මුලතිව් වෙඩිවෙට්ටුකල්ලු දකුණ පිළිම ගෙය සහිත පුරාවිද්‍යා ස්ථානය (Wediwettukallu South Archaeological Site with a Image House)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 3.67 out of 5)
Loading...

මුලතිව් දිස්ත්‍රික්කය තිස් වසරක ත්‍රස්තවාදී යුද්ධයකින් බැට කෑ ප්‍රරදේශයක් පමණක් නොව මුලතිව් නගරය දෙමළ ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන බල මූලස්ථානයක්ද විය. මෙහි තැනින් තැන නිතර ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට ලක්වූ සිංහල මායිම් ගම්මානද, වල් වැදී ගිය අතහැර දමන ලද පුරාණ වැව්ද විශාල ප්‍රමාණයක් විසිරී පවතී. මේ අතර මහ වනයෙන් වසාගත් ප්‍රදේශයන්හි සොයා ගත් හා නොගත් අනුරාධපුර යුගයට අයත් බෞද්ධ සිද්ධස්ථාන හා ජනාවාස විශාල ප්‍රමාණයක් විසිරී පවතී.

යෝජිත කිවුල් ඔය ජලාශ ව්‍යාපෘතිය යටතේ සිදුකරන ලද පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවේ මෙම ව්‍යාපෘතියෙන් බලපෑම් ඇතිවන පුරාවිද්‍යා ස්ථාන පනහකට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඇත.

සම්පූර්ණයෙන්ම විනාශයට පත් වන පුරාවිද්‍යා ස්ථාන අතරින් වෙඩිවෙට්ටුකල්ලු දකුණ පිළිම ගෙය සහිත භූමිය තාම වැදගත් පුරාවිද්‍යා ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇත.

යෝජිත කිවුල් ඔය ජලාශයේ ඉහළ කෙළවරෙහි මෙම පුරාවිද්‍යා ස්ථානය පිහිටා ඇත. වර්තමානයේ උස් බිමක් ලෙස පෙනෙන්නට ඇති මෙම ස්ථානය පස් කැපීම නිසා එම තත්ත්වයට පත්ව ඇත. ගල් කණු 4 බැගින් සිටින ලෙස සකස් කරන ලද මෙම පිළිමගෙයි මධ්‍ය නිදන් හොරුන් විසින් දැනට වසර කීපයකට පෙර හාරා ඇත. මෙම පිළිම ගෙය දිගින් මීටර් 38ක් සහ පළලින් මීටර 8ක් වන ගොඩනැගිල්ලකි.

කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව පුරාවිද්‍යා ස්ථානයක් ලෙස මෙය නම් කළ බවට පුවරුව දක්නට ලැබේ. කිවුල් ඔය ජලාශ ව්‍යාපෘතියෙන් සම්පූර්ණයෙන් විනාශ වන මෙම පුරාවිද්‍යා ගොඩනැගිල්ල මෙම ස්ථානයෙන් සම්පූර්ණයෙන්ම කොටස් වශයෙන් ගලවා ඉවත්කර පූරාවිද්‍යාත්මක හා වාස්තු විද්‍යාත්මක අංග ආරක්ෂා වන අයුරින් වෙනස් ස්ථානයක නැවත ස්ථාපිත කිරීමට නියමිතය.

මෙම ස්ථානයට ළඟාවීම සඳහා පදවිය සිට වැලිඔය දක්වා ගමන් කොට, වැලිඔය මා ඔය හරහා ඇති පාලම පසුකොට නැදුන්කේනි දිශාවට හරවා එම මාර්ගයෙන් 623වන බල සේනා මූලස්ථානය දිශාවට ඇති බොරළු මාර්ගය ඔස්සේ කිලෝමීටර 5ක් පමණ ගමන්ගෙන මෙම පුරාවිද්‍යා ස්ථානයට ලඟා විය හැක.

මූලාශ්‍ර :

  • Mahaweli Consultancy Bureau (pvt) Ltd, 2020. Environmental Impact Assessment Report For The Proposed Kivul Oya Reservoir Project. Final Report. Colombo: Mahaweli Authority of Sri Lanka.
  • 2014. Proposed Kivul Oya Reservoir Project. EIA FINAL Report. Colombo: Mahaweli Authority of Sri Lanka.

සම්බන්ධ වෙනත් පිටු

වෙඩිවෙට්ටුකල්ලු දකුණ පිළිම ගෙය සහිත පුරාවිද්‍යා ස්ථානය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

වෙඩිවෙට්ටුකල්ලු දකුණ පිළිම ගෙය සහිත පුරාවිද්‍යා ස්ථානය රියදුරු දිශාවන්

පදවිය සිට වෙඩිවෙට්ටුකල්ලු දකුණ පිළිම ගෙය සහිත පුරාවිද්‍යා ස්ථානය දක්වා
හරහා :වැලිඔය
මුළු දුර : කිලෝමීටර් 20
ගතවන කාලය : විනාඩි 30
ගත කිරිය යුතු කාලය : විනාඩි 30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply