මන්නාරම පාලම්පිඩ්ඩි මුත්තුමාරි කෝවිල බෞද්ධ නටබුන්

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (1 votes, average: 1.00 out of 5)

පාලම්පිඩ්ඩි ග්‍රාමය පිහිටා තිබෙන්නේ මන්නාරම මඩු ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාශයේය. මැදවච්චිය මන්නාරම මාර්ගයෙන් මඩු පල්ලිය දෙසට හරවා පල්ලිය පසුකර තවත් කිලෝමීටර  9ක් ගමන් කිරීමෙන් පාලම්පිඩ්ඩි වෙත ළඟා විය හැක.

මුත්තුමාරි කෝවිල පිහිටා තිබෙන්නේ පාලම්පිඩ්ඩි ග්‍රාමය මධ්‍යයේය. මෙම ස්ථානයේ මෑතකදී ඉදිකරන ලද කෝවිලක් දැකිය හැක. නමුත් ගම්මුන්ට අනුව මෙහි වසර සියයකට වඩා පැරණි කෝවිලක් තිබූ බව පැවසේ. 

⚙️ [Google Ad 01 -SI]

මෙම කෝවිල් භූමිය තුළ අනුරාධපුර මුල් යුගයට අයත් පුරාණ සිරිපතුල් ගල් තුනක් දැකිය හැක. එකිනෙකට වෙනස් මෙම සිරිපතුල් 3 දිගින් හා පළලින් සෙන්ටිමීටර් 75×80 හා සෙන්ටිමීටර 53×51 හා සෙන්ටිමීටර 37×43 ප්‍රමාණයෙන් යුතුය.

 මෙම කෝවිලට පැමිණෙන මාර්ගයේ වම් පසට තවත්  කුඩා කෝවිලක් තනා තිබේ.  මෙම කුඩා කෝවිල තුළද සෙන්ටිමීටර් 98×90 ප්‍රමාණයේ සිරිපතුල් ගලක් දැකිය හැක. මෙම සිරිපතුලේ අෂ්ට මංගල ලකුණු දැකිය හැකි අතර එය බොහෝ සේ ක්ෂය වී ඇත. මෙහි විලුඹ ප්‍රදේශයේ කොටසක් ඉවත් කර ඒමත ගණ දෙවියන්ගේ රූපයක් සවිකොට ඇත.

 මෙම සිරිපතුල් ගල් හතරම ඒ අවට බෞද්ධ නටබුන් පැවති ස්ථාන වලින් ගෙනැවිත් ඇති බව විශ්වාස කළ හැක.

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

  • අසංග, එම්. වී. පී. කේ. සහ නිශාන්ත, අයි. පී. ඇස්., 2018. මන්නාරම දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 1වන සංස්කරණය. කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව,පිටු .116-117.

සම්බන්ධ වෙනත් පිටු

මන්නාරම පාලම්පිඩ්ඩි මුත්තුමාරි කෝවිල  සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මන්නාරම පාලම්පිඩ්ඩි මුත්තුමාරි කෝවිල රියදුරු දිශාවන්

මන්නාරම සිට පාලම්පිඩ්ඩි මුත්තුමාරි කෝවිල දක්වා
හරහා : මැදවච්චිය පාර
මුළු දුර : කිලෝමීටර් 54
ගතවන කාලය : විනාඩි 60
ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)