අස්මඩල පුරාණ ටැම්පිට විහාරය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (4 votes, average: 2.25 out of 5)
Loading...

අස්මඩල ටැම්පිට විහාරය සැඟවී තිබෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ උස්සපිටිය සහ හෙට්ටිමුල්ල අතර පිහිටි දුෂ්කර අස්මඩල ගම්මානයේ පුරාණ සුගත බිම්බාරාම විහාර භූමියේ.

කෑගල්ල දිස්ත්‍රික්කයට අයිති කඳු හෙල්වලින් පිරුණු පළාතක් තමයි අස්මඩල කියන්නේ. ගම පසුබිමෙන් දකින්න තියෙන්නෙ ඌරාකන්ද හා වාකිරිගල කඳු පර්වත. ගහකොළවලින් ගැවසී ගත් තුරු ගොමුවලින් හා කුඹුරු යායන්ගෙන් පිරුණු මේ ගම්මානය අදත් ඉතා සශ්‍රීක බවක් පෙන්වනවා. අස්මඩල කියන නම හැදුණු හැටි ගැන කියැවෙන ජනප්‍රවාද කිහිපයක් තිබෙනවා. රාවණා රජ්ජුරුවො දඩයමේ යන අතරෙ දැවැන්ත ඌරෙක් දැකලා තියෙනවා. රජ්ජුරුවො විදින්න දුනු සකස් කරන ශබ්දයෙන් බියවුණු ඌරා රජතුමාගේ පරිවාර යක්ෂයෙක් ළඟින්ම පැනලා දිව්වලු. තමන්ගෙ ළඟින්ම පැනලා ගියත් සැලකිල්ලක් නොදක්වාම ඒ දිහාව බලාගෙන හිටිය යක්ෂයා දැකපු රජතුමා කෝපයට පත්වෙලා හීයක් අරගෙන ඔහුටත් විදලා තියෙනවා. යක්ෂයා ලේ පෙරාගෙනම මඩ ගොහොරුවකට ඇදවැටුණලු- එතැන ලෙයින් තෙත්වෙලා අස්සක් මුල්ලක් නෑරම ලේ ගලාගෙන ගිය හින්දා ‘අස් මඩ ලේ’ වෙලා පස්සෙ ‘අස්මඩල’ යන නමින් හඳුන්වපු බවයි ජනප්‍රවාදය.

තවත් ජනප්‍රවාදයක කියැවෙන්නෙ මලය දේශයට ආරක්ෂාව සොයාගෙන ආපු රජවරු මේ ප්‍රදේශයේ සැඟවිලා සේනා සංවිධාන කරලා තියෙනවා. ඒ විදියට ‘රණ තුරඟුන්’ ඒ කියන්නෙ අශ්වයන් පුහුණු කරපු ප්‍රදේශය පස්සෙ ‘අස්මඩල’ වුණු බවයි තවත් ජනප්‍රවාදයක කියැවෙන්නෙ.

අද මෙම විහාරස්ථානයේ දැකගත හැකි සුවිශේෂී ලක්ෂණයක් වන්නේ මෙම ටැම්පිට විහාරයයයි. ටැම්පිට විහාර කියන්නේ මහනුවර යුගයේ විහාර වල ජනප්‍රිය වූ ගෘහ නිර්මාණ අංගයක්. මෙහිදී විහාරය ඉදි වන්නේ කළු ගල් කඳන් මතයි. මෙම විහාරස්ථානයේ ටැම්පිට විහාරය අඩි 3 ක් පමණ උස ගල් කණු මත ඉදිකර තිබෙන අතර සාපේක්ෂව තරමක් කුඩායි. අවාසනාවකට මෙන්, මෙම විහාරයේ ගල් කණු කොන්ක්‍රීට් දමා වසා දාල ඇති නිසා අද ඒවා දැකීමට නොහැකියි. පසු කාලෙක මෙම ටැම්පිට විහාරය කඩා වැටීමට යනවිට එය ස්ථාවරව පවත්වා ගෙන යාමට බිම පුරවා කොන්ක්‍රීට් දමා තිබෙනවා.

මෙම විහාරයට ළඟාවීම සඳහා මාවනැල්ල සිට අරනායක මාර්ගයෙන් ගොස් උස්සපිටිය දක්වා කි.මී. 4.5 ක් ගමන් කර හෙට්ටිමුල්ල පාරට හැරෙන්න. මෙම මාර්ගයේ මීටර් 150 ක් ගමන් කර අරව්පොල දෙසට ඇති පටු කොන්ක්‍රීට් මාර්ගයේ කිලෝමීටර් 5.5 ක් ගමන් කර මෙම විහාරස්ථානයට ළඟා විය හැකිය.

අස්මඩල ගම්මානයේ මායිමේ ප්‍රාග් ඓතිහාසික සුසාන භූමියක් සොයාගෙන තිබෙනවා . මෙම ස්ථානය පිහිටා ඇත්තේ අස්මඩල වත්ත ගෙදර ගම්මානයේ මාරවහේන වත්ත නම් ඉඩමකය.

ආශ්‍රිත

  • විතානාච්චි, ච., 2016. පෞරාණික ස්ථාන හා ස්මාරක : කෑගල්ල දිස්ත්‍රික්කය. 1st ed.කොළඹ : පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.

සම්බන්ධ වෙනත් පිටු

අස්මඩල පුරාණ ටැම්පිට විහාරයේ සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

අස්මඩල පුරාණ ටැම්පිට විහාරයට ගමන් මාර්ගය

රුවන්වැල්ල සිට අස්මඩල පුරාණ ටැම්පිට විහාරය දක්වා මාර්ගය
දුර : 10.5 km
ගමන් කාලය: විනාඩි 30-40
ධාවන උපදෙස්: ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (12) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (5)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply