යාපනයේ මයිලඩ්ඩි පෘතුගීසි පල්ලියේ නටබුන්
මයිලිඩි යාපනය අර්ධද්වීපයේ උතුරු වෙරළ තීරයේ ධීවර ගම්මානයකි.මෙහි ධීවර බෝට්ටු සඳහා වෙන්වූ වරායක් තිබේ. 1971 ඡායාරූපයෙන් දැක්වෙන්නේ මෙම පල්ලිය නටබුන් වී ඇති බිත්ති පමණක් ඉතිරිව ඇති බවයි.
මයිලිඩි යාපනය අර්ධද්වීපයේ උතුරු වෙරළ තීරයේ ධීවර ගම්මානයකි.මෙහි ධීවර බෝට්ටු සඳහා වෙන්වූ වරායක් තිබේ. 1971 ඡායාරූපයෙන් දැක්වෙන්නේ මෙම පල්ලිය නටබුන් වී ඇති බිත්ති පමණක් ඉතිරිව ඇති බවයි.
මල්විල රජමහා විහාරය පුත්තලම් දිස්ත්‍රික්කයේ වනතාවිලුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කරඩිපුව (කරඩිපුවල්) ග්‍රාම නිලධරි කොට්ටාශයේ සාලියපුර හි පිහිටා ඇති අතර දුටුගැමුනු රජුගේ (ක්‍රි.පූ. 161-137) යුගය දක්වා දිව යයි.
උරුතිරපුරම් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ශිවනගර් ලෙස හැඳින්වෙන ප්‍රදේශයේ පවතී. 1956 දී උරුතිරපුරම් හි පැරණි වැවකට මාර්ගයක් කපන අතරතුර මෙම ස්ථූප ගොඩැල්ල හඳුනාගෙන ඇත. ඉන්පසුව පුරාවිද්‍යා කොමසාරිස් පී. ඊ. පී.දැරණියගල මහතා 1958 පුරාවිද්‍යා කොමසාරිස් වාර්තාවේ මෙම වෙබ් පුරාවිද්‍යා ස්ථානය පිළිබඳව ප්‍රකාශයට පත් කොට තිබේ.
දිවුල්වැව පුරාවිද්‍යා රක්ෂිතයේ සැඟවුණු ආකර්ෂණය වන්නේ අනුරාධපුරයේ සමාධි ප්‍රතිමාවේ අනුරුවක් සේ සදා ඇති ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාවයි. මෙම සමාධි ප්‍රතිමාව අනුරාධපුර ශෛලියට ඉතාමත් සමාන වන අතර හොඳින් සංරක්ෂණය වී තිබේ.
1979 වර්ෂය සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස්ගේ පරිපාලන වාර්තාවේ වව්නියාවේ නොච්චිමොට්ටායි හි පරංගි ආරු ආසන්නයේ අර්ධ වශයෙන් විනාශ වූ ස්තූපයක් සහ තවත් ගොඩනැගිල්ලක නටබුන් පිලිබඳ විස්තරක් ඇතුලත්කො ට ඇත.
කඩිකුලම් හි පුරාණ භූමිය වවුනියා-යාපනය මාර්ගයේ සැතපුම් 2 ක් පමණ ගමන් කර පසුව කඩිකුලම් වැව් කණ්ඩිය ඔස්සේ සැතපුම් 1½ ක් පමණ ගමන් කර නීතිඥයෙකුට දිගු කල්බදු පදනම යටතේ ලබා දී ඇති ඉඩමක පවතී.
මෙම සෙල්ලිපිය පිහිටා ඇත්තේ ගාලු පාර සහ කොළඹ-ගාල්ල දුම්රිය මාර්ගය අතර කළුතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුලය. මෙම සෙල්ලිපියේ අක්ෂර සහ විස්තරයෙන් එය 15 වන සියවසේ කෝට්ටේ රාජධානියට (1412–1597 A.D) අයත් බවකිව කිව හැක.
මෙහි ඇති නටබුන් අතර ශිලා ලේඛන හතක් සහ ස්තූප, ප්‍රතිමාගෘහ , බෝධිගර සහ බුද්ධ ප්‍රතිමා වල නටබුන්වූ කොටස් වාර්තා විය. මේ අතර කිරිගරුඬ බුදු පිළිමයක්ද හමුවී ඇත. එක් ලෙන් කටාරමක සෙල්ලිපියක්”බත ගිරි තිසහ ලෙනේ” යන්නෙහි අර්ථය “ආයුෂ්මත් ගිරිතිස්ස තෙරුන් වහන්සේගේ ලෙන” බව සඳහන් වේ.
ගෝමරන්කඩවල – තිරියාය මාර්ගයේ කිලෝමීටර 6.5ක් පමණ ගියවිට සුරුලුමහමුනියාව රජමහා විහාරයට ලඟා විය හැක. මෙය 18 වන ශතවර්ෂයේ ජනප්‍රිය විහාරස්ථානයක්ව තිබූ බව මෙම පුජා ස්ථානය පුරාන නම්පොතෙහි ඇතුලත් පවා ඇතුලත් වීමෙන් පෙනේ.
වලල ටැම්පිට විහාරය සෙන්ටිමීටර 48 ක් උස ගල් කණු 25 ක් මත ඉදිකර ඇත. විහාරයේ අභ්‍යන්තර කුටිය වටා ප්‍රදක්ෂිණා පථයක් ඉදිකර ඇත. මෙම පථයේ ඉදිරිපස සහ දෙපැත්ත සෙන්ටිමීටර 66 ක් පළල වන අතර පුද්ගලයෙකුට යෑමට එය යන්තම් ප්‍රමාණවත් වේ. කුටිය පිටුපස පථය ඊටත් වඩා කුඩා, පළල සෙන්ටිමීටර් 61කි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ දළදාගම (පාදෙණිය-ගල්ගමුව මාර්ගයේ) සිට කිලෝමීටර 9ක් දුරින් අතිදුෂ්කර වනගත ප්‍රදේශයක රත්ගල්ලේගම සීගිරි රජමහා විහාරය පිහිටා තිබේ. මෙහි ටැම්පිට විහාරය මීටර 2.13ක් උස් වූ ගල් කුළුණු 4ක් මත ගොඩනගා ඇත. මෙහි පිළිම ගෙය වටා ප්‍රදක්ෂිණා පථයක් දිව යයි.
කයිට්ස්හි ඇති බලකොටුව තනා ඇත්තේ පෘතුගිසීන් විසින්. ලන්දේසීන් යාපන ප්‍රදේශ 1658දී යටත්කර ගන්නා විටද කයිට්ස් බලකොටුව නටබුන්වී තිබුන බව දී ලන්දේසි දේවගැතියෙකු වන බැල්ඩියස් (Baldaeus) විසින් 1672දී පළකරන ලද ග්‍රන්ථයක සඳහන් කර ඇත.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ආසන්නයේ මොරගොල්ලාගම කඩවල පුරාණ විහාරය පිහිටා තිබේ. ටැම්පිට විහාරය සෙන්ටිමීටර 56ක් උස් වූ ගල් කුළුණු 8ක් මත ගොඩනගා ඇත. මෙහි පිළිම ගෙය වටා පටු ආලින්දයක් දිව යයි. මෙය ඉදිරියෙන් සෙන්ටිමීටර 109ක් පළල වන අතර දෙපසින් හා පිටුපසින් සෙන්ටිමීටර 28ක්ද පළල වේ.
මාස්පොත අම්බලම අලව්වේ සිට කිලෝමීටර 4.5ක් දුරින්ද නෙලුම්දෙනියේ සිට බෙලිගල මාර්ගයේ ගමන් ගන්නවානම් කිලෝමීටර 5.7ක් දුරින්ද පිහිටා ඇත. රමණීය කෙත්යායක් ආසනයේ පිහිටා ඇති මෙම අම්බලම කබොක් ගලින් හා බදාමයෙන් සාදා ඇත. අම්බලම පරිහරණය කරන්නන් සඳහා ඒ අසලම ලිඳක්ද පවතී.
වලවෙල අම්බලම තරමක විශාල සෘජුකෝනාශ්‍ර ගොඩනැගිල්ලක්. ඉදිරිපස තරමක් පළල ආලින්දයක් තබෙනවා. ආලින්දයේ මැදින් ගොඩනැගිල්ලට ඇතුලට පිවිසුම සදා තිබෙනවා. ආලින්දයේ සම්පූර්ණ දිගට හිඳ ගැනීමට පිළක් සාදා තිබෙනවා. අම්බලම තුලත් ඇතුලත බිත්තියේත් දිග අතට පිළක් තිබෙනවා. මෙහි වහලය පළ 2කට සාදා සිංහල උළු සෙවෙලි කර තිබෙනවා.
බලල්ල දිඹුල්ගිරි ටැම්පිට විහාරය සෙන්ටිමීටර 99ක් උස් වූ ගල් කුළුණු 16ක් මත ගොඩනගා ඇත. මෙහි පිළිම ගෙය වටා ප්‍රදක්ෂිණා පථයක් දිව යයි. මෙය සතර දිශාවෙන්ම මීටර 0.79 පළල වේ. පිළිම ගෙයහි ප්‍රමාණය මීටර් 4.14×2.71 ක් වන අතර මුළු ගොඩනැගිල්ලේ ප්‍රමාණය මීටර් 5.7×4.3 කි.
පූජාපිටිය නගරයේ සිට බොක්කාවල මාර්ගයේ මීටර 900ක් ගමන් ගත් විට කිලෝමීටර 7 කණුව ඉදිරිපිට දකුණ දෙසට පටු මාර්ගයක් හමුවේ. අම්බලම පිහිටන්නේ මෙම මංසන්ධියේ පටු මාර්ගයට මුහුණලාය.
මාකෙහෙල්වල අම්බලම ගඩොල් හා බදාමයෙන් සාදා ඇති ප්‍රමාණයෙන් විශාල අම්බලමකි. මෙහි වහලය ඵල දෙකකට සාදා ඇත. අම්බලම වටා සහ ඵල එක්වන ස්ථානය වටා ඇති කණු විශාල වූ වහලය දරා සිටියි.
දොඩම්ගස්ලන්ද ගිණිහිරිය ටැම්පිට විහාරය සෙන්ටිමීටර 74ක් උස් වූ ගල් කුළුණු 6ක් මත ගොඩනගා ඇත. මෙහි පිළිම ගෙය වටා පටු ආලින්දයක් දිව යයි. මෙය ඉදිරියෙන් සෙන්ටිමීටර 91ක් පළල වන අතර දෙපසින් හා පිටුපසින් සෙන්ටිමීටර 41ක්ද පළල වේ. පිළිම ගෙයහි ප්‍රමාණය මීටර් 3.48×2.51 ක් වන අතර මුළු ගොඩනැගිල්ලේ ප්‍රමාණය මීටර් 4.80×3.33 කි.
පුරාණ බෙදීම් වලට අනුව බෙලිගල් කෝරළයේ ගන්දොළහ පත්තුවට අයත් ජීවාන ග්‍රාමයේ ඇති මෙම විහාරයේ ටැම්පිට විහාරය උස් වූ ශෛලමය කුළුණු මත ගොඩනැඟුණු බුදු මැදුරකි.