

පුත්තලම – අනුරාධපුර මාර්ගය හරහා කරුවලගස්වැව පසුකර ගමන් කරන විට මහත්වූ ජෛව විවිධත්වයකින් යුත් මනරම් දර්ශන මවන ජල කඳක් පසුකර ඔබ යන්නට ඇත. මේ ගමන් කරන්නේ මහ තබ්බෝව ජලාශයේ උඩු මත්තෙන් බව තේරුම් ගත හැක්කේ ස්වල්ප දෙනෙකුට පමණි. සුළු වේලාවකට නැවතීමට කාලය තිබේ නම්, දුරින් පිහිටි තබ්බෝව වැව් බැම්ම (2012-2014 කාලපරිච්ඡේදය තුළ ඉදිකළ රළ පනාව සමග) ඔබට දැක ගත හැකිය. තවත් වැඩිපුර කාලය තිබේ නම් ප්‍රධාන මාර්ගයෙන් සැතපුම් දෙකක් අතුරු මාර්ගයක වැව් බැම්ම සමීපයටම ගොස් සිරි නැරබීම කල හැක.
මෙම ජලාශය කාවන්තිස්ස පාලන සමයේදී (ක්‍රි.පූ. 3 වන සියවස) ඉදිකරන ලද බවට විශ්වාසයක් පවතින අතර තවත් සමහරු එය වසභ රජුගේ (ක්‍රි.ව. 67-111) නිර්මාණයක් බවට විශ්වාස කරති. ආර් එල් බ්‍රෝහියර් ඔහුගේ ශ්‍රී ලංකාවේ ඉපැරණි වාරිමාර්ග කෘතියෙහි, ජලාශයේ ආරම්භය පිළිබඳ පුරාවුර්ත ගැන තරමක් දිගු විස්තරයක් වාර්තා කරයි. බටහිර වෙරළ තීරයේ එම කොටස විජය සමග පැමිණි පරිවාර පිරිසකගේ ජනාවාස ප්‍රදේශවලින් එකක් වූ බැවින් මුල් ඉදිකිරීම් විජයගේ පැමිණීමෙන් පසු සිදුවන්නට ඇතැයි සඳහන් කරයි. තබ්බෝව වැව පළමුවන පරාක්‍රමබාහු රජු සමයේ (ක්‍රි.ව. 1153-1186) ප්‍රතිසංස්කරණය කර ඇති බවට වාර්තා සාක්ෂි සපයයි.
ප්‍රතිස්ථාපන කටයුතු (1921-1930) සඳහා නේවාසික ඉංජිනේරු ලෙස කටයුතු කල ඉංජිනේරු E C Hiiman විසින් 1934 දී ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ වාර්ෂික සමුළුවට ඉදිරිපත්කල ” තබ්බෝව ජලාශයේ ප්‍රතිසංස්කරණ කටයුතු” නම් තාක්ෂණික නම් වාර්තාවෙහි තබ්බෝව ආරම්භය පිළිබඳ වංශකතා සහ ජනකතා වල ලබා දී ඇති විචිත්‍රවත් විස්තර සඳහන් කරයි. හියු නෙවිල් විසින් තබ්බෝව ජලාශයේ මායිම “තවිසිකියංගර” පැරණි නගරය පිහිටි ස්ථානය ලෙස හඳුනා ගන්නා බව ඔහු සඳහන් කළේය. තබ්බෝව යන නම සෑදී ඇත්තේ තපස් – ගිරි යන්නෙනි. කුරුණෑගල, අනුරාධපුරය, දඹුල්ල සහ නාත්තන්ඩිය යන ප්‍රදේශවලින් බැතිමතුන් පැමිණෙන්නේ වැව් බැම්මේ වම් කෙළවරේ පිහිටි පූජනීය දේවාලයක් වැඳපුදා ගැනීමට පැමිණෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. නින්දගම ලෙස හඳුන්වන පන්සල් ඉඩම හා ජලාශය ප්‍රදේශය අයියනායක බණ්ඩාර දෙවියන්ට කැප වී ඇති බවද ඔහු සටහන් කර ඇත.
බැම්මේ වම් කෙළවරේ විශාල කඩාඩුවක් හරහා ගලායන නාන්නේරිය ඔය හා ඊට අමතරව තවත් කුඩා කැඩුම් කඩ කිහිපයක් ඉංජිනේරු හිල්මන් නිරීක්ෂණය කළේය. පෞරාණික සොරොව් දෙකේ කිසිදු හෝඩුවාවක් දක්නට නොලැබුණු බව අනාවරණය විය. එබැවින් සොරොව්වේ දෝෂ හේතුවෙන් දී වේල්ල බිඳී යන්නට ඇති බවට ඔහු අනුමාන කරයි. වාන් දැමූ ස්ථානයේ තිබී හමුවූ ඉපැරණි ගල් බොහොමයක්ම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යොදාගත් බව ඔහු සඳහන් කර ඇත. මෑතක සොරොව්වල හා බැම්මෙහි සිදු කල ප්‍රතිසන්ස්කරන් කටයුතුවලදී මේවා නිරීක්ෂණය කල් හැකි විය.
ලංකා විත්ති පොතේ, මහ තබ්බෝව වගා බිම් ප්‍රමාණය අමුනු 350ක් (එනම් අක්කර 875ක්) හොරොව් දෙකක් (සොරොව්), අතහැර දැමූ විහාර තිස් දෙකක් ලෙස දක්වා ඇත. මෙම ඉඩම් 1900 මුල් කාලයේදී තරමක් ඝන, නමුත් ද්විතීයික, කැලෑවෙන් වැසී ඇති අතර, ‘පුත්තලම – යාපනය මාර්ගය’ දක්වා විහිදෙන තබ්බෝව වැවෙන් වගා කටයුතු සඳහා ජලය සැපයූ බවට සැකයක් නැති බව සඳහන් කර ඇත.
දැනට වම් ඉවුර සොරොව්වෙහි තැන්පත් කර ඇති නාග ගල ප්‍රතිසංස්කරණය කිරීමේදී එම ස්ථානයේම මතුව තිබේ. නටබුන් වූ පූජා බිමක් ද ඒ අවට වල් බිහිව තිබී ඇති අතර එය බැම්ම ප්‍රතිසංස්කරණ කටයුතු වලදී දේවාලයක් ලෙස වැඩි දියුණු කර ඇත.
මී ඔයෙන් ජලය ගෙන එන රදවි බැඳි ඇළ නමින් හැඳින්වෙන සැතපුම් 22 ක් පමණ දිග ඉපැරණි යෝධ ඇළකින් ජලාශය තවදුරටත් පෝෂණය කර ඇති බවට සමීක්ෂණ සිදු කිරීමේදී සොයා ගන්නා ලදී.
අතහැර දැමූ වේල්ල සහ අනෙකුත් නටබුන් 1880 ගණන්වල සොයා ගනු ලැබුයේ ජලාශය වසා පැතිර තිබු ඝන කැලෑවෙන් දැව සඳහා ගස් කැපූ දැව වෙළෙඳුන් විසිනි. එතැන් පටන් මහා තබ්බෝව ප්‍රතිසංස්කරණය කරන ලෙස බ්‍රිතාන්‍ය පාලකයන්ට විවිධ පාර්ශවවලින් ඉල්ලීම් රාශියක් ලැබිණි. වර්ෂ 1896 දී පුත්තලම ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් කාසිම් මහතා ප්‍රමුඛ පුත්තලම වැසියන් වැව ප්‍රතිසංස්කරණය කරන ලෙස රජයට පෙත්සමක් ඉදිරිපත් කරමින් කියා සිටියේ දුප්පත් පංතියේ අයට රැකියා ලබා දීම සඳහා වගා කිරීමට ඉඩම් අවශ්‍ය බවයි. එකල පුත්තලමේ ප්‍රධාන කර්මාන්තය වූයේ ලුණු නිෂ්පාදනය බැවින් කම්කරුවන් යැපුණේ එමගින් පමණි.
1897 දී , අතිරේක දිසාපති Baumgartner මහතා, වගා බිම් ප්‍රදේශය හා මුලස්ථායි ප්‍රදේශය මිනින්දෝරුවන් ලවා පරීක්ෂා කළ යුතු බවට යෝජනා කළේය. ඉපැරණි වැව ගැන නිවැරදි විස්තරයක් දී එය නානේරිය ඔයෙන් පිරෙන ආකාරය පෙන්වා දුන්නේය. වැව පිරෙව්වොත් පුත්තලම අනුරාධපුර පාරේ කොටසක් යටවෙන බව ප්‍රාදේශීය ප්‍රධානියා ප්‍රකාශ කළ බව ඔහුගේ වාර්තාවේ සදහන් කර තිබුනේ ප්‍රදේශවාසින්ගෙන් ලැබුන තොරතුරු මගිනි. බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන් මවිතයට පත් කරමින්, ජලාශයේ අවසාන සමීක්ෂණ සිදු කරන විට මෙය නිවැරදි බව ඔප්පු විය. කිසිදු සමීක්ෂණයකින් තොරව ප්‍රාදේශීය ප්‍රධානීන්ට මට්ටම් පිළිබඳ දළ අදහසක් තිබූ අතර, ප්‍රදේශයේ ජනතාව එවැනි තොරතුරු සන්තකයේ තබාගෙන ඇත්තේ කෙසේදැයි නිලධාරීන්ට තේරුම් ගැනීමට අපහසු විය. එය සම්ප්‍රදායික හා පරම්පරාවෙන් පරම්පරාවට ගෙන ආ දැනුමෙහි වටිනාකම විදහා දැක්වීමකි
වැව් බැම්ම අධික කැලෑවෙන් වැසී තිබුණි. පුත්තලම මුස්ලිම් ප්‍රධානියාගේ පෙත්සමකින් පසුව 1904 දී සහ 1905 දී පමණ සම්පූර්ණ ජල පෝෂක ප්‍රදේශය පෙන්වන සිතියමක් ප්‍රකාශයට පත් කොට ශ්‍රීමත් එච් ඒ බ්ලේක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වූ යෝජනා ක්‍රමය පරීක්ෂාවට ලක් කරන ලදී. ප්‍රදේශයේ ජීවත්වූ නායකයින් හා සහ අනෙකුත් බලගතු නිවැසියන් අක්කර 8825 ක් අක්කරයකට රුපියල් 10 බැගින් මිලදී ගෙන මැනුම් ගාස්තු වහාම තැන්පත් කිරීමට ඉදිරිපත් වූහ. ඔවුන් සිය පෙත්සමේ සඳහන් කළේ වැවෙන් අක්කර දහස් ගණනකට ජලය සැපයෙන බවයි. ගාල්ල උඩුගම D A Cuntez ද පොල් වගාව සඳහා වැව යටතේ අක්කර දෙදහසක ඉඩමක් මිලදී ගැනීමට ඉදිරිපත් වූ බව වාරිමාර්ග වාර්තා වල සඳහන් වේ.
ඉන් අනතුරුව වැව සහ බැම්ම පිළිබඳ විමර්ශනයක් සහ මැනුම් කටයුතු සඳහා වාරිමාර්ග අධ්‍යක්ෂවරයා වෙත රුපියල් 2000ක් ලබා දෙන ලදී. වාරි ජලය සැපයිය හැකි ප්‍රදේශය ආසන්න අක්කර 4,800 ක් බව සොයා ගන්නා ලදී. ඉඩම් අක්කරයක් රුපියල් 100 කට හෝ ජල ගාස්තුවකින් තොරව අක්කරයක් රුපියල් 125 කට හෝ රුපියල් 100 කට අලෙවි කළ යුතු බවට යෝජනා කරමින් ව්‍යාපෘති යෝජනාවක් සකස් කෙරිණ. මෙම යෝජනා ක්‍රමයේ ඇස්තමේන්තුගත මුදල රුපියල් 374,000 ක් වූ අතර 1912 අගෝස්තු 19 වැනි දින රජය විසින් මෙම වියදම අනුමත කරන ලදී. මෙම යෝජනා ක්‍රමය ප්‍රධාන වශයෙන් පොල් වගාව සඳහා සැලසුම් කරන ලද්දේ වී වගාව සඳහා ප්‍රමාණවත් ජලය පෝෂක ප්‍රදේශවලින් නොලැබෙන බැවිනි. 1913 දී කැලෑ එළිපෙහෙළි කිරීම, මාර්ග ඉදිකිරීම, ගබඩා, කාර්යාල ආදිය නේවාසික ඉංජිනේරුවරයා සඳහා බංගලාවක් සහ වැඩ සඳහා ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වන සේවා මාර්ගයක් ඉදිකිරිම වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආරම්භ කළේය.
1915 දී, දෙවන ලෝක යුද්ධ සමයේදී බොහෝ මූල්‍ය හා පාලන ගැටළු හේතුවෙන් වැඩ නතර කිරීමට සිදු විය. 1920 ජනවාරි මාසයේදී වැඩ නැවත ආරම්භ කරන ලදී. වියළි කාලවලදී පුත්තලමට බොහෝ විට ජලය හිඟ වන අතර 1911 දී වාරිමාර්ග දෙපාර්තමේන්තුව වම් ඉවුරු ඇළ යටතේ අක්කර 4000 කට වාරිමාර්ග සඳහා විකල්ප යෝජනා ක්‍රම තුනක් සකස් කර රජයට ඉදිරිපත් කරන ලදී.
වර්තමානයේ එය අක්කර 2250ක් පෝෂණය වන ප්‍රධාන වාරි යෝජනා ක්‍රමයක් වන අතර ජලාශයේ ධාරිතාව අක්කර අඩි 15400ක් වේ. මුල් බැම්මේ දිග මීටර් 1812 ක් වන අතර වත්මන් වේල්ල දිග මීටර් 1920 කි. මී ඔයේ අතු ගංගාවක් වන නාන්නේරි ඔය හරහා එය ඉදිකර ඇත. ජලාශයේ සොරොව්ව තුනක් ඇත. අක්කර 2250 කට වාරි ජලය සැපයීම සඳහා සොරොව් මගින් සැතපුම් 10 ක් දිග දකුණු ඇළ ප්‍රධාන ඇළ මාර්ගයට සහ සැතපුම් 3 ක් දිග වම් ඇළට ජලය සපයයි. මධ්‍ය සොරොව්ව අනෙක් වාන් දෙකට වඩා 3.5’ පහළ මට්ටම කින් ඉදිකර ඇත්තේ නන්නේරි ඔයෙහි ජල අවශ්‍යතා සපැරිමට ගඟට ජලය මුදා හැරිම සඳහායි.
මුලින් ප්‍රතිසංස්කරණය කිරීමේදී, ජලාශයේ පිටාර මට්ටම මුහුදු මට්ටමින් අඩි 68.00 සමඟ අක්කර අඩි 7900ක් රඳවා ගැනීමට නියමිතව තිබුණි. 1967 දී රේඩියල් ගේට්ටු 20 ක් සවි කිරීමත් සමඟ, වාන් මට්ටම මුහුදු මට්ටමින් අඩි 71.00 දක්වා ඉහළ නැංවීම මගින් ජලාශයේ ධාරිතාව වැඩි කර ඇත. ගොවි පවුල් 1600ක් තම ජීවනෝපාය සඳහා ජලාශයේ වාරි ජලයෙන් යැපෙන අතර මිරිදිය ධීවර පවුල් විශාල සංඛ්‍යාවක් ද යැපෙති
පුත්තලම ප්‍රදේශයේ විවිධ ජල අවශ්‍යතා සඳහා පවතින ජල මූලාශ්‍ර පිළිබඳව පුර්ණ විමර්ශනයක් වාරිමාර්ග නිලදාරීන් විසින් 1922 දී සිදු කරන ලදී. නගරයේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් ජලය භූගත නිධියක ඇති බව ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව පෙන්වා දුන් බැවින් තබ්බෝවෙන් ජලය ලබා දීමේ වැඩ පිළිවෙල අහෝසිවිය. එම තීරණය නොගත්තේ නම් කොළඹ නගරයට ලබුගම, කලටුවාව වැනි විශ්වාසනීය මූලාශ්‍රවලින් ජලය ලබා ගත් පරිදි පුත්තලම නගරයටද ජලය ලබා දීමෙන් සම්පූර්ණයෙන්ම වෙනස් නාගරික ප්‍රදේශයක් වීමට ඉඩ තිබුණි. වත්මන් කරුවලගස්වැව ප්‍රාදේශීය සභාව විසින් තබ්බෝව වැවෙන් දිනකට ඝන මී 500ක ජලය ලබා ගන්නා නව ජල යෝජනා ක්‍රමයක් මෑතක ආරම්භ කරන ලදී. මෙමගින් කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලදාරී කොට්ඨාශ 9 කට සේවය සැලසේ.
කලක් තබ්බෝව ජලාශයෙන් මී ඔය හරහා පුත්තලම නාගරික ප්‍රදේශයට ජලය ගෙන ගිය බවට සාම්ප්‍රදායික විශ්වාසයක් විය. වැවට පහළින් මි ඔයේ ස්ථානයක සිට පුත්තලම දෙසට දිවෙන ඇළ මාර්ගයක නටබුන් සොයාගැනීමෙන් එය යම්තාක් දුරට සනාථ වේ.
ජලාශයේ පිටත මායිමේ දැනට අතහැර දමා ඇති පැරණි ගොඩනැගිල්ලක් ඇති අතර එය අග්‍රාමාත්‍ය ඩී එස් සේනානායක මහතා වාරිමාර්ග ව්‍යයාපාරය පරීක්ෂා කිරීමට පැමිණෙන විට අශ්වයා ගාල් කර න ස්ථානය ලෙස භාවිතා කර ඇත. නිසැකවම මෙම ස්ථාන අනාගත පරපුරට දැක බලා ගැනීමට සුරැකිය යුතුය.
වත්මන් 2000 දශකයේ මුල් භාගයේදී සොරොව්ව කුළුණේ සහ වානෙහි ඉරිතැලීම් සහ පස් බැම්මේ ඇතිවූ බරපතල ජල කාන්දු ජලාශය පහලින් ජීවත්වන ගොවි පවුල් 1250 කට අධික පිරිසකගේ ජීවිත හා දේපළවලට තර්ජනයක් විය හැකි බව ඉංජිනේරු මතය විය. අවදානම අවම කිරීමේ පියවරක් ලෙස ප්‍රතිසංස්කරණය සිදු කරනතෙක් ජලාශය සම්පූර්ණ ධාරිතාවට පිරවීම සිදු නොකොට අඩු මට්ටමකින් ජලය තබා ගැනීමට පියවර ගැනින 1924 දී ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු, 2010-2014 කාලය තුළ ප්‍රධාන මෝ වැඩ කොටස් ප්‍රතිසංස්කරණය කරන ලදී..
සම්බන්ධ වෙනත් පිටු
- ශ්‍රී ලංකාවේ පුරාණ වාරි කර්මාන්ත
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව
- කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන
තබ්බෝව වැව සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
තබ්බෝව වැවට ගමන් මාර්ගය
| කොළඹ සිට තබ්බෝව වැව දක්වා මාර්ගය |
| හරහා : හලාවත – පුත්තලම දුර : කිලෝමීටර් 151 ගමන් කාලය : පැය 3.5 රිය පැදවීමේ උපදෙස් : ගූගල් සිතියමේ බලන්න |
අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (301) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)
z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (41) අනුරාධපුර රාජධානිය (4) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (38) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)



(11 votes, average: 3.45 out of 5)