නව අමුණෙන් විනාශ වූ ඉලුක්වැව පුරාණ අමුණ

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (1 votes, average: 5.00 out of 5)
නව අමුණෙන් විනාශ වූ ඉලුක්වැව  පුරාණ අමුණ - Ancient Ilukwewa Amuna on Yan Oya
නව අමුණෙන් විනාශ වූ ඉලුක්වැව පුරාණ අමුණ – Ancient Ilukwewa Amuna on Yan Oya
ජයාරූපය : මධ්‍ය යාන් ඔය නිම්නයේ කොක්එබේ මෙගලිතික සුසානය ආශ්‍රිත පුරාවිද්‍යා කැනීම හා තදාශ්‍රිත ප්‍රදේශයේ පුරාණ මානව ජනාවාසකරණය

යාන් ඔය ආශ්‍රිත ඇළ මාර්ගවල ක්‍රියාකාරිත්වය පිළිබඳව සොයා බැලීමේදී එක් එක් ස්ථාන වල අමුණු ඉදිකිරීමේ පරමාර්ථය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කරගත හැක. කිසියම් ජලමාර්ගයක ගලා බසින ජලය  ගොවිතැන් කටයුතු සඳහා හැරවීම  සඳහා ජල මාර්ගය හරහා වේලි ඉදිකිරීම පුරාණ වාරි කර්මාන්තය සමඟම ඇතිවිය. මේවා ශ්‍රී ලංකාවේ අමුණු ලෙස හැඳින්වේ.  පුරාණයේ යාන් ඔය හරහා මෙවන් ගල් අමුණු ගණනාවක් පැවති බව ඔයේ තැනින් තැන තවමත් පවත්නා ශෛලමය ශේෂයන් කියාපායි.

මේවා සමහරක් නම්

  1. ඉලුක්වැව පුරාණ අමුණ
  2. කොක්එබේ පුරාණ අමුණ
  3. විලේවැව පුරාණ අමුණ
  4. හබගම පුරාණ ගල් පාලම හා අමුණ
  5. යාන් ඔය පුරාණ ගල් පාලම හා අමුණ
  6. වාහල්කඩ පුරාණ අමුණ
[Google Ad 01 -EN]

උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉලුක්වැව ගම්මානය ආශ්‍රිතව ගලෙන්බිඳුනුවැව කහටගස්දිගිලිය මාර්ගයේ ඉලුක්වැව ගම්මානයේ ප්‍රධාන මාර්ගයේ සිට මීටර 500 ක් පමණ දුරින් පිහිටා තිබෙන මෙම පුරාණ ඉලුක්වැව අමුණ හුරුළු වැවට පහළින් යාන් ඔය හරස් කොට ඉදිකරන ලද්දකි. මෙම ස්ථානයට ළඟාවීම සඳහා ඉලුක්වැව සිට හල්මිල්ලෑව දෙසට කිලෝමීටර 5.2ක් ගමන් කොට දකුණු දෙසට ඇති ඉලුක්වැව ඇනිකට් ලෙස වාරිමාර්ග දෙපාර්තුමේන්තුව විසින් දක්වා ඇති මාර්ගයේ මීටර 600ක් ගමන් කල යුතුය.

මෙම පුරාණ අමුණ සම්බන්ධයෙන් ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් නොවේ.  එහෙත් ජනප්‍රවාදයට අනුව කියවෙන්නේ මෙම අමුණ හුරුළු වැවට වඩා පැරණි බවයි.  වර්තමානයේදී මෙම අමුණ  පිහිටි ස්ථානයේම නව අමුණක් ගොඩනඟා ඇත. වාරිමාර්ග දෙපාර්තුමේන්තුව විසින් වර්තමානයේ ඉලුක්වැව ඇනිකට් ලෙස හඳුන්වනේ එයයි.   නව අමුණට කළුගල් ලබාගෙන ඇත්තේ පුරාණ අමුණ විනාශ කරමිණි. එබැවින් මෙහි අද දක්නට ඇත්තේ ඉතා සුළු සාක්ෂි ප්‍රමාණයක් පමණි.  පුරාණ අමුණේ නටබුන් නව අමුණට පහළින් ඒ අසලම යාන් ඔයේ වම් ඉවුර සමීපයේ දක්නට තිබේ .

මෙම අමුණ සාදා ඇත්තේ යාන් ඔය හරහා වැටී තිබූ ස්වභාවික ගල් තලාවක් උපයෝගී කොටගෙනය.  මෙම ගල්තලාවේ සිදුරු කපා ඒ මත සිරස් ලෙස ගල් කණු සිටුවා එම කණු ආධාරයෙන් තිරස් අතට අමුණ ගොඩනගා ඇති බව පෙනේ.  අනුරාධපුර යුගයට නෑකම් කියන ඕවලාකාර සිදුරු සහ පොලොන්නරු යුගයට නෑකම් කියන ආයතාකාර සිදුරු ද  මෙහි ඇති ගල් කුට්ටිවල දක්නට ලැබේ.  එබැවින් මෙම අමුණ අනුරාධපුර යුගයේ සිට පොලොන්නරුව යුගය දක්වාම භාවිතා කොට ඇති බව පෙනේ.

අමුණට හරවන ස්ථානය - The turn off to the new Ilukwawa Anicut
අමුණට හරවන ස්ථානය – The turn off to the new Ilukwawa Anicut

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

  1. විතානාච්චි, ච. රෝ. සහ මෙන්ඩිස්, ඩී. තු. , 2017. මධ්‍ය යාන් ඔය නිම්නයේ කොක්එබේ මෙගලිතික සුසානය ආශ්‍රිත පුරාවිද්‍යා කැනීම හා තදාශ්‍රිත ප්‍රදේශයේ පුරාණ මානව ජනාවාසකරණය. 1st ed. මිහින්තලේ: ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය.

සම්බන්ධ වෙනත් පිටු

යාන් ඔය නිම්නයේ සැඟවුණු පුරාණ ඉලුක්වැව අමුණ සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

යාන් ඔය නිම්නයේ සැඟවුණු පුරාණ ඉලුක්වැව අමුණ රියදුරු දිශාවන්

අනුරාධපුර සිට යාන් ඔය ඉලුක්වැව අමුණ දක්වා
හරහා : මිහින්තලේ – තම්මැන්නාව – ගලෙන්බිඳුණුවැව
මුළු දුර: කිලෝමීටර 45
ගතවන කාලය  : විනාඩි 60
ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)