
source : Nagadipa and Buddhist Remains of Jaffna by P.E Pieris and D. Litt. in the “Journal of the Ceylon Branch of the Royal Asiatic Society of Great Britain & Ireland” Vol. 26, No. 70, Part I. (1917), Published by: Royal Asiatic Society of Sri Lanka (RASSL)
යාපනය පුන්කුඩුතිව් දුපතේ තිකාලි ඉපැරණි මැටි බඳුන් කැබැලි සහිත ප්‍රදේශයක තිබී හුණුගලින් නිමැවුණු බුදුන්ගේ ක්වන්දයක් ආචාර්ය පොන්නම්පලම් රගුපති විසින් 1987 දී “යාපනයේ මුල් ජනාවාස: පුරාවිද්‍යා සමීක්ෂණයක්” ලෙස ප්‍රකාශයට පත් කරනලද ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනහි ඇතුලත් වේ. මෙම ස්ථානයේ හෝ ආචාර්ය පොන්නම්පලම් විසින් සොයා ගන්නා ලද ක්වන්ධයේ කිසිදු ඡායාරූපයක් හමු නොවේ.
මෙම ස්ථානය පුන්කුඩුතිව් දූපතේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇත. තිකාලි කුලම් සිට වෙරළ දෙසට ගමන් කිරීමෙන් මෙම ස්ථානය වෙත ළඟා විය හැකිය. අක්කර 5-10 ක භූමි භාගයක මෙම මැටි භාජන කැබලි තුනී ලෙස පැතිරී තිබිණි. මතුපිට ලක්ෂණ අනුව මෙම ස්ථානයේ ස්වභාවය පිළිබඳව කිසිවක් තීරණය කළ නොහැක. මෙහි එකම හෝඩුවාව ලබා දී ඇත්තේ බෞද්ධ ප්‍රතිමාශිල්පය අයත් හුණුගල් පිළිමයක ක්වන්ධයකිනි. මේ අසල ප්‍රදේශයේ දෙමල ජනතාව පොල් ගැසීමට භාවිතා කරන කුඩා කෝවිලක් ඉදිරියේ මෙම පිළිම කොටස තබා තිබිණි.
තිකාලි හි වෙරළ තීරය කෙලින්ම මුහුණ දෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන භූමියේ පොන්නවේලි වෙරළට ය. ආචාර්ය රගුපති පවසන්නේ පල්ලිකුටා බොක්ක හරහා මෙම පුන්කුඩුතිව් භූමියට මුහුණලා ඇති ප්‍රධාන භූමියේ පොන්නවේලි වෙරළ තීරයේ නටබුන් කිහිපයක් තිබූ බවයි. පුන්කුඩුතිව්දී ඔහු සොයාගත් පිළිම කොටසට බොහෝ සෙයින් සමානපිළිම කොටසක් එහි අයියනායක කෝවිලෙහි තබා තිබුනු බව පවසයි.
මෙම පුරාවිද්‍යා අඩවියේ පිහිටීම අක්ෂාංශ: 9 ° 34 ′ 50 N සහ දේශාංශ: 79 ° 51 ′ 20 E. ලෙස දක්වා ඇත. ඔහු පවසන පරිදි මෙම ස්ථානය පිහිටන්නේ පුන්කුඩුතිව් දූපතේ නැගෙනහිර වෙරළ තීරයේය. තිකාලි කුලම් සිට වෙරළ දෙසට ගමන් කිරීමෙන් මේ වෙත ළඟා විය හැකිය.

ආශ්‍රිත
- Ragupathy, P., 1987. Early settlements in Jaffna : An Archaeological Survey. 1st ed. Madras: Sudarsan Graphics.
සම්බන්ධ වෙනත් පිටු
යාපනය පුන්කුඩුතිව් දුපතේ තිකාලි බෞද්ධ නටබුන් සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
යාපනය පුන්කුඩුතිව් දුපතේ තිකාලි බෞද්ධ නටබුන් ගමන් මාර්ගය
| කොළඹ සිට යාපනය දක්වා (1 වන මාර්ගය) | කොළඹ සිට යාපනය දක්වා (1 වන මාර්ගය) |
| හරහා : කුරුණෑගල – දඹුල්ල – අනුරාධපුරය – වවුනියාව මුළු දුර : කිලෝමීටර් 400 km ගතවන කාලය : පැය 7-8 ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න | හරහා :පුත්තලම – සීලාවතුර -පූනරින් මුළු දුර : කිලෝමීටර් 365 ගතවන කාලය : පැය 7-8 ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
| යාපනය නගරයේ සිට පුන්කුඩුතිව් දුපතේ තිකාලි බෞද්ධ නටබුන් දක්වා |
| හරහා :කයිට්ස් මුළු දුර : කිලෝමීටර් 26 ගතවන කාලය : විනාඩි 45 ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30 අතර රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (301) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)
z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (41) අනුරාධපුර රාජධානිය (4) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (38) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)



(4 votes, average: 3.25 out of 5)