මන්නාරම විඩිතලතිව් මඩම (අම්බලම)

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (3 votes, average: 4.67 out of 5)

වෙඩිතලතිවු යනු මන්නාරම දිස්ත්‍රික්කයේ මාන්තායි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පිහිටි  මුහුදුබඩ ප්‍රදේශයකි. දෙමළ කොටි ත්‍රස්ථවාදීන් බලවත්  වූ කාලයේදී වෙඩිතලතිවු  ප්‍රධාන මුහුදු කොටි කඳවුරක් ලෙස භාවිතා වුනා. මන්නාරමෙන් ඉහල බස්නාහිර මුහුද LTTE ත්‍රස්තවාදීන් පාලනය කලේ වෙඩිතලතිවු කේන්ද්‍රස්තාන කර ගනිමින්. කොලඹ සිට යාපනයට භට පිරිස් ගෙන නෞකා බොහොමයකට පහරදීමට මෙම කඳවුර භාවිතා කොට තිබුණා.

වසර 2009දී මන්නාරම සිට ඉහල ප්‍රදේශය ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට ත්‍රිවිධ  හමුදාවට විශාල වෙහෙසක් දැරීමට සිදු උනත් ඔවුන්ගේ බටහිර මුහුදේ ප්‍රධාන මුහුදු කොටි කඳවුරක් වූ වෙඩිතලතිවු යටත් කරගැනීම විශාල මානසික ජයග්‍රණයක් උනා.

⚙️ [Google Ad 01 -EN]

ජනප්‍රවාදයට අනුව මන්නාරම – යාපනය මාර්ගයේ  ගමන්ගන්නන්ට හා තිරුකේතිශ්වරම් කෝවිලට ගමන් කරන්නන්ගේ පහසුව තකා තැනින් තැන අම්බලම් සාදා තිබුනා. මෙම අම්බලම එවැනි අම්බලමක්.  තවත් අම්බලමක නටබුන්  වෙඩිතලතිවු පසුකොට කිලෝමීටර 20ක් පමණ පූනරීන් දෙසට මූන්රාම්පිඩ්ඩි ප්‍රදේශයේ පිහිටා තිබෙනනවා.

මෙම අම්බලම වසර 150ක් පමණ බව ජනප්‍රවාදයේ පැවසෙනවා. අම්බලම සෙන්ටිමීටර 60ක් පමණ  උස වේදිකාවක් මත හුනුගලෙන් සදා තියෙනවා. මෙය වටා පරිවාර ගොඩනැගිලි කිහිපයක් තිබුණු බවට යම් සාධක තිබෙනවා. වර්තමානයේ මෙම ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී ඇති අතර බිත්ති කොටස් පමණක් ඉතිරිව තිබෙනවා. පිවිසුම් දොරටුව නැගෙනහිර දෙසට පිහිටා ඇති මෙහි ජනෙල් හා උළුවහු සියල්ල ගලවාගෙන ගොස් තිබෙනවා. මෙම අම්බලම (මඩම) ඉදිරියේ තාප්පයක් තිබුනත් එයද කොටසක් විනාශවී තිබෙනවා.

මන්නාරම යාපනය මාර්ගයේ  කිලෝමීටර 18ක් ගමන්ගත් කල  හමුවන පල්ලෙමඩු මංසන්දියෙන් වමට හැරී කිලෝමීටර 1.25ක් වෙඩිතලතිවු මාර්ගයේ ගමන් ගත්කළ මෙම අම්බලම පිහිටා ස්ථානයට ළඟාවිය හැක.

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

  • The Green Movement of Sri Lanka (no date) Guide to Archaeological Values for Tourism in Mannar District. The Green Movement of Sri Lanka.
  • අසංග, එම්. වී. පී. කේ. සහ නිශාන්ත, අයි. පී. ඇස්., 2018. මන්නාරම දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 1වන සංස්කරණය. කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව,පිටු 105.

සම්බන්ධ වෙනත් පිටු

මන්නාරම විඩිතලතිව් මඩම (අම්බලම) සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මන්නාරම විඩිතලතිව් මඩම (අම්බලම) රියදුරු දිශාවන්

මන්නාරම සිට විඩිතලතිව් මඩම (අම්බලම) දක්වා
හරහා : පූනරීන් පාර
මුළු දුර :කිලෝමීටර 20
ගතවන කාලය  : විනාඩි 20
ගතකල යුතු කාලය : විනාඩි 15-20  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply