මැදමහනුවර හුන්නස්ගිරිය කන්දේ බලකොටුවේ ණටබුන් - Ruins of the Ancient Fort on Hunnasgiriya Kanda Mountain in Medamahanuwara

මැදමහනුවර හුන්නස්ගිරිය කන්ද බලකොටුවේ ණටබුන්

මැදමහනුවර කන්ද අද හඳුන්වන්නේ හුන්නස්ගිරිය කන්ද නමිනි. මෙම කන්ද මුදුනේ පුරාණ බළකොටුවක හෝ මාලිගාවක නටබුන් පවතී. ජනප්‍රවාදයට අනුව මෙම බලකොටුව සාදා ඇත්තේ මහනුවර රජකළ සෙනරත් රජතුමා (1604 – 1635) විසිනි.

Read More
නෙළුම්කුලම රන්කෙත්ගම රජමහා විහාරය පුරාවිද්‍යා ස්ථානය - Nelumkulama Rankethgama Archaeological Site in Vavuniya

නෙළුම්කුලම රන්කෙත්ගම රජමහා විහාරය පුරාවිද්‍යා භූමිය

වව්නියාව අවරන්තුලාව සහ පුවරසන්කුලම් – සෙට්ටිකුලම් මාර්ගය යා කරන මාර්ගයේ පිහිටා ඇති “රන්කෙත්ගම” ඓතිහාසික ගම්මානයකි. වර්තමාන රන්කෙත්ගම විහාරස්ථානයට ඉදිරියෙන් වූ මාර්ගයේ විරුද්ධ පස උස් වූ අතිවිශාල ගල්තලාවක් තිබේ. දුර සිට බලන විටම පෙනෙන්නේ ගරා වැටී ගිය ධාතු චෛත්‍යයකි.

Read More
තවලම බටහේන අම්බලම - Thawalama Batahena Ambalama

තවලම බටහේන අම්බලම

තවලම බටහේන අම්බලම ගිං ගඟේ තොටුපොලක් හා ගැල්කරුවන් යා කරන ස්ථානයක සැදූ අම්බලමකි. එදා ගැල් පිට බඩු පටවාගෙන ගිය තවලම්කරුවන් නවාතැන් ගත් ස්ථානය නිසා තවලම යන නමද මෙම ප්‍රදේශයට ලැබී ඇතැයි විශ්වාස කෙරේ.

Read More
ඔඩ්ඩුසුඩාන් කෙරිඩමඩු පුරාවිද්‍යා ස්ථානයෙන් ඉවත් කොට ඇති මල් ආසනයක්යැයි සැලකිය හැකි වෘත්තාකාර ශෛලමය පුවරුව– Keridamadu Archaeological Site in Mulativu

ඔඩ්ඩුසුඩාන් කෙරිඩමඩු පුරාවිද්‍යා ස්ථානය

ඔඩ්ඩුසුඩාන් කෙරිඩමඩු පුරාවිද්‍යා ස්ථානයේ අනුරාධපුර යුගයට අයත් ගොඩනැගිල්ලක නටබුන් සහ හුණු ගලින් කපා කැටයම් කරනලද ජීවමාන ප්‍රමාණයේ සිටි බුද්ධ ප්‍රතිමාවක හා අවලෝකිතේෂ්වර ප්‍රතිමාවක කවන්ධ හමුවී තිබේ,

Read More
ඔඩ්ඩුසුඩාන් මුතියංකට්ටුකුලම බෞද්‍ය නටබුන් අතර කොටස් දෙකකට කැඩී ගිය විශාල ගල් පුවරුව - Muthiyankaddukulam Buddhist Archaeological Ruins in Oddusuddan, Mulativu

ඔඩ්ඩුසුඩාන් මුතියංකට්ටුකුලම බෞද්ධ නටබුන්

ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මුතියංකට්ටුව වැවට ඉතා ආසන්නව ගල්තලාවක් හා සම්බන්ධ වී මෙම නටබුන් දක්නට තිබේ. ගල්තලාවේ දකුණු අන්තයේ මාලකයක නටබුන් දක්නට තිබේ. ඒ මත හා අවට පැරණි ගඩොල් විසිරී තිබේ.

Read More
මන්නාරම පාලම්පිඩ්ඩි මුත්තුමාරි කෝවිල බෞද්ධ නටබුන් - Muththumari Kovil Buddhist Ruins in Palampiddi Mannar

මන්නාරම පාලම්පිඩ්ඩි මුත්තුමාරි කෝවිල බෞද්ධ නටබුන්

පාලම්පිඩ්ඩි ග්‍රාමය පිහිටා තිබෙන්නේ මන්නාරම මඩු ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාශයේය.මෙම කෝවිල් භූමිය තුළ අනුරාධපුර මුල් යුගයට අයත් පුරාණ සිරිපතුල් ගල් තුනක් දැකිය හැක. එකිනෙකට වෙනස් මෙම සිරිපතුල් 3 දිගින් හා පළලින් සෙන්ටිමීටර් 75×80 හා සෙන්ටිමීටර 53×51 හා සෙන්ටිමීටර 37×43 ප්‍රමාණයෙන් යුතුය.

Read More
Ruins of Vidataltivu Tharama Madam in Mannar

මන්නාරම විඩිතලතිව් මඩම (අම්බලම)

වෙඩිතලතිවු යනු මන්නාරම දිස්ත්‍රික්කයේ මාන්තායි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පිහිටි  මුහුදුබඩ ප්‍රදේශයකි. දෙමළ කොටි ත්‍රස්ථවාදීන් බලවත්  වූ කාලයේදී වෙඩිතලතිවු  ප්‍රධාන මුහුදු කොටි කඳවුරක් ලෙස භාවිතා වුනා. මන්නාරමෙන් ඉහල බස්නාහිර මුහුද LTTE ත්‍රස්තවාදීන් පාලනය කලේ වෙඩිතලතිවු කේන්ද්‍රස්තාන කර ගනිමින්. කොලඹ සිට යාපනයට භට පිරිස් ගෙන නෞකා බොහොමයකට පහරදීමට මෙම කඳවුර භාවිතා කොට තිබුණා.

Read More
මන්නාරම මූන්රාම්පිඩ්ඩි මඩම (අම්බලම) - Moonrampiddi Madama (Ambalama) in Mannar

මන්නාරම මූන්රාම්පිඩ්ඩි මඩම (අම්බලම)

මාන්තායි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මූන්රාම්පිඩ්ඩි  ග්‍රාම නිලධාරී  වසමේ මෙම අම්බලම පිහිටාතිබෙනවා.  සාමාන්‍යයෙන් දෙමළ භාෂාවෙන් අම්බලම මඩම යන නමින් හැඳින්වෙනවා. මෙම ප්‍රදේශවල අම්බලම් මහනුවර අම්බලම් ආභාෂයට වඩා හින්දු ආභාෂය මතුවී තිබෙනවා .

Read More
මන්නාරම තිරුකේතිශ්වරම් කෝවිල පාර පැරණි මිනින්දෝරු කුළුණ - Thiruketheeswaram Kovil Road Survey Tower

මන්නාරම තිරුකේතිශ්වරම් කෝවිල පාර පැරණි මිනින්දෝරු කුළුණ

තිරුකේතීෂ්වරම්  කෝවිලට පිවිසුම් මාර්ගයේ මීටර 200ක් පමණ ගමන්ගත් විට දකුණු පසින් වැවට මුහුණලා ඉංග්‍රීසි අවධියට අයත් යැයි විශ්වාස කළ හැකි උස් වූ කුළුණක් දැකගත හැක. සතරැස් මෙම කුළුණ මහල් හතරකින් යුක්තය.  මෙහි මුල් කොටසේ පැත්තක දිග මීටර 2.4ක් වන අතර උස මීටර 2.3ක් වේ.  ඉතිරි මහල් තුන ක්‍රමයෙන් කුඩා වන ලෙස ඉහලට නංවා ඇත.

Read More
ඉලුක්පකඩවයි පඩවුතුරේ පැරණි මිනින්දෝරු කුළුණ - Illuppaikadavai Padavuthurai Survey Towerඉලුක්පකඩවයි පඩවුතුරේ පැරණි මිනින්දෝරු කුළුණ - Illuppaikadavai Padavuthurai Survey Tower

මන්නාරම ඉලුක්පකඩවයි පඩවුතුරේ පැරණි මිනින්දෝරු කුළුණ

මාන්තයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉලුක්පකඩවයි 04 ග්‍රාම නිලධාරී වසමේ මෙම පැරණි මිනින්දෝරු කුළුණ පිහිටා ඇත. මන්නාරම සිට පූනරීන් මාර්ගයේ කිලෝමීටර 29ක් ගියතැන ඉලුක්පකඩවයි මංසන්ධියෙන් වමට හැරී පඩවුතුරේ මාර්ගයේ මීටර 200ක් ගමන් කලවිට හින්දු කෝවිලක් ආසන්නයේ මෙම කුළුන දැකගත හැක. 

Read More
කටුගස්තොට යටිවාවල අම්බලම - Katugasthota Yatiwawala Ambalama

ගලගෙදර යටිවාවල අම්බලම

 යටිවාවල අම්බලම පුරාණ මහනුවර කුරුණෑගල අතර ගමන්ගන්නන්ගේ පහසුව තකා සෑදු අම්බලමක් වීමට පුළුවන්. මෙය සදා තිබෙන්නේ ගඩොල් හා බදාමයෙන්.  සිමෙන්ති පාදමක් මත කණු සතරක් නංවා ඒමත වහලය ගොඩනංවා තිබෙනවා. එමනිසා මෙහි කලාත්මක වටිනාකමකින් යුත් නිර්මාණ දක්නට නැහැ.

Read More
පාවත්කුලම මහඋළුක්වැව පුරාවිද්‍යා භූමිය - Pawathkulama Mahaulukwewa Archaeological Site

පාවත්කුලම මහඋළුක්වැව පුරාවිද්‍යා භූමිය

පාවත්කුලම මහඋළුක්වැව විහාරය නිසැකවම අනුරාධපුර මුල්යුගය තෙක් විහිදෙන ඉතිහාසයක් සහිත ස්ථානයක් වනවාට සැක නැත. ගල් තලාවේ එක් ස්ථානයක තරමක් විශාල ගොඩැල්ලක් ලෙසට පවතින ස්ථානය ඉපැරණි චෛත්‍යයකි. එය නිධන්හොරුන් විසින් හාරා විනාශකොට ඇත. තවත් එවැනිම කුඩා ගොඩැල්ලක් දක්නට ලැබෙන අතර එහි පහන් පැලක් සකසාඇත. මෙහි ඉඳහිට අවට කුඹුරුවල වැඩකටයුතු වලට පැමිණෙන ගොවියන් පහන් දල්වනු ලබයි.

Read More
Aluthdivulwewa Purana Tampita Viharaya - අළුත්දිවුල්වැව පුරාණ ටැම්පිට විහාරය

අළුත්දිවුල්වැව පුරාණ ටැම්පිට විහාරය

අලුත්දිවුල්වැව ටැම්පිට විහාරයේ ඇතුල්වන දොරටුවේ දොරටුපාල පිළිම දෙකෙන් එකක් විනාශ වෙලා ඉතිරිව ඇත්තේ එකක් පමණයි. පිටබිත්ති සුදු පිරියම් කොට තිබෙනවා. ඇතුලත බිත්ති චිත්‍ර නුවර යුගයේ සම්ප්‍රදායට ඇඳ තිබෙනවා. අවාසනාවකට බොහෝ චිත්‍ර නිසි නඩත්තුවක් නොමැති කමින් විනාශ වෙමින් පවතිනවා. ඇතුලත පිළිම 3ක් පමණක් අද ඉතිරව තිබෙනවා.

Read More
මාරස්සන දෙහල්කඩ අම්බලම - Marassana Dehalkada Ambalama

මාරස්සන දෙහල්කඩ අම්බලම

දෙහල්කඩ අම්බලම සාදා තිබෙන්නේ කබොක් ගලෙන් හා බදාමයෙන්. මෙහි නිර්මාණය අනෙකුත් අම්බලම් වලට වඩා වෙනස් බවක් දක්වනවා. මෙහි බිත්ති කෝනාකාරව කොන් සතරට එක්වන ලෙසට සාදා තිබෙනවා. අම්බලමේ විශාලත්වය හේතුවෙන් එහිදෙපැත්තේ  හා පිටුපසින් බිත්ති මැදින් කණු තුනක් වහලයේ බර දැරීමට එකතු කර තිබෙනවා. ඉදිරිපස හා පසු බිත්තියේ මගීන් සඳහා ආසන සාදා තිබෙනවා.

Read More
මාවනැල්ල මාකඩවර අම්බලම - Mawanella Makadawara Ambalama

මාවනැල්ල මාකඩවර අම්බලම

මාවනැල්ල මාකඩවර අම්බලම තරමක් විශාලයි. ප්‍රමාණයෙන් අඩි 20ක් දිග හා පළල සමචතුරස්‍රාකාර ගොඩනැගිල්ලක් වන මෙහි වහලය විශාල අටපට්ටම් කණු සතරක් මත රඳා පවතිනවා. මෙම අම්බලම මුලින් කුඹුරු යායක් මැද  පිහිටා තිබුනත් අම්බලම තිබෙන ප්‍රදේශය දැන් පුරවා නිවාස සෑදිලා. එමනිසා මෙහි මුල් පාදමේ උස පෙනේනේ නැහැ. 

Read More
ත්‍රිකුණාමලය ඇටඹගස් උල්පත දාගැබ හා අවට නටබුන් - Trincomalee Atambagas Ulpotha Archaeological Ruins

ත්‍රිකුණාමලය ඇටඹගස් උල්පත දාගැබ හා අවට නටබුන් (Trincomalee Atambagas Ulpotha Archaeological Ruins)

විලංකුලම වැව පාමුල පිහිටි දිවුල් වැව රජමහ විහාරයේ ස්ථුප ඝණයට අයත් වන ඇටඹගස් උල්පත දා ගැබ හා ඒ අවට නටඹුන් අක්කර දහයක පමණ බිමක් පුරා විසිර පවති. දිවුල් වැව රජමහ වෙහෙරට කිලෝ මිටර් එකහමාරක් පමණ දුරින් වැව් බැම්ම කෙලවර වනයේ මෙම නටඹුන් පිහිටා තිබේ. සුවිශාල ආරාම සංකිර්ණයක නටඹුන් බව කිව හැකිය.

Read More
මාවනැල්ලේ අලගල්ල අම්බලම - Alagalla Ambalama in Mawanella

මාවනැල්ලේ අලගල්ල අම්බලම

වසර 100 ක් පමණ පරණ අරණායක, මැදිලිය, අලගල්ල අම්බලම මෙ වන විට අඹලන් තත්වයේ ඇති බව එම ප්‍රාදේශවාසීන් පවසයි. දැනට අම්බලමේ ඇති වහලය රදවා ඇති මුක්කු කිහිපයක්ම ඉතා අඹලන් තත්වයේ ඇති අතර ප්‍රාදේශවාසීන් පවසන්නේ මෙම ගරා වැටෙන අම්බලම ඉතා ඉක්මනින් නඩත්තු නොකර හොත් ඉක්මනින් කඩා වැටිමේ අවදානමක් ඇති බවයි.

Read More
ගලෙන් නිමකළ මාතලේ අම්බොක්ක අම්බලම - Matale Ambokka Stone Ambalama

ගලෙන් නිමකළ මාතලේ අම්බොක්ක අම්බලම

අම්බොක්ක අම්බලම වසර 300ක් පමණ පැරණි බව පවසනවා. හොඳින් සුරැකිව තිබෙන මෙම අම්බලම ප්‍රමාණයෙන් කුඩාවට සමසතරැස් ලෙස ගලින් නිර්මාණය කර තිබෙනවා. කුඩා පාදමක් මත ඔපමන්ට්ටම් කල ශෛලමය කුළුණු 4ක් සිරස්ව තබා ඒමත  වහලය ගොඩනංවා තිබෙනවා. තිරස්ව තැබූ තවත් කුළුණු සතරක් මෙම සිරස් කුළුණු අතර තබා සිඳ ගැනීමට පිළ  ලෙස සකසා තිබෙනවා. 

Read More
ත්‍රිකුණාමලය කිරුළු වෙහෙර පුරාවිද්‍යා භූමිය - Trincomalee Kirulu Vehera Archaeological Site

ත්‍රිකුණාමලය කිරුළු වෙහෙර පුරාවිද්‍යා භූමිය

කන්තලේ සිට ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගයේ ඇති මෙම කන්ද මුදුනේත් එහි පාමුලත් පුරාණයේ විශාල ලෙස පැතිරී තිබූ  ආරාමයක ණටබුන්  පැතිරී තිබෙනවා. කඳු මුදුනේ ණටබුන් අතර කුඩා දාගැබක්, පධානඝරයක පාදමක්, ශෛලමය පොකුණු 7ක්, මීටර් 500කට වඩා දිග විශාල ගල් කුට්ටියෙන් සාදනලද ගරාවැටුණු ගල් පවුරක් ඇතුලත් වනවා.

Read More
මාවනැල්ල වැත්තෑව අම්බලම - Mawanella Waththewa Ambalalma

මාවනැල්ල වැත්තෑව අම්බලම

වැත්තෑව අම්බලම කුඩා සතරැස් අම්බලමක්.  කුඩා පාදමක් මත මෙම අම්බලම සාදා තිබෙනනවා. අඩි  2½ ක පමණ උසට බිත්ති ගොඩගනවා ඒමත සිලින්ඩරාකාර කුළුණු 4 ක් ගොඩ නංවා වහලය ඒමත රඳවා තිබෙනවා. වැත්තෑව අම්බලම මෑත  කාලයකදී සදා තිබෙන්නේ සිමෙන්තියෙන්.

Read More