මන්නාරම මූන්රාම්පිඩ්ඩි මඩම (අම්බලම)

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (2 votes, average: 4.50 out of 5)

මාන්තායි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මූන්රාම්පිඩ්ඩි  ග්‍රාම නිලධාරී  වසමේ මෙම අම්බලම පිහිටා තිබෙනවා.  සාමාන්‍යයෙන් දෙමළ භාෂාවෙන් අම්බලම මඩම යන නමින් හැඳින්වෙනවා. මෙම ප්‍රදේශවල අම්බලම් මහනුවර අම්බලම් ආභාෂයට වඩා හින්දු ආභාෂය මතුවී තිබෙනවා දැක ගන්නට පුළුවන්. 

බ්‍රිතාන්‍ය පාලන සමයේ දී මන්නාරම-යාපනය මාර්ගය පරිහරණය  කරන්නන්ගේ ගිමන් නිවාලීමට මෙම අම්බලම සාදා ඇතැයි සිතීමට පුළුවන්. වර්ථමානයේදී මෙම අම්බලම බොහෝ සේ ගරා වැටිලා වහලය සම්පූර්ණයෙන්ම විනාශවී තිබෙන්නේ.  මෙහි වැටී ඇති උළු මත 1885 යන වර්ෂය සඳහන් ව තිබෙනවා.  එම නිසා මෙම අම්බලම 1885 හා ආසන්න වර්ෂයක  සාදා ඇති බව උපකල්පනය කරන්න පුළුවන්. 

[Google Ad 01 -EN]

මෙම අම්බලමේ පිවිසුම් දොරටුව ඊසාණ දෙසට මුහුණපා ඇති අතර අම්බලම වටා පැතිරුණු ආලින්දයක් තිබූ බවට එහි ඇති දැවකණු සාක්ෂි දරනවා.  එක් දිසාවක  සෙන්ටිමීටර 145ක් උස කණු හතක් හෝ අටක් පමණ තිබූ බව පෙනෙනවා. දැව කණු  සිටවිමට කණු පාදම් යොදාගෙන ඇති අතර මෙම කණු පාදම් අදටත් පෙරළී තිබෙනවා දැක ගන්නට හැකි යි.

මෙම අම්බලමේ  අත්තිවාරම හුණුගල් යොදා සාදා ඇති අතර බිත්ති ගඩොලින් කර තිබෙනවා. අම්බලමට ඇතුළුවීමට කුඩා දැව උළුවස්සක් ඇති අතර එය කැටයම් කර තිබූ බව පෙනෙනවා. 

මන්නාරම යාපනය මාර්ගයේ  කිලෝමීටර 38ක් ගමන්ගත් කල  හමු වන මූන්රාම්පිඩ්ඩි  හන්දියෙන් වමට හැරී මීටර පන්සියයක් පමණ ගමන් ගත්කළ මෙම අම්බලම පිහිටා ස්ථානයට ළඟාවිය හැක. 

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

  • අසංග, එම්. වී. පී. කේ. සහ නිශාන්ත, අයි. පී. ඇස්., 2018. මන්නාරම දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 1වන සංස්කරණය. කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව,පිටු 115.

සම්බන්ධ වෙනත් පිටු

මන්නාරම මූන්රාම්පිඩ්ඩි මඩම (අම්බලම) සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මන්නාරම මූන්රාම්පිඩ්ඩි මඩම (අම්බලම) රියදුරු දිශාවන්

මන්නාරම සිට මූන්රාම්පිඩ්ඩි මඩම (අම්බලම) දක්වා
හරහා : පූනරීන් පාර
මුළු දුර :කිලෝමීටර 38
ගතවන කාලය  : විනාඩි 40
ගතකල යුතු කාලය : විනාඩි 15-20  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

Leave a Reply