යටිමහන නෑපලාන අම්බලම

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (1 votes, average: 5.00 out of 5)

නෑපලාන අම්බලම යනු කෑගලු දිස්ත්‍රික්කයේ යටිමහන නෑපලාන ප්‍රදේශයේ මැටි බදාමයෙන් සාදන ලද ගොඩනැගිල්ලකි. ජනප්‍රවාදයට අනුව, මෙම අම්බලම වලගමබා රජුගේ (ක්‍රි.පූ 89-77) සමය දක්වා දිව යයි.  අම්බලම පිහිටා තිබෙන්නේ මාවනැල්ල තලගොල්ල මාර්ගයේ නරම් කුඹුරකට යාබදවයි. මෙම අම්බලම ඉතිහාසය පැහැදිළි නැත.

අම්බලමේ පිටත චතුරශ්‍රය බදාම කල කුළුණු දොළහකින්ක් සමන්විත වේ. ඊට ඇතුලතින් මධ්‍යයේ තවත් බදාම කුළුණුහතරක් පවතී. මෙම කුළුණු 4ත් පිටත කුළුණු 12ත් ගොඩනැගිල්ලේ වහලය රඳවා තබා ගනී. ඊට අමතරව සරල ලී කුළුණු 2 ක් ගොඩනැගිල්ලට ඇතුල්වන ද්වාරට එක් කොට ඇත.

[Google Ad 01 -EN]

මෙම අම්බලමේ වහලය අර්ධ සිලින්ඩරාකාර සිංහල උළු භාවිතයෙන් සෙවිලි කොට ඇති අතර වහලය කැණිමඩලක් භාවිතාවෙන් සැලසුම් කොට ඇත. මෙය මහනුවර යුගයේ අම්බලම්හි භාවිතා කල විශේෂ වහල ඉදිකිරීමේ ක්‍රමයකි. වහලයේ ලී බාල්ක මධ්‍යයේ ඇති මඩොල් කුරුපාව නමින් හැඳින්වෙන ලී ඇණයකට බැඳී ඇත. වහලයේ මුළු බර සමානව බෙදා හරිනු ලබන්නේ මෙම මඩොල් කුරුපාව විසිනි. කැණිමඩල මඩොල් කුරුපාව මධ්‍යයේ පිහිටා ඇති අතර සාමාන්‍යයෙන් මල් සැරසිල්ලක් මෙම ලී කොටය අගිස්සේ කැටයම් කර ඇත.

සම්බන්ධ වෙනත් පිටු

යටිමහන නෑපලාන අම්බලම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

යටිමහන නෑපලාන අම්බලම වෙත ගමන් දිශාවන්

මාවනැල්ල සිට නෑපලාන අම්බලම දක්වා මාර්ගය
දුර : 4 km
ගමන් කාලය: විනාඩි 15 යි
ගත කිරීමට කාලය: විනාඩි 15 යි
ධාවන උපදෙස්: ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

Leave a Reply