
source : Nagadipa and Buddhist Remains of Jaffna by P.E Pieris and D. Litt. in the “Journal of the Ceylon Branch of the Royal Asiatic Society of Great Britain & Ireland” Vol. 26, No. 70, Part I. (1917), Published by: Royal Asiatic Society of Sri Lanka (RASSL)
ආචාර්ය පොන්නම්පලම් රගුපති 1987 දී “යාපනයේ මුල් ජනාවාස: පුරාවිද්‍යා සමීක්ෂණයක්” ලෙස ප්‍රකාශයට පත් කල ඔහුගේ සිය ආචාර්ය උපාධි නිබන්ධනයේ යාපනයේ කයිට්ස් දුපතේ වේලානායි මංසන්දියට ඊසාන දෙසින් පිහිටි කුඹුරු අතර මුල් ජනාවාසවල සලකුණු සහිත සමීප ස්ථාන කිහිපයක් වාර්තා කරයි.
මෙම සංකීර්ණයේ ප්‍රධාන ස්ථානය වන්නේ කුඹුරුපිට්ටි ය. අක්කර 10-15 ක භූමි ප්‍රමාණයක විසිරී ඇති නටබුන් හා පුරාවස්තු ආචාර්ය රගුපති වාර්තා කරයි. ඔහු හුණුගල් පුවරු සහිත ස්තූපයකට සමාන කැටයම් කරන ලද කොරල් ගල් සහිත පස් කන්දක් මෙහි පවතින බව සටහන් කරයි. මෙම පස් කන්දෙහි එක් පැත්තක ඇලි කපන ලද ගල් විශාල ප්‍රමාණයක් දක්නට ලැබුණු අතර එහි පස් කැපීම නිසා පොකුණක් බවට පත්ව ඇත. අවට ඇති පුරාවස්තු වල සාන්ද්‍රණය හා විවිධත්වය මෙම ස්ථානයේ වැදගත්කමපෙන්වයි. මෙම ස්ථානයේ ඡායාරූප කිසිවක් ඉදිරිපත්කර නොමැත.
ඒ වටා ඇති නිට්ටිල්, කොලවට්ටායි සහ අවරන්තුල යන ස්ථානහි පැරණි මැටි වලං කැබලි හමු වී අතර අවරන්තුල පුරාවිද්‍යා ස්ථානයෙන් සඳුන් ආලේප සෑදීම සඳහා භාවිතා වූවායයි සැලකිය හැකි රවුම් අඹරන ගලක් සොයාගෙන ඇත.
මෙම වාර්තාව දැන් අවුරුදු 30 ඉක්මවා ඇති අතර වසර 30 කට වැඩි කාලයක් පැවති දෙමළ ත්‍රස්තවාදී යුද්ධයෙන් පසුව මෙහි නටබුන් සොයා ගත හැකිද යන්න සැක සහිතය. කෙසේ වෙතත් අදාළ බලධාරීන් මෙවන් ස්ථාන පිළිබඳව පර්යේෂණ කර අනාගත පරම්පරාවන් සඳහා ඕනෑම උරුමයක් ආරක්ෂා කිරීමට පියවර ගත යුතුය.
කුඹුරුපිට්ටි පුරාවිද්‍යා ස්ථානයේ පිහිටීම අක්ෂාංශ: 9°38’50.0″N සහ දේශාංශ: 79°53’55.0″E ලෙස දක්වා ඇත.

ආශ්‍රිත
- Ragupathy, P., 1987. Early settlements in Jaffna : An Archaeological Survey. 1st ed. Madras: Sudarsan Graphics.
සම්බන්ධ වෙනත් පිටු
කයිට්ස් දුපතේ වේලානායිහි කුම්පුරුපිට්ටි බෞද්ධ නටබුන් සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
කයිට්ස් දුපතේ වේලානායිහි කුම්පුරුපිට්ටි බෞද්ධ නටබුන් ගමන් මාර්ගය
| කොළඹ සිට යාපනය දක්වා (1 වන මාර්ගය) | කොළඹ සිට යාපනය දක්වා (1 වන මාර්ගය) |
| හරහා : කුරුණෑගල – දඹුල්ල – අනුරාධපුරය – වවුනියාව මුළු දුර : කිලෝමීටර් 400 km ගතවන කාලය : පැය 7-8 ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න | හරහා :පුත්තලම – සීලාවතුර -පූනරින් මුළු දුර : කිලෝමීටර් 365 ගතවන කාලය : පැය 7-8 ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
| යාපනය නගරයේ සිට කයිට්ස් දුපතේ වේලානායිහි කුම්පුරුපිට්ටි බෞද්ධ නටබුන් දක්වා |
| හරහා :කයිට්ස් මුළු දුර : කිලෝමීටර් 26 ගතවන කාලය : විනාඩි 45 ගත කිරිය යුතු කාලය : විනාඩි 30-45 අතර රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (301) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)
z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (41) අනුරාධපුර රාජධානිය (4) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (38) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)



(4 votes, average: 3.25 out of 5)