මන්නාරම ඉලුක්පකඩවයි පඩවුතුරේ පැරණි මිනින්දෝරු කුළුණ – Illuppaikadavai Padavuthurai Survey Tower

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 1.00 out of 5)
Loading...
ඉලුක්පකඩවයි පඩවුතුරේ පැරණි මිනින්දෝරු කුළුණ - Illuppaikadavai Padavuthurai Survey Towerඉලුක්පකඩවයි පඩවුතුරේ පැරණි මිනින්දෝරු කුළුණ - Illuppaikadavai Padavuthurai Survey Tower

ඉලුක්පකඩවයි පඩවුතුරේ පැරණි මිනින්දෝරු කුළුණ – Illuppaikadavai Padavuthurai Survey Tower

මාන්තයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉලුක්පකඩවයි 04 ග්‍රාම නිලධාරී වසමේ මෙම පැරණි මිනින්දෝරු කුළුණ පිහිටා ඇත. මන්නාරම සිට පූනරීන් මාර්ගයේ කිලෝමීටර 30 ක් ගියතැන ඉලුක්පකඩවයි මංසන්ධියෙන් වමට හැරී පඩවුතුරේ මාර්ගයේ මීටර 200ක් ගමන් කලවිට හින්දු කෝවිලක් ආසන්නයේ මෙම කුළුන දැකගත හැක.

මෙම කුළුණ මීටර 12-13ක් අතර උසය. ජනප්‍රවාදයට අනුව මෙය ඉදිකර ඇත්තේ පෘතුගීසි ජාතීන් විසිනි. ක්‍රමයෙන් කුඩා වන සමසතරැස් තට්ටු පහකින් යුතු මෙම  කුළුණේ මුල් තට්ටුව මීටර් 2.31 දිගින් හා පළලින් යුතු වේ. 

 

මෙම මුල් තට්ටුව සෙන්ටිමීටර 52ක් දිග සෙන්ටිමීටර 18ක් පළල හුණුගල් කුට්ටි භාවිතා කොට ගොඩනඟා ඇති අතර ඉතුරු තට්ටු සෑදීමට පිළිස්සූ ගඩොල් යොදා ගෙන තිබේ. මුල් කොටසේ බටහිර හා නැගෙනහිර මූණත් යාකරමින් මීටර 1.7 ක් උස සෙන්ටිමීටර 78ක් පළල ආරුක්කු දොරටුවක් නිර්මාණය කොට ඇත. මෙම ආරුක්කුවෙන් ඇතුළු වූ පසු කුළුණේ මධ්‍ය ලක්ෂයේ සිට මුදුනට විවෘත වන පරිදි සමචතුරස්‍රාකාර තිරස් සිදුරක් සාදා ඇති අතර එය දිගින් පළලින් සෙන්ටිමීටර් 21කි.  

මෙහි පළවන හා දෙවන මහල් දෙකට වඩා තෙවන මහල උසින් අඩුය. හතරවන හා  පස්වන මහල් මුල් මහල් තුනටම වඩා උස් වන පරිදි සාදා ඇත.  අතීතයේ මෙම කුළුන වටා පවුරක් තිබු බවත් දැන් එය විනාශ වී ගොස් ඇති බවත් ප්‍රදේශවාසීන් පවසයි. 

මෙම කුළුණ වර්ෂ 2016 මාර්තු 25 වන දින පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් කරන ලදී. 

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

  • අසංග, එම්. වී. පී. කේ. සහ නිශාන්ත, අයි. පී. ඇස්., 2018. මන්නාරම දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 1වන සංස්කරණය. කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව,පිටු .113-114.

සම්බන්ධ වෙනත් පිටු

මන්නාරම ඉලුක්පකඩවයි පඩවුතුරේ පැරණි මිනින්දෝරු කුළුණ සිතියම


ගූගල් සිතියම් පහලින් - Please click on the button below to load the Dynamic Google Map -
.


ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.


මන්නාරම ඉලුක්පකඩවයි පඩවුතුරේ පැරණි මිනින්දෝරු කුළුණ රියදුරු දිශාවන්

මන්නාරම සිට ඉලුක්පකඩවයි පඩවුතුරේ පැරණි මිනින්දෝරු කුළුණ දක්වා

හරහා : පූනරීන් පාර
මුළු දුර : කිලෝමීටර් 30
ගතවන කාලය : විනාඩි 30
ගත කිරිය යුතු කාලය : විනාඩි 30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com
Comments
Tagged with: