ගෝමරංකඩවල රංගිරි උල්පත උනුදිය ළිං (රන්කිහිරිය උල්පත)


ශ්‍රී ලංකාවේ උණුදිය උල්පත් ඇති ප්‍රදේශ 9ක් පමණ සොයාගෙන තිබෙනවා. මෙම උල්පත් බොහොමයක් ලංකාවේ උතුර හා නැගෙනහිර මායිම් වල තිබුණ බැවින් පසුගිය ත්‍රස්තවාදී කාලවල ජනයාට බලන්නට යන්න අවස්තාවක් ලැබුනේ නෑ. නමුත් ත්‍රස්තවාදය විනාශ කිරීමෙන් පසු සියලු ප්‍රදේශ වල තිබෙන උණුදිය උල්පත් අබට බලාගත හැකියි.
ගෝමරන්කඩවල තිබෙන්නේ ත්‍රිකුණාමලයට කිලෝමීටර 35කට නුදුරින්, අනුරාධපුර – ත්‍රිකුණාමල මාර්ගයෙන් හැරී යන්න ඕන. ත්‍රිකුණාමලයෙන් යනවානම් හොරොව්පතාන පාරේ කණ්නියා, පාන්කුලම පසු කර කම්බාකෝට්ටේ ප්‍රදේශයෙන් ගෝමරන්කඩවල දෙසට තිබෙන මාර්ගයට (දකුණට) හැරෙන්න ඕන. මෙම මාර්ගයේ කිලෝමීටර 5ක් පමණ ගියවිට රංගිරි උල්පත රජමහා විහාරය හමුවෙනවා.
මෙම පුරාණ පුජා භූමිය අසලමයි ගෝමරන්කඩවල රංගිරි උල්පත උනුදිය ළිං තිබෙන්නේ. මෙහි ළිං 2ක් සදා ඇති අයුරු බලාගත හැකියි. මෙහි සාමන්‍ය උෂ්ණත්වයසෙල්සියස් අංශක 42ක් වනබව වාර්තා වී තිබෙනවා.
මෙම මාර්ගයේ දිගටම ගමන් කිරීමෙන් තිරියාය වටදාගේ දක්වා ගමන්කළ හැකියි. ලංකාවේ වාර්තාවන උණුදිය උල්පත් ලැයිස්තුව මෙතනින් බලන්න.
සම්බන්ධ වෙනත් පිටු
- ශ්‍රී ලංකාවේ උණු දිය උල්පත්
- ශ්‍රී ලංකාවේ ආකර්ෂණ
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව
- ශ්‍රී ලංකාවේ දිය ඇලි
- ශ්‍රී ලංකාවේ වන ජීවී ආකර්ෂණ
- කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන
ගෝමරංකඩවල රංගිරි උල්පත උනුදිය ළිං (රන්කිහිරිය උල්පත) සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
ගෝමරංකඩවල රංගිරි උල්පත උනුදිය ළිං (රන්කිහිරිය උල්පත) ගමන් මාර්ගය
ත්‍රිකුණාමලය සිට ගෝමරංකඩවල රංගිරි උල්පත උනුදිය ළිං (රන්කිහිරිය උල්පත) දක්වා | අනුරාධපුර සිට ගෝමරංකඩවල රංගිරි උල්පත උනුදිය ළිං (රන්කිහිරිය උල්පත) දක්වා |
හරහා : අනුරාධපුර පාර – කම්බකොට්ටේ මුළු දුර : කිලෝමීටර් 42 ගතවන කාලය : විනාඩි 60 ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න | හරහා : හොරොව්පතාන මුළු දුර : කිලෝමීටර් 83 ගතවන කාලය : විනාඩි 90 ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
ප්‍රතිචාරයක් ලබාදෙන්න