මන්නාරම ඉලුක්පකඩවයි පඩවුතුරේ පැරණි මිනින්දෝරු කුළුණ

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (3 votes, average: 1.67 out of 5)

මාන්තයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉලුක්පකඩවයි 04 ග්‍රාම නිලධාරී වසමේ මෙම පැරණි මිනින්දෝරු කුළුණ පිහිටා ඇත. මන්නාරම සිට පූනරීන් මාර්ගයේ කිලෝමීටර 30 ක් ගියතැන ඉලුක්පකඩවයි මංසන්ධියෙන් වමට හැරී පඩවුතුරේ මාර්ගයේ මීටර 200ක් ගමන් කලවිට හින්දු කෝවිලක් ආසන්නයේ මෙම කුළුන දැකගත හැක.

⚙️ [Google Ad 01 -SI]

මෙම කුළුණ මීටර 12-13ක් අතර උසය. ජනප්‍රවාදයට අනුව මෙය ඉදිකර ඇත්තේ පෘතුගීසි ජාතීන් විසිනි. එහෙත්, ශ්‍රී ලංකාවේ තිබෙන බොහෝමයක මෙම වර්ගයේ මිනුම් කුළුණු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාලයේදී, ඉදිකළ බව සැලකේ. මෙයද එම සමයේ ඉදිකිරීමක් විය යුතුය. ක්‍රමයෙන් කුඩා වන සමසතරැස් තට්ටු පහකින් යුතු මෙම  කුළුණේ මුල් තට්ටුව මීටර් 2.31 දිගින් හා පළලින් යුතු වේ. 

මෙම මුල් තට්ටුව සෙන්ටිමීටර 52ක් දිග සෙන්ටිමීටර 18ක් පළල හුණුගල් කුට්ටි භාවිතා කොට ගොඩනඟා ඇති අතර ඉතුරු තට්ටු සෑදීමට පිළිස්සූ ගඩොල් යොදා ගෙන තිබේ. මුල් කොටසේ බටහිර හා නැගෙනහිර මූණත් යාකරමින් මීටර 1.7 ක් උස සෙන්ටිමීටර 78ක් පළල ආරුක්කු දොරටුවක් නිර්මාණය කොට ඇත. මෙම ආරුක්කුවෙන් ඇතුළු වූ පසු කුළුණේ මධ්‍ය ලක්ෂයේ සිට මුදුනට විවෘත වන පරිදි සමචතුරස්‍රාකාර තිරස් සිදුරක් සාදා ඇති අතර එය දිගින් පළලින් සෙන්ටිමීටර් 21කි.  

මෙහි පළවන හා දෙවන මහල් දෙකට වඩා තෙවන මහල උසින් අඩුය. හතරවන හා  පස්වන මහල් මුල් මහල් තුනටම වඩා උස් වන පරිදි සාදා ඇත.  අතීතයේ මෙම කුළුන වටා පවුරක් තිබු බවත් දැන් එය විනාශ වී ගොස් ඇති බවත් ප්‍රදේශවාසීන් පවසයි. 

මෙවැනිම තවත් මිනුම් කුළුණක් මෙම මන්නාරම -යාපනය මාර්ගයේ කිලෝමීටර 4ක් ගොස් තිරුකේතිශ්වරම් කෝවිලට හැරුණු පසු දැකබලා ගත හැක.  එම කුළුන මහල් හතරකින් සමන්විතය.

මෙම කුළුණ වර්ෂ 2016 මාර්තු 25 වන දින පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් කරන ලදී. 

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

  • අසංග, එම්. වී. පී. කේ. සහ නිශාන්ත, අයි. පී. ඇස්., 2018. මන්නාරම දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 1වන සංස්කරණය. කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව,පිටු .113-114.

සම්බන්ධ වෙනත් පිටු

මන්නාරම ඉලුක්පකඩවයි පඩවුතුරේ පැරණි මිනින්දෝරු කුළුණ සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මන්නාරම ඉලුක්පකඩවයි පඩවුතුරේ පැරණි මිනින්දෝරු කුළුණ රියදුරු දිශාවන්

මන්නාරම සිට ඉලුක්පකඩවයි පඩවුතුරේ පැරණි මිනින්දෝරු කුළුණ දක්වා
හරහා : පූනරීන් පාර
මුළු දුර : කිලෝමීටර් 30
ගතවන කාලය : විනාඩි 30
ගත කිරිය යුතු කාලය : විනාඩි 30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply