අකිතමුරිප්පු (තේක්කම) පත්තිනි දේවාලයේ පැරණි නටබුන් - Ruins at Akithamurippu (Thekkama) Paththini Devalaya

අකිතමුරිප්පු (තේක්කම) පත්තිනි දේවාලයේ පැරණි නටබුන්

මැදවච්චියේ සිට මන්නාරමට යන මාර්ගයේ මඩු පල්ලි පාරට කිලෝමීටරයකට පමණ පෙර මල්වතු ඔය හරහා වැටී ඇති එල්ලෙන පාලමට ඇති මාර්ගය පවතී. මෙම මාර්ගයේ  කිලෝමීටරයක් පමණ ගමන් කලවිට  අලංකාර පරිසරයක ඇති යෝධ ඇළ හරහා වැටී ඇති අමුණක් අමුවේ.

Read More
Old Thalaimannar Lighthouse (Urumalai Lighthouse)

තලෙයිමන්නාරම පැරණි ඌරුමලේ  ප්‍රදීපාගාරය

මන්නාරම දූපතේ බටහිර වෙරළේ ඌරුමලෙයි ග්‍රාමයේ මෙම පැරණි ප්‍රදීපාගාරය දැකගත හැක. මෙරට ප්‍රදීපාගාර මුලින්ම ගොඩනැගුවේ පෘතුගීසින් විසිනි. මෙම ප්‍රදීපාගාර ලන්දේසීන් හා ඉන් පසුව බ්‍රිතාන්‍යයන් වැඩි දියුණු කොට පවත්වා ගෙන ගොස් ඇත.  ලංකාවේ මුල්ම අංග සම්පූර්ණ ප්‍රදීපාගාරය ලෙස සැලකෙන්නේ බ්‍රිතාන්‍යයන් විසින් 1848 දී ගාල්ලේ ඉදිකළ ප්‍රදීපාගාරය යි.

Read More
මන්නාරම පාලම්පිඩ්ඩි මුත්තුමාරි කෝවිල බෞද්ධ නටබුන් - Muththumari Kovil Buddhist Ruins in Palampiddi Mannar

මන්නාරම පාලම්පිඩ්ඩි මුත්තුමාරි කෝවිල බෞද්ධ නටබුන්

පාලම්පිඩ්ඩි ග්‍රාමය පිහිටා තිබෙන්නේ මන්නාරම මඩු ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාශයේය.මෙම කෝවිල් භූමිය තුළ අනුරාධපුර මුල් යුගයට අයත් පුරාණ සිරිපතුල් ගල් තුනක් දැකිය හැක. එකිනෙකට වෙනස් මෙම සිරිපතුල් 3 දිගින් හා පළලින් සෙන්ටිමීටර් 75×80 හා සෙන්ටිමීටර 53×51 හා සෙන්ටිමීටර 37×43 ප්‍රමාණයෙන් යුතුය.

Read More
මන්නාරම පාලම්පිඩ්ඩි පිල්ලෙයාර් කෝවිල බෞද්ධ නටබුන් - Palampiddi Pillayar Kovil Buddhist Ruins in Mannar

මන්නාරම පාලම්පිඩ්ඩි පිල්ලෙයාර් කෝවිල බෞද්ධ නටබුන්

පාලම්පිඩ්ඩි ග්‍රාමය පිහිටා තිබෙන්නේ මන්නාරම මඩු ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාශයේය. මැදවච්චිය මන්නාරම මාර්ගයෙන් මඩු පල්ලිය දෙසට හරවා පල්ලිය පසුකර තවත් කිලෝමීටර  9ක් ගමන් කිරීමෙන් පාලම්පිඩ්ඩි වෙත ළඟා විය හැක. 

Read More
Ruins of Vidataltivu Tharama Madam in Mannar

මන්නාරම විඩිතලතිව් මඩම (අම්බලම)

වෙඩිතලතිවු යනු මන්නාරම දිස්ත්‍රික්කයේ මාන්තායි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පිහිටි  මුහුදුබඩ ප්‍රදේශයකි. දෙමළ කොටි ත්‍රස්ථවාදීන් බලවත්  වූ කාලයේදී වෙඩිතලතිවු  ප්‍රධාන මුහුදු කොටි කඳවුරක් ලෙස භාවිතා වුනා. මන්නාරමෙන් ඉහල බස්නාහිර මුහුද LTTE ත්‍රස්තවාදීන් පාලනය කලේ වෙඩිතලතිවු කේන්ද්‍රස්තාන කර ගනිමින්. කොලඹ සිට යාපනයට භට පිරිස් ගෙන නෞකා බොහොමයකට පහරදීමට මෙම කඳවුර භාවිතා කොට තිබුණා.

Read More
මන්නාරම මූන්රාම්පිඩ්ඩි මඩම (අම්බලම) - Moonrampiddi Madama (Ambalama) in Mannar

මන්නාරම මූන්රාම්පිඩ්ඩි මඩම (අම්බලම)

මාන්තායි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මූන්රාම්පිඩ්ඩි  ග්‍රාම නිලධාරී  වසමේ මෙම අම්බලම පිහිටාතිබෙනවා.  සාමාන්‍යයෙන් දෙමළ භාෂාවෙන් අම්බලම මඩම යන නමින් හැඳින්වෙනවා. මෙම ප්‍රදේශවල අම්බලම් මහනුවර අම්බලම් ආභාෂයට වඩා හින්දු ආභාෂය මතුවී තිබෙනවා .

Read More
මන්නාරම තිරුකේතිශ්වරම් කෝවිල පාර පැරණි මිනින්දෝරු කුළුණ - Thiruketheeswaram Kovil Road Survey Tower

මන්නාරම තිරුකේතිශ්වරම් කෝවිල පාර පැරණි මිනින්දෝරු කුළුණ

තිරුකේතීෂ්වරම්  කෝවිලට පිවිසුම් මාර්ගයේ මීටර 200ක් පමණ ගමන්ගත් විට දකුණු පසින් වැවට මුහුණලා ඉංග්‍රීසි අවධියට අයත් යැයි විශ්වාස කළ හැකි උස් වූ කුළුණක් දැකගත හැක. සතරැස් මෙම කුළුණ මහල් හතරකින් යුක්තය.  මෙහි මුල් කොටසේ පැත්තක දිග මීටර 2.4ක් වන අතර උස මීටර 2.3ක් වේ.  ඉතිරි මහල් තුන ක්‍රමයෙන් කුඩා වන ලෙස ඉහලට නංවා ඇත.

Read More
මන්නාරම මුරුන්ගන් රජමහා විහාරය පුරාවිද්‍යා නටබුන් - Ruins of the Murungan Rajamaha Viharaya in Mannar

මන්නාරම මුරුන්ගන් රජමහා විහාරය පුරාවිද්‍යා නටබුන්

අනුරාධපුර යුගයට අයත් බෞධ්‍ය ආරාමයක නටබුන් විසිරී ඇති මෙම විහාර භූමියේ වර්තමානයේ කෙසෙල් වාගාවක් වසාගෙන ඇත. මෙම හේතුවෙන් මෙහි පුරාවිද්‍යාත්මක සාධක බෙහෙවින් විනාශ වී ඇත. මෙසේ විනාශ වූ බෞධ්‍ය නටබුන් අතර ශෛලමය බුදු පිළිම 2ක කොටස් දැනට ඉතිරිවී පවතී.

Read More
ඉලුක්පකඩවයි පඩවුතුරේ පැරණි මිනින්දෝරු කුළුණ - Illuppaikadavai Padavuthurai Survey Towerඉලුක්පකඩවයි පඩවුතුරේ පැරණි මිනින්දෝරු කුළුණ - Illuppaikadavai Padavuthurai Survey Tower

මන්නාරම ඉලුක්පකඩවයි පඩවුතුරේ පැරණි මිනින්දෝරු කුළුණ (Illuppaikadavai Padavuthurai Survey Tower)

මාන්තයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉලුක්පකඩවයි 04 ග්‍රාම නිලධාරී වසමේ මෙම පැරණි මිනින්දෝරු කුළුණ පිහිටා ඇත. මන්නාරම සිට පූනරීන් මාර්ගයේ කිලෝමීටර 29ක් ගියතැන ඉලුක්පකඩවයි මංසන්ධියෙන් වමට හැරී පඩවුතුරේ මාර්ගයේ මීටර 200ක් ගමන් කලවිට හින්දු කෝවිලක් ආසන්නයේ මෙම කුළුන දැකගත හැක. 

Read More
මන්නාරම නාරාපාඩු පැරණි ඕලන්ද මුරකපොල්ල - Narapadu Ancient Watch Tower in Mannar

මන්නාරම නාරාපාඩු පැරණි ඕලන්ද මුරකපොල්ල කුළුන

මන්නාරම බලකොටුවේ සිට තලෙයිමන්නාරම මාර්ගයේ කිලෝමීටර් 12 ක් ගමන් කොට නාරාපාඩු මංසන්ධියෙන් දකුණට හැරී එම වැලි පාර දිගේ කිලෝ මීටර 1.2 ක් ගිය තැන තැනිතලා භූමියේ අහස්කුස දෙසට යොමුවූ මෙම විශාල කුළුන දැකගත හැක. වසර 1658–1796 අතරතුර වූ ඕලන්ද පාලන සමයේ මෙම ස්මාරකය මුර කපොල්ලක් ලෙස ගොඩනඟා ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරයි. 

Read More