Ruins of Church of Our Lady of Angels in Myliddy - Jaffna 1971

යාපනයේ මයිලඩ්ඩි පෘතුගීසි පල්ලියේ නටබුන්

මයිලිඩි යාපනය අර්ධද්වීපයේ උතුරු වෙරළ තීරයේ ධීවර ගම්මානයකි.මෙහි ධීවර බෝට්ටු සඳහා වෙන්වූ වරායක් තිබේ. 1971 ඡායාරූපයෙන් දැක්වෙන්නේ මෙම පල්ලිය නටබුන් වී ඇති බිත්ති පමණක් ඉතිරිව ඇති බවයි.

Read More
Archaeological Ruins of Puttalam Vanathavilluwa Malvila Rajamaha Viharaya - පුත්තලම වනාතවිල්ලුව මල්විල රජමහා විහාරයේ නටබුන්

පුත්තලම වනාතවිල්ලුව මල්විල රජමහා විහාරයේ නටබුන්

මල්විල රජමහා විහාරය පුත්තලම් දිස්ත්‍රික්කයේ වනතාවිලුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කරඩිපුව (කරඩිපුවල්) ග්‍රාම නිලධරි කොට්ටාශයේ සාලියපුර හි පිහිටා ඇති අතර දුටුගැමුනු රජුගේ (ක්‍රි.පූ. 161-137) යුගය දක්වා දිව යයි.

Read More
Losing Heritage of Uruthirapuram Buddhist Ruins in Kilinochchi - කෝවිලකින් වැළලෙන කිලිනොච්චියේ උරුතිරපුරම් බෞද්ධ නටබුන් භූමිය.

කෝවිලකින් වැළලෙන කිලිනොච්චියේ උරුතිරපුරම් බෞද්ධ නටබුන් භූමිය

උරුතිරපුරම් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ශිවනගර් ලෙස හැඳින්වෙන ප්‍රදේශයේ පවතී. 1956 දී උරුතිරපුරම් හි පැරණි වැවකට මාර්ගයක් කපන අතරතුර මෙම ස්ථූප ගොඩැල්ල හඳුනාගෙන ඇත. ඉන්පසුව පුරාවිද්‍යා කොමසාරිස් පී. ඊ. පී.දැරණියගල මහතා 1958 පුරාවිද්‍යා කොමසාරිස් වාර්තාවේ මෙම වෙබ් පුරාවිද්‍යා ස්ථානය පිළිබඳව ප්‍රකාශයට පත් කොට තිබේ.

Read More
The Samadi Statue of Divulwewa

දිවුල්වැව ආරණ්‍යය පුරාවිද්‍යා භූමිය

දිවුල්වැව පුරාවිද්‍යා රක්ෂිතයේ සැඟවුණු ආකර්ෂණය වන්නේ අනුරාධපුරයේ සමාධි ප්‍රතිමාවේ අනුරුවක් සේ සදා ඇති ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාවයි. මෙම සමාධි ප්‍රතිමාව අනුරාධපුර ශෛලියට ඉතාමත් සමාන වන අතර හොඳින් සංරක්ෂණය වී තිබේ.

Read More
A the stupa mound which has not be restored yet at the Galmaduwa Rajamaha Viharaya in Hingurana

වවුනියාවේ නොච්චිමොට්ටායි බෞද්ධ නටබුන්

1979 වර්ෂය සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස්ගේ පරිපාලන වාර්තාවේ වව්නියාවේ නොච්චිමොට්ටායි හි පරංගි ආරු ආසන්නයේ අර්ධ වශයෙන් විනාශ වූ ස්තූපයක් සහ තවත් ගොඩනැගිල්ලක නටබුන් පිලිබඳ විස්තරක් ඇතුලත්කො ට ඇත.

Read More
Thandikulam Buddhist Ruins In Vavuniya - වවුනියාවේ තන්ඩිකුලම් බෞද්ධ නටබුන්

වවුනියාවේ තන්ඩිකුලම් බෞද්ධ නටබුන්

කඩිකුලම් හි පුරාණ භූමිය වවුනියා-යාපනය මාර්ගයේ සැතපුම් 2 ක් පමණ ගමන් කර පසුව කඩිකුලම් වැව් කණ්ඩිය ඔස්සේ සැතපුම් 1½ ක් පමණ ගමන් කර නීතිඥයෙකුට දිගු කල්බදු පදනම යටතේ ලබා දී ඇති ඉඩමක පවතී.

Read More
Tamil Inscription in Kalutara

කාලි මෑණින්ට කල ප්‍රදානයන් සටහන් කළුතර දෙමළ සෙල් ලිපිය

මෙම සෙල්ලිපිය පිහිටා ඇත්තේ ගාලු පාර සහ කොළඹ-ගාල්ල දුම්රිය මාර්ගය අතර කළුතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුලය. මෙම සෙල්ලිපියේ අක්ෂර සහ විස්තරයෙන් එය 15 වන සියවසේ කෝට්ටේ රාජධානියට (1412–1597 A.D) අයත් බවකිව කිව හැක.

Read More
සෙට්ටිකුලම් කොන්ග්‍රාම්කුලම් මහවනයේ හමුවූ පුරාණ ආරාම සංකීරණය - Destroyed Heritage in Settikulam Jungles

සෙට්ටිකුලම් කොන්ග්‍රාම්කුලම් මහවනයෙන් මතුවූ පුරාණ ආරාම සංකීරණය

මෙහි ඇති නටබුන් අතර ශිලා ලේඛන හතක් සහ ස්තූප, ප්‍රතිමාගෘහ , බෝධිගර සහ බුද්ධ ප්‍රතිමා වල නටබුන්වූ කොටස් වාර්තා විය. මේ අතර කිරිගරුඬ බුදු පිළිමයක්ද හමුවී ඇත. එක් ලෙන් කටාරමක සෙල්ලිපියක්”බත ගිරි තිසහ ලෙනේ” යන්නෙහි අර්ථය “ආයුෂ්මත් ගිරිතිස්ස තෙරුන් වහන්සේගේ ලෙන” බව සඳහන් වේ.

Read More
Ruins at Surulumahamuniyawa Rajamaha Viharaya

සුරුලුමහමුනියාව රජමහා විහාරය

ගෝමරන්කඩවල – තිරියාය මාර්ගයේ කිලෝමීටර 6.5ක් පමණ ගියවිට සුරුලුමහමුනියාව රජමහා විහාරයට ලඟා විය හැක. මෙය 18 වන ශතවර්ෂයේ ජනප්‍රිය විහාරස්ථානයක්ව තිබූ  බව මෙම පුජා ස්ථානය පුරාන නම්පොතෙහි ඇතුලත් පවා ඇතුලත් වීමෙන් පෙනේ. 

Read More
වලල පුරාණ ටැම්පිට විහාරය - Walala Purana Tampita Viharaya

වලල පුරාණ ටැම්පිට විහාරය

වලල ටැම්පිට විහාරය සෙන්ටිමීටර 48 ක් උස ගල් කණු 25 ක් මත ඉදිකර ඇත. විහාරයේ අභ්‍යන්තර කුටිය වටා ප්‍රදක්ෂිණා පථයක් ඉදිකර ඇත. මෙම පථයේ ඉදිරිපස සහ දෙපැත්ත සෙන්ටිමීටර 66 ක් පළල වන අතර පුද්ගලයෙකුට යෑමට එය යන්තම් ප්‍රමාණවත් වේ. කුටිය පිටුපස පථය ඊටත් වඩා කුඩා, පළල සෙන්ටිමීටර් 61කි.

Read More
Tampita Viharaya sketch og

රත්ගල්ලේගම සීගිරි රජමහා ටැම්පිට විහාරය

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දළදාගම (පාදෙණිය-ගල්ගමුව මාර්ගයේ) සිට කිලෝමීටර 9ක් දුරින් අතිදුෂ්කර වනගත ප්‍රදේශයක රත්ගල්ලේගම සීගිරි රජමහා විහාරය පිහිටා තිබේ. මෙහි ටැම්පිට විහාරය මීටර 2.13ක් උස් වූ ගල් කුළුණු 4ක් මත ගොඩනගා ඇත. මෙහි පිළිම ගෙය වටා ප්‍රදක්ෂිණා පථයක් දිව යයි.

Read More
Ruins of Kayts Island Fort

යාපනය කයිට්ස් බලකොටුව

කයිට්ස්හි ඇති බලකොටුව තනා ඇත්තේ පෘතුගිසීන් විසින්. ලන්දේසීන් යාපන ප්‍රදේශ 1658දී යටත්කර ගන්නා විටද කයිට්ස් බලකොටුව නටබුන්වී තිබුන බව දී ලන්දේසි දේවගැතියෙකු වන බැල්ඩියස් (Baldaeus) විසින් 1672දී පළකරන ලද ග්‍රන්ථයක සඳහන් කර ඇත.

Read More
Tampita Viharaya sketch og

මොරගොල්ලාගම කඩවල පුරාණ ටැම්පිට විහාරය

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ආසන්නයේ මොරගොල්ලාගම කඩවල පුරාණ විහාරය පිහිටා තිබේ. ටැම්පිට විහාරය සෙන්ටිමීටර 56ක් උස් වූ ගල් කුළුණු 8ක් මත ගොඩනගා ඇත. මෙහි පිළිම ගෙය වටා පටු ආලින්දයක් දිව යයි. මෙය ඉදිරියෙන් සෙන්ටිමීටර 109ක් පළල වන අතර දෙපසින් හා පිටුපසින් සෙන්ටිමීටර 28ක්ද පළල වේ.

Read More
මාස්පොත අම්බලම - Maspotha Ambalama

මාස්පොත අම්බලම (මැටියගනේ අම්බලම)

මාස්පොත අම්බලම අලව්වේ සිට කිලෝමීටර 4.5ක් දුරින්ද නෙලුම්දෙනියේ සිට බෙලිගල මාර්ගයේ ගමන් ගන්නවානම් කිලෝමීටර 5.7ක් දුරින්ද පිහිටා ඇත. රමණීය කෙත්යායක් ආසනයේ පිහිටා ඇති මෙම අම්බලම කබොක් ගලින් හා බදාමයෙන් සාදා ඇත. අම්බලම පරිහරණය කරන්නන් සඳහා ඒ අසලම ලිඳක්ද පවතී.

Read More
බෙලිඅත්ත වලවෙල අම්බලම - Beliatta Walawela Ambalama

බෙලිඅත්ත වලවෙල අම්බලම

වලවෙල අම්බලම තරමක විශාල සෘජුකෝනාශ්‍ර ගොඩනැගිල්ලක්. ඉදිරිපස තරමක් පළල ආලින්දයක් තබෙනවා. ආලින්දයේ මැදින් ගොඩනැගිල්ලට ඇතුලට පිවිසුම සදා තිබෙනවා. ආලින්දයේ සම්පූර්ණ දිගට හිඳ ගැනීමට පිළක්  සාදා තිබෙනවා.  අම්බලම තුලත් ඇතුලත බිත්තියේත් දිග අතට පිළක් තිබෙනවා. මෙහි වහලය පළ 2කට සාදා සිංහල උළු සෙවෙලි කර තිබෙනවා.

Read More
බලල්ල දිඹුල්ගිරි රජමහා විහාරය - Balalla Dimbulgiri Rajamaha Viharaya

බලල්ල දිඹුල්ගිරි ටැම්පිට විහාරය

බලල්ල දිඹුල්ගිරි ටැම්පිට විහාරය සෙන්ටිමීටර 99ක් උස් වූ ගල් කුළුණු 16ක් මත ගොඩනගා ඇත. මෙහි පිළිම ගෙය වටා ප්‍රදක්ෂිණා පථයක් දිව යයි. මෙය සතර දිශාවෙන්ම මීටර 0.79 පළල වේ. පිළිම ගෙයහි ප්‍රමාණය මීටර් 4.14×2.71 ක් වන අතර මුළු ගොඩනැගිල්ලේ ප්‍රමාණය මීටර් 5.7×4.3 කි.

Read More
පූජාපිටිය දොඹගම්මන අම්බලම - Pujapitiya Dombagammana Ambalama

පූජාපිටිය දොඹගම්මන අම්බලම

පූජාපිටිය නගරයේ සිට බොක්කාවල මාර්ගයේ මීටර 900ක් ගමන් ගත් විට කිලෝමීටර 7 කණුව ඉදිරිපිට දකුණ දෙසට පටු මාර්ගයක් හමුවේ. අම්බලම පිහිටන්නේ මෙම මංසන්ධියේ පටු මාර්ගයට මුහුණලාය.

Read More
පුරාණ මාකෙහෙල්වල අම්බලම - Makehelwala Ambalama

පුරාණ මාකෙහෙල්වල අම්බලම

මාකෙහෙල්වල අම්බලම ගඩොල් හා බදාමයෙන් සාදා ඇති ප්‍රමාණයෙන් විශාල අම්බලමකි. මෙහි වහලය ඵල දෙකකට සාදා ඇත. අම්බලම වටා සහ ඵල එක්වන ස්ථානය වටා ඇති කණු විශාල වූ වහලය දරා සිටියි.

Read More
Dodamgaslanda Ginihiriya Sri Sudarshana Tampita Viharaya

දොඩම්ගස්ලන්ද ගිණිහිරිය ශ්‍රී සුදර්ශන ටැම්පිට විහාරය

දොඩම්ගස්ලන්ද ගිණිහිරිය ටැම්පිට විහාරය සෙන්ටිමීටර 74ක් උස් වූ ගල් කුළුණු 6ක් මත ගොඩනගා ඇත. මෙහි පිළිම ගෙය වටා පටු ආලින්දයක් දිව යයි. මෙය ඉදිරියෙන් සෙන්ටිමීටර 91ක් පළල වන අතර දෙපසින් හා පිටුපසින් සෙන්ටිමීටර 41ක්ද පළල වේ. පිළිම ගෙයහි ප්‍රමාණය මීටර් 3.48×2.51 ක් වන අතර මුළු ගොඩනැගිල්ලේ ප්‍රමාණය මීටර් 4.80×3.33 කි.

Read More
Jeewana Purana Tampita Viharaya

ජීවාන පුරාණ ටැම්පිට විහාරය

පුරාණ බෙදීම් වලට අනුව බෙලිගල් කෝරළයේ ගන්දොළහ පත්තුවට අයත් ජීවාන ග්‍රාමයේ ඇති මෙම විහාරයේ ටැම්පිට විහාරය උස් වූ ශෛලමය කුළුණු මත ගොඩනැඟුණු බුදු මැදුරකි.

Read More