මහනුවර දොඩන්වල අම්බලම - Dodanwala Ambalama, Kandy

මහනුවර දොඩන්වල අම්බලම

දොඩන්වල අම්බලම කුඩා සතරැස් අම්බලමක්. අඩි  2ක් පමණ උස ශෛලමය කණු පාදමක් මත සතරැස් කුළුණු 4ක් නංවා ඒමත තැබූ ලී බාල්ක 4ක් මත වහලය රඳවා තිබෙනවා.  වහලය පැති සතරක්. මුදුනේදී ආනතිය වැඩිකොට තිබෙනවා. ආනතිය වැඩි කොටසේ පමණක් පෙති උළු භාවිතා කොට තිබෙනවා. ආනතිය අඩු කොටසේ භාවිතා කර තිබෙන්නේ සිංහල උළුයි.

Read More
දාගැබ් හයක නටඹුන් සහිත විලංකුලම දිවුල්වැව රජමහා විහාරය - Vilankulama Divulwewa Rajamaha Viharaya Ruins

දාගැබ් හයක නටඹුන් සහිත විලංකුලම දිවුල්වැව රජමහා විහාරය

ත්‍රිකුණාමලය විලන්කුලම ප්‍රදේශයේ විලන්කුලම වැව අසල අද දිවුල්වැව රජමහා විහාරය ලෙසින් හඳුන්වන පුජාස්ථානය වටා ඇති වන ලැහැබේ නිදන් සොරුන්ගේ ග්‍රහණයට ලක්වූ ස්තූප හයක් ගරාවැටෙමින් පවතී.

Read More
ගරාවැටී ඇති මාතර වැල්ලමඩම ගණදෙවි අම්බලම ණටබුන් - Wellamadama Ganadevi Ambalama Ruins

මාතර වැල්ලමඩම ගණදෙවි අම්බලම ණටබුන්

රුහුණු විශ්වවිද්‍යාලය සිට දෙවිනුවර දක්වා ඇති වැල්ලබඩ මාර්ගය ඇති ඇති ප්‍රදේශය අදත් හඳුන්වන්නේ වැල්ලමඩම ලෙසයි. වර්තමානයේ වැල්ලමඩමේ ගණදෙවි කෝවිලේ ඇත්තේ ගණදෙවි අම්බලමේ කොටසක් පමණී. කොරල් ගල් හා පාෂාණ සංයෝගයකින් මෙහි බිත්ති සදා ඇත. තනි කාමරයකින් යුතු කුටියක් වන මෙම අම්බලමේ වහල 2013 දක්වා පමණ වනතෙක් පැවති බව පැවසේ. 

Read More
කුච්චවේලි වන මැද සැඟවුණු බඹරගල වන සෙනසුණේ පුරාවිද්‍යා නටබුන් - Archaeological Ruins at the Bambaragala Monastery

කුච්චවේලි වන මැද සැඟවුණු බඹරගල හා දෙබරගල වන සෙනසුන් පුරාවිද්‍යා නටබුන්

බඹරගල ස්වභාවධර්මයේ අපූර්ව නිපැයුමක්.  මෙම ගලතලාව මුදුනේ සිරස් අතට විශාල ගලක් පිහිටා තිබෙනවා. මෙම සිරස් ගලමත තවත් සිරස් ගලක් පිහිටා තිබෙනවා. මෙය එක්දිශාවකින්  බලනවිට ස්වභාධර්මය විසින් සැදූ බුදුන්ගේ හිටි පිළිමයක් මෙන් පෙනෙනවා. මෙම ගල්තලාවට මෙම නම වැටුනේ මෙහි අදත් දක්නට තිබෙන විශාල බඹර වද නිසා වෙන්නට පුළුවන්. 

Read More
පදවි ශ්‍රීපුර කිරිගරුඬ පිළිමය පුරාවිද්‍යා නටබුන් - Padavisripura Kirigarunda Pilimaya Archaeological Site

පදවි ශ්‍රීපුර කිරිගරුඬ පිළිමය පුරාවිද්‍යා නටබුන්

පදවි ශ්‍රීපුර  තිබෙන්නේ පදවියට කිලෝමීටර 13ක් පමණ උතුරින්. මෙම ප්‍රදේශය අනුරාධපුර රාජධානිය පැවතුන කාලයේ ශ්‍රී විභූතිය පෙන්වන නටබුන් තවමත් දැකගන්නට තිබෙනවා. කාගේවත් අවධානය යොමුනූ එක් ස්ථානයක් ඕලුගම වැව ආසන්නයේ තිබෙනවා. අවාසනාවකට මෙම ප්‍රදේශයම කුඹුරු වලින් වටවෙලා. ඉතා කුඩා ප්‍රදේශයයි නටබුන් ඉතිරිවෙලා තියෙන්නේ.

Read More
ආනමඩුව හළඹේ ටැම්පිට රජමහා විහාරය - Anamaduwa Halambe Tampita Rajamaha Viharaya

ආනමඩුව හළඹේ ටැම්පිට රජමහා විහාරය

හලඹේ ටැම්පිට විහාරය මෙම වර්ගයේ විහාර අතුරින් විශේවත්වයක් ගනී.  මෙහි ඇති ගල්ටැම් අඩි 5ක්  පමණ උසය. එමනිසා මෙම ටැම්පිට විහාරය දෙමහල් ගොඩනැගිල්ලක දෙවන මහළ  වන පරිදි මෙම ගොඩනැගිල්ල නිර්මාණය කර ඇත.  මෙම විහාරය සඳහා භාවිතා කරන ලද ගල්කණු නටබුන් වූ නොයෙක් පුරාණ  විහාර ගොඩනැගිලි ස්ථානයන්ගෙන් එක්කොට ඇති බව පෙනේ.  මෙහි ඇති ගල්කණු බොහොමයක් එකිනෙකට වෙනස්ය.

Read More
කළුගඟ හරහා කළුතර බලකොටුව දිස්වන අයුරු. දිය සායමක්. වසර නොදනී.

පුරාණ කළුතර බලකොටුව

කළුතර බලකොටුව 1622 දී පෘතුගීසීන් විසින් ඉදිකලේ පුරාණ  ගංගාතිලක විහාර භූම්යේය. පසුව එය සීතාවාකා රාජධානියේ මායාදුන්න රජු විසින් පෘතුගීසීන්ගෙන් අල්ලා ගන්නා ලදී. මෙම සටන මෙහෙයවනු ලැබුවේ ඔහුගේ පුත් ටිකිරි රජ්ජුරු බණ්ඩාර (පසුව රාජසිංහ 1 රජු) විසිනි. පෘතුගීසීන් විසින් නැවත එය අත්පත් කර ගත් අතර වෙඩි තැබීමකින් තොරව 1655 දී ලන්දේසීන්ට භාර දෙන ලදී. පසුව එය ලන්දේසීන් විසින් බලකොටු දෙකක් එකතු කරමින් පුළුල් කරන ලදී.

Read More
The main stupa with 4 satellite stupa underneath a Kuludage structure. Underneath each satellite stupa is a small shrine room with a flower pedestals

ශ්‍රී ලංකාවේ හමුවන ස්තූපඝර : වටදාගේ, කුළුදාගේ හා චේතිය ලෙන් – Stupaghara (Chethiyaghara) of Sri Lanka

ස්තූපඝර (චේතියඝර) පැහැදිලි වර්ග තුනකට බෙදා දැක්විය හැකිය.මෙහි මුල් හා ප්‍රචලිත ප්‍රභේදය වටදාගෙයයි. වටදාගෙය ස්තුපය වටා වෘත්තාකාර ලෙස ගොඩනංවා තිබෙනවා. දෙවන ස්තූපඝර ප්‍රභේදය කුළුදාගෙයයි. කුළුදාගෙවල් බොහෝවිට සතරැස් ස්වරූපයක් ගන්නවා. තුන්වැන්න චේතිය ලෙන්ය.

Read More
තෙල්දෙණිය කරල්ලියද්ද අම්බලම

තෙල්දෙණිය කරල්ලියද්ද අම්බලම

අඩි  එකහමාරක් පමණ උස අත්තිවාරමක් ගලින් ගොඩනංවා එයමත උසින් අඩු ගල් 4ක් මත විශාල ලී කඳන් 4ක් මත කරල්ලියද්ද අම්බලම සාදා තිබෙන්නේ. හිඳ ගැනීමට ඇත්තේ මෙම ලී කඳන්මයි. අත්තිවාරම ඇතුලත පුරවා නැති බැවින් පාද සඳහා ඉඩ තිබෙනවා. 

Read More
ඩෙල්ෆ් දුපතේ තිබෙන බෞද්ධ නටබුන් අතර කුඩා ස්තුපයක නටබුන්

ඩෙල්ෆ් දුපතේ බෞද්ධ ස්තුප නටබුන්

ඩෙල්ෆ් දුපතේප්‍රධාන ස්තූපය වටා තවත් කුඩා පර4ක නටබුන් 1830 ගණන් වල තිබී ඇත. එවා සියල්ල ඝණ්ටාකාර හැඩයක් ගෙන ඇත. ඔහුට අනුව මෙහි  පරිවාර ස්තූප 6ක් මුලදී තිබී ඇත.  නැගෙනහිර හා බස්නාහිර දෙසින් සතරැස් වේදිකාවට ඇති පියගැට පෙළ දෙපස ස්තූප දෙක බැගින්ද  උතුරු හා දකුණු දිශාවෙන් ස්තූපය බැගින්ද සදා තිබී ඇත.

Read More
Stupa at the summit - Seelawathi Rajamaha Viharaya

සීලවතී රජමහා විහාරය

එකල මුල්කිරිගල භික්‍ෂූන්  හා  සීලවතී විහාරයේ  භික්‍ෂූන්  අයත් වී ඇත්තේ නිකාය දෙකකට. එමනිසා මෙම විහාර දෙක අතර නිරන්තරයෙන් ගට්ඨනයන්  ඇතිවී ඇත.  අවසානයේදී මෙම ගට්ඨනය නිසා වැඩිම බලපෑම ඇති වන්නේ සීලවතී විහාරයට. 

Read More
පදවිය දෙයියන්නේ කන්ද ලෙනක් තුල ඇති උඩුකය පිළිමය

පදවිය දෙයියන්නේ කන්ද පුරාවිද්‍යා නටබුන්

ක්‍රිව 3වන සියවසට අයත් පදවිය දෙයියන්නේ කන්ද පුරාවිද්‍යා නටබුන් පිලිබඳව සිදුකරන ලද ගවේෂණ ඉතා විරලය. නමුත් 1969දී එල්. ඒ. ආදිත්‍ය  විසින්  රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ සඟරාවේ ඔහු විසින් දෙයියන්නේ කන්ද පිලිබඳ කරනලද පර්යේෂණයක්  පිලිබඳ වැදගත්  ශාස්ත්‍රීය ලිපියක් පල කර ඇත.

Read More
Ruins of the ancient aramic complex this complex of Padaviya Deiyanne Kanda Archaeological Site

පදවිය මොරගොඩ පුරාවිද්‍යා නටබුන්

ක්‍රිව 3වන සියවසට අයත් පදවිය මොරගොඩ පුරාවිද්‍යා නටබුන් අතර තැනින් තැන මතුවී තිබෙන බැමි කොටස් මෙය ආදී කාලයේදී පවුරකින් වට කරන ලද නගරයක් බව පෙන්නුම් කරනවා. සමහරවිට මෙය මුල් අනුරාධපුරය, විජිතපුරය හෝ මුල් පොලොන්නරුව මෙන් කඳවුරු නගරයක් වීමට ඉඩ තිබෙනවා.

Read More
ගුරුගල්හින්න මෙගලිතික සුසාන භූමිය - Gurugalhinna Megalithic Burial Grounds

ගුරුගල්හින්න මෙගලිතික සුසාන භූමිය

1970 දශකයේ දී පුරාචිද්‍යා  දෙපාර්තුමේන්තුවේ රාජා දසිල්වා විසින් ගුරුගල්හින්න ආශි‍්‍රත ව කැණීම් සිදු කර තිබෙන අතර එම සුසානය විද්‍යාත්මක ලෙස කාලනීර්ණය කර නොමැත. නමුත් එහි තිබෙන පූවරුවට අනුව මෙම සුසාන භූමිය ක්‍රිස්තු පූර්ව 7 වන සියවස හා ක්‍රිස්තු වර්ෂ 3 වන සියවස අතර භාවිතා කර ඇති බව සඳහන් වේ. 

Read More
Balangoda Batahena Ella

බලංගොඩ බටහේන ඇල්ල (Balangoda Batahena Ella)

බටහේන ඇල්ලට ලඟා වීමට රත්නපුර වේවැල්වත්ත මාර්ගයේ බලංගොඩ ගුරුබාවිලගම වැල්ලගම හංදියෙන් දකුණු මාර්ගයේ කිලෝමීටර් 2ක් පමණ ගමන්කළ යුතුයි. මේ මාර්ගයේ අවසාන කොටස් ගූගල් සිතියමේ තාම ලකුණු වෙලා නෑ . නමුත් සැටලයිට් සිතියමෙන් සොයාගන්න පුළුවන්. 

Read More
Balangoda Beligallena Prehistoric Caves - බලංගොඩ බෙලිගල්ලෙන ප‍්‍රාග් ඓතිහාසික ලෙන

බලංගොඩ බෙලිගල්ලෙන ප‍්‍රාග් ඓතිහාසික ලෙන (Balangoda Beligallena Prehistoric Cave)

විසිවන ශතවර්ෂයේ මුල් කාලයේදී රජයේ ප‍්‍රධාන ඛනිජ සම්පත් පර්යේෂකයා වූ පාර්සන්ස් (Parsons) විසින් බඹරබොටුව ආසන්නයේ දික්මුකලාන තේ වත්තේ පිහිටි බෙලිගල්ලෙන ලෙන කැනීමට ලක්කොට අඩි 8ක් ගැඹුරින් මිනිස් සැකිලි කොටස් කීපයක් අනාවරණය කොට ගෙන තියනවා. එමෙන් ම ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික යුගයේ දි ශිලාමෙවලම් සඳහා මූලික වශයෙන් ක්වාට්ස් හා කහද පාෂාණ යොදාගෙන ඇති බව පෙන්වා දී තියනවා. 

Read More
නිධන් හොරුන්ගේ ග්‍රහනයට ලක්වූ තලගුණේ වෙහෙර

තලගුණේ වෙහෙර පුරාවිද්‍යා ස්ථානය (Thalagune Vehera Archaeological Site)

නවයාලතැන්න තියෙන්නේ කටුගස්තොටට ආසන්නයෙන්. මේ ප්‍රදේශයේ මහවැලි ගඟට කිලොමීටර දෙකකට පමණ නුදුරුන් තිබෙනවා විශාල උස්වූ ගල්තලාවක්. මේ ගල් තලාව උඩ තිබෙනවා ජනප්‍රවාද රැසකට මුල් වූ විශාල පෞරාණික ස්තුපයක්. මෙය හඳුන්වන්නේ තලගුණේ වෙහෙර නමින්. මේ ගල් තලාව ප්‍රදේශවාසීන් විසින් වෙහෙරගල නමින් හඳුන්වනවා. එම නිසා මෙම ස්තූපය වෙහෙරගල ස්තූපය නමින්ද හඳුන්වනවා.

Read More
Medawala Tampita Viharaya

මැදවල ටැම්පිට රජමහා විහාරය

ජනශ්‍රති අනුව මැදවල විහාරයේ ඉතිහාසය වට්ටගාමණී අභය රජුගේ (ක‍්‍රී.පූ. 103 කාලසීමාව දක්වා ගමන්කරයි. එතුමා මලය දේශයේ ගතකළ සමයේ මෙම විහාරස්ථානය ඉදිකළ බව දැක්වෙයි.

Read More