මන්නාරම මුරුන්ගන් රජමහා විහාරය පුරාවිද්‍යා නටබුන්

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (3 votes, average: 5.00 out of 5)

අනුරාධපුර යුගයට අයත් බෞධ්‍ය ආරාමයක නටබුන් විසිරී ඇති මෙම විහාර භූමියේ වර්තමානයේ කෙසෙල් වාගාවක් වසාගෙන ඇත. මෙම හේතුවෙන් මෙහි පුරාවිද්‍යාත්මක සාධක බෙහෙවින් විනාශ වී ඇත. මෙසේ විනාශ වූ බෞධ්‍ය නටබුන් අතර ශෛලමය බුදු පිළිම 2ක කොටස් දැනට ඉතිරිවී පවතී.

LTTE ත්‍රස්තවාදී සමයේ මෙම ප්‍රදේශයන්ට ගමනාගමනය අන්තරාදායක වූ බැවින් පුරාවස්තූන් අනාරෂිත වුවද  වල්බිහිවීම හෝ වනයෙන් යටවීම හැර ඒවාට වැඩි හානියක් නොවිය. ත්‍රස්තවාදය අවසන්වීමෙන් පසු නැවත ජනයා මෙම ප්‍රදේශයන්හි නැවත පදිංචියත් සමග වගාවන්ට කැලෑ  එළිකිරීම් සමඟ එතෙක් ආරක්ෂා වූ පුරාවස්තුන්ගේ විනාශය ඇරඹිණි.

⚙️ [Google Ad 01 -SI]

මෙම ප්‍රතිමා දෙකෙහිම අත්  හා පා කඩා විනාශ කොට ඇත. මින් එක් ප්‍රතිමාවක් බිම පෙරලී ඇති අතර එය බඳෙන් දෙකට කැඩී  ඇත. මෙය ශෛලමය ප්‍රතිමාවකි.  අනෙත් ප්‍රතිමාව ස්පටික හුණු ගලෙන් නිර්මාණය කොට ඇත. මෙම ප්‍රතිමාවේ උඩුකය කොටස සිරස්ව සිටුවා ඇත.

නැගෙනහිරින් පැරණි ගඩොල් සහිත උස් වූ භූමියකි. මෙම ප්‍රදේශය බොහෝසේ වල්  වැදී ඇත. එබැවින් මෙහි අන්තර්ගතය හඳුනා ගැනීමට අපහසුය. බොහෝ විට මෙම ස්ථානය පැරණි දාගැබක් හෝ පිළිම ගෙයක් විය  හැක.

යුධමය වාතාවරණය අවසානයත් සමග පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව මෙම පුරාවිද්‍යා භූමිය යම්තාක් දුරට සංරක්ෂණය කොට ඇත.

නානාට්ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඉරට්ටේකුලම 125A ග්‍රාමසේවා වසමේ කේ. කේ. කුලම ග්‍රාමයේ මෙම භූමිය පිහිටා ඇත.  මැදවච්චිය – මන්නාරම මාර්ගයේ මුරුක්කන් කේ. කේ. කුලම මංසන්දියෙන් කට්ටේ අඩම්පන් මාර්ගයේ ගමන් කොට සුසාන භූමිය අසලින් වමට හැරී ගමන් කොට පන්සල්වත්ත නමැති මෙම ස්ථානයට පැමිණිය හැක.

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

  • අසංග, එම්. වී. පී. කේ. සහ නිශාන්ත, අයි. පී. ඇස්., 2018. මන්නාරම දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 1වන සංස්කරණය. කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව,පිටු 40-41
  • The Green Movement of Sri Lanka (no date) Guide to Archaeological Values for Tourism in Mannar District. The Green Movement of Sri Lanka.

සම්බන්ධ වෙනත් පිටු

මන්නාරම මුරුන්ගන් රජමහා විහාරය පුරාවිද්‍යා නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මුරුන්ගන් රජමහා විහාරය පුරාවිද්‍යා නටබුන් රියදුරු දිශාවන්

මන්නාරම සිට මුරුන්ගන් රජමහා විහාරය පුරාවිද්‍යා නටබුන් දක්වා
හරහා :
මුළු දුර : කිලෝමීටර් 24
ගතවන කාලය : විනාඩි 30
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply