
Photo Credits : Janaka Roshan Ranasinghe
අළුත් හේරත්ගම යනු පාදෙනිය සහ අනුරාධපුර අතර මධ්‍යයේ පිහිටි ගමකි. මෙම විහාරස්ථානයට ළඟාවීම සඳහා පාදේනියේ සිට අනුරාධපුර මාර්ගයේ කිලෝමීටර 40 ක් හෝ අනුරාධපුර සිට කි.මී. 41 ක් ගමන් ගෙන අළුත්හේරත්ගම වැව දෙසට ඇති මාර්ගයට ඇතුළු විය යුතුය. විහාරය මෙම මාර්ගයේ මීටර 50ක් පමණ ගමන්කලවිට හමුවේ.
මෙම විහාරය නවීන පෙනුමක් ඇති අතර මෑතකදී ඉදිකරන ලද ගොඩනැගිලි බොහොමයක් ඇත. කෙසේ වෙතත් මෙම නවීන ගොඩනැඟිලි මධ්‍යයේ කුඩා ටැම්පිට විහාරයක් දැකගත හැක.
ටැම්පිට විහාර මහනුවර රාජධානිය පැවති කාලය තුල ජනප්‍රිය ගෘහ නිර්මාණ අංගයක් වූ අතර මෙහිදී ගෘහය වේදිකාවක් මත ඉදිකරන ලද අතර එම වේදිකාව ගල් කුළුණු මත තබා ගොඩනැගිණි.
අළුත් හේරත්ගම ටැම්පිට විහාරය ගල් කුළුණු 10 ක් මත ඉදිකර ඇති අතර එහි සාමාන්‍ය උස සෙන්ටිමීටර 51 කි. මෙවන් ගොඩනැගිළිවල සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ප්‍රදක්ෂිණා පථයක් මෙහි නොමැත. මෙහි ප්‍රථිමා ගෘහයේ දිග මීටර් 2.95 ක් සහ පළල මීටර් 2.36 කි. සම්පූර්ණ ගොඩනැගිල්ල මීටර් 3.94 ක් සහ පළල මීටර් 2.36 වේ.
මූලාශ්‍ර
සම්බන්ධ වෙනත් පිටු
- ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ටැම්පිට විහාර ලැයිස්තුව
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව
- කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන
අළුත් හේරත්ගම ටැම්පිට විහාරය සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
අළුත් හේරත්ගම ටැම්පිට විහාරය දිශාවන්
| පාදෙණිය සිට අළුත් හේරත්ගම ටැම්පිට විහාරය දක්වා |
|---|
| හරහා :අඹන්පොල මුළු දුර : කිලෝමීටර් 40 ගතවන කාලය : විනාඩි 45 ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (301) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)
z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (41) අනුරාධපුර රාජධානිය (4) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (38) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)



(4 votes, average: 3.25 out of 5)
