
ජයාරුපය : පෞරාණික ස්ථාන හා ස්මාරක – මුලතිව් දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
නම වන ගජබා රෙජිමේන්තු මූලස්ථාන භූමිය පවතින්නේ වැලිඔය කිරිඉබ්බන්වැව ප්‍රදේශයෙන් නෙළුම්වැව යයි හඳුන්වන පුරාණ වැව් කර්මාන්තය ඉදිරියේය.
මෙහි ඇති බෝධි වෘක්ෂය වටා පුරාණ බෝධිඝරයට අයත් ගල්කණු කිහිපයක් දැකගත හැක. මේවයින් සමහරක් වෙනස් ස්ථානයකින් ගෙන පැමිණ ඇති බව සඳහන් වූවත් ඒවා ගෙන ආවේ කුමන ස්ථානයකින්ද යන්න සඳහනක් නොමැත. බෝධිඝරයෙන් පිටත මුල් වලින් හා පසින් වැසුනු ගල් කණු කිහිපයක්, කොරවක් ගලක් හා පියගැට පෙළක සාධක දැකගත හැක. මේවයේ ලක්ෂණ අනුව මෙම ස්ථානය අනුරාධපුර යුගයට අයත් බවත් නිර්මාණය කළ හැක.
බෝධිඝරය මධ්‍යයේ ශෛලමය සමාධි බුදු පිළිමයක් දක්නට තිබේ. මෙම පිළිමය අක්කරවල්ලි නම් ස්ථානයෙන් ගෙන ආ බව සදහන් වේ. අක්කරවල්ලි අනුරාධපුරයට අයත් පුරාණ සංඝාරාමයක් ලෙස හඳුනාගෙන ඇත. මෙම බුද්ධ ප්‍රතිමාව හමුවන විට කොටස්වලට කැඩී තිබී ඇති අතර සිමෙන්ති යොදා එය නැවත ප්‍රතිස්ථාපනය කර ඇති බව පෙනේ.
මෙම භූමිය තරමක් දුරින් ඇති ගල් කුලක පුරාණයේ ගල්කොරියක් පවත්වාගෙන සලකුණු දක්නට තිබේ. මෙහි ඇති ගල් කටු ලක්ෂණ අනුව මෙම කොරිය අනුරාධපුර අවධියට අයත් බව නිර්ණය කළ හැක.
මූලාශ්‍ර :
- අසංග, එම්. වී. පී. කේ. සහ නිශාන්ත, අයි. පී. ඇස්., 2018. පෞරාණික ස්ථාන හා ස්මාරක – මුලතිව් දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 1වන සංස්කරණය. කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව, පි127-128
- Archaeologysl.maps.arcgis.com. 2020. Web GIS Portal – Web GIS Unit. [online] Available at: <https://archaeologysl.maps.arcgis.com/home/index.html> [Accessed 30 September 2020].
සම්බන්ධ වෙනත් පිටු
නෙළුම්වැව 9වන ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පුරාවිද්‍යා නටබුන් සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
නෙළුම්වැව 9වන ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පුරාවිද්‍යා නටබුන් රියදුරු දිශාවන්
පදවිය සිට නෙළුම්වැව 9වන ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පුරාවිද්‍යා නටබුන් දක්වා |
හරහා : වැලිඔය මුළු දුර : කිලෝමීටර් 26 ගතවන කාලය : විනාඩි 40 ගත කිරිය යුතු කාලය : විනාඩි 30-60 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |