනාශ කිරීමෙන් පසු සියලු ප්‍රදේශ වල තිබෙන උණුදිය උල්පත් අබට බලාගත හැකියි.

ගෝමරන්කඩවල තිබෙන්නේ ත්‍රිකුණාමලයට කිලෝමීටර 35කට නුදුරින්, අනුරාධපුර – ත්‍රිකුණාමල මාර්ගයෙන් හැරී යන්න ඕන. ත්‍රිකුණාමලයෙන්  යනවානම් හොරොව්පතාන පාරේ කණ්නියා, පාන්කුලම පසු කර කම්බාකෝට්ටේ ප්‍රදේශයෙන් ගෝමරන්කඩවල දෙසට තිබෙන මාර්ගයට (දකුණට) හැරෙන්න ඕන. මෙම මාර්ගයේ කිලෝමීටර 5ක් පමණ ගියවිට රංගිරි උල්පත රජමහා විහාරය හමුවෙනවා.

⚙️ [Google Ad 01 -EN]

මෙම පුරාණ පුජා භූමිය අසලමයි  ගෝමරන්කඩවල රංගිරි උල්පත උනුදිය ළිං තිබෙන්නේ. මෙහි ළිං 2ක් සදා ඇති අයුරු බලාගත හැකියි. මෙහි සාමන්‍ය උෂ්ණත්වයසෙල්සියස් අංශක 42ක් වනබව වාර්තා වී තිබෙනවා.

මෙම මාර්ගයේ දිගටම ගමන් කිරීමෙන් තිරියාය වටදාගේ දක්වා ගමන්කළ හැකියි. ලංකාවේ වාර්තාවන උණුදිය උල්පත් ලැයිස්තුව මෙතනින් බලන්න.

Rankihiriya / Ulpotha / Gomarankadawala Hot Spring
Rankihiriya / Ulpotha / Gomarankadawala Hot Spring


සම්බන්ධ වෙනත් පිටු

ගෝමරංකඩවල රංගිරි උල්පත උනුදිය ළිං (රන්කිහිරිය උල්පත) සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

ගෝමරංකඩවල රංගිරි උල්පත උනුදිය ළිං (රන්කිහිරිය උල්පත) ගමන් මාර්ගය

ත්‍රිකුණාමලය සිට ගෝමරංකඩවල රංගිරි උල්පත උනුදිය ළිං (රන්කිහිරිය උල්පත) දක්වා අනුරාධපුර සිට ගෝමරංකඩවල රංගිරි උල්පත උනුදිය ළිං (රන්කිහිරිය උල්පත) දක්වා
හරහා : අනුරාධපුර පාර – කම්බකොට්ටේ
මුළු දුර : කිලෝමීටර් 42
ගතවන කාලය : විනාඩි 60
ගත කිරිය යුතු කාලය : විනාඩි 30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
හරහා : හොරොව්පතාන
මුළු දුර : කිලෝමීටර් 83
ගතවන කාලය : විනාඩි 90
ගත කිරිය යුතු කාලය : විනාඩි 30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply