කෝන්වැව බෝධිඅංගනාරාමය ටැම්පිට විහාරය
කෝන්වැව බෝධිඅංගනාරාමය ටැම්පිට විහාරය සෙන්ටිමීටර 43ක් උස් වූ ගල් කුළුණු 17ක් මත ගොඩනගා ඇත. මෙහි පිළිම ගෙය වටා ප්‍රදක්ෂිණා පථයක් දිව යයි. මෙය ඉදිරියෙන් මීටරයක් පළල වන අතර දෙපසින් සෙන්ටිමීටර 61ක්ද පිටුපසින් සෙන්ටිමීටර 58ක්ද පළල වේ. පිළිම ගෙයහි ප්‍රමාණය මීටර් 2.67×2.31 ක් වන අතර මුළු ගොඩනැගිල්ලේ ප්‍රමාණය මීටර් 4.75×3.91 කි
