අම්බුලුගල ශ්‍රී දන්තපාය රජමහා ටැම්පිට විහාරය

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (8 votes, average: 4.13 out of 5)

රාජකීයයන්ගේ පුදබිමක් වශයෙන් පැවැති අම්බුලුගල රජමහා විහාරය කෝට්ටේ යුගයේ මහරජව සිටි හයවැනි සිරි පැරකුම්බා රජ විසින් ආරම්භ කළේ යැයි සන්නසකින් හෙළිවේ. එම සන්නස හිමි බණ්ඩාර නම් කෙනකු හට හයවැනි බුවනෙකබාහු හෙවත් සපුමල් කුමරු විසින් දුන් සන්නසකි. හයවැනි සිරි පැරකුම්බා රජු තමන්ගේ ජීවතාරක්ෂාව පතා අම්බුලුගල ගමේ ගත කළ තම බාල කාලය සිහිපත් වීම සඳහා මේ ස්ථානය කරවූ බව එහි වැඩි දුරටත් සඳහන් වේ.

⚙️ [Google Ad 01 -SI]

ඒ අනුව කෝට්ටේ යුගයේ හයවැනි පැරකුම්බා හයවැනි බුවනෙකබාහු , අටවැනි වීර පරාක‍්‍රමබාහු යන රජවරුන් ගේ හා මායාදුන්නේ යුවරජු හෙවත් පරතාපසිංහ කුමරු යන සිව්දෙනාගේ ජීවිත ප‍්‍රවෘත්ති හා මෙම ස්ථානය සම්බන්ධ වේ.

දෙමහල් ටැම්පිට විහාර මන්දිරයජනප‍්‍රවාදයේ එන ලෙසට පරසතුරු උවදුරු වලින් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කර ගැනීමට රහසිගතව මෙහි තැන්පත් තර තිබූ බව සඳහන් ය.

එනිසා ශ්‍රී දන්තපාය යනුවෙන්ද මෙම ස්ථානය හඳුන්වනු ලැබේ. දෙමහල් ටැම්පිට පිළිමගෙයක් වන මෙහි එකල යටි මහලේ පිළිමගෙයද, උඩුමහලේ දන්තධාතුන් වහන්සේ තැන්පත් කර තිබූ බවද සිතිය හැක. නමුත් මෙම විහාරගෙය පිළිබඳව කළ පුරා විද්‍යා සමීක්‍ෂණ වලදී කෝට්ටේ යුගයේදී මෙය දෙමහල් පිළිමගෙයක් ලෙස පැවැති බව පෙනී ගොස් ඇත.

චෛත්‍යය පැරැණි ගල් උළුවස්සපහත මාලයේ බුදු පිළිමය තිබූගල් පුවරුව තවමත් එතැන දැකගත හැකිය. විහාර මන්දිරය ගොඩ නගා තිබෙන්නේ අඩි 26 ක් දිග අඩි 18 ක් පළල ගෙපලක් මත ය. වේකොළදෙණියේ නල්ල පෙරුමාල් ශිල්පියා විහාරය ඉදිකළ බව සතර කෝරළයේ විත්ති පොතේ සඳහන් වේ.

මෙහි ඇති ගල් උළුවස්ස නිසා මෙම ස්ථානය පුරාවිද්‍යාත්මකව විශේෂ වටිනාකමක් දක්වයි. එහි ඇති කැටයම් කෝට්ටේ යුගයට අයත්වන අතර ලංකාවේ කිසිදු පළාතක විහාරස්ථානයක නොමැති රූප එහි ඇත. මෙහි උළුවහු කණු දෙකක්, හරස් කඩයත් ගලින් නිමවා පසුව ගල් තුනම එකතු කොට කැටයම් කර ඇත. සිංහරූප , ලියවැල්, පලාපෙති,මල්වැල් හා ශූන්‍ය තීරු යොදා මෙය නිමවා තිබේ.

ගල් කණුද කැටයම් කළ ඒවා වේ. ඉහල මහලට නැගීමට ලී තරප්පුවකි. දැනට පවතින උඩු මහලේ චිත‍්‍ර මහනුවර යුගයට අයත් ඒවාවේ. උඩරට සිංහල චිත‍්‍ර සම්ප‍්‍රදායට අනුව විහාර චිත‍්‍ර නිමවා ඇති අතර මෙහි පිහිටුවා ඇති සමාධි පිළිමය නැගෙනහිර දිශාවට මුහුණලා ඇත.

විහාරයේ ඝණ්ඨාර කුළුණමේ අනුව මෙම පැරැණි විහාර මන්දිරයෙන්, කෝට්ටේ යුගයට සහ මහනුවර යුගයට අයත් තොරතුරු අපට සනාථ වේ.

මුල් කාලයේ එනම් කෝට්ටේ යුගයේදී මෙහි පහත මාලය හුදෙක් ශාලාවක් ලෙස වන්දනා කරුවන්ට ප‍්‍රයෝජන ගත හැකි පරිදි සකස් කර ඇත. මෙහි ඇති කැටයම් පිළිබඳ පුරා විද්‍යාඥයකු වශයෙන් ප‍්‍රථම වතාවට සටහනක් තබා ඇත්තේ එච්. සී.පී. බෙල් මහතාය.

ඔහුගේ “කෑගලු “ පුරා විද්‍යා පාලන වාර්තාවේ” පිටුවක්පුරා අම්බුලුගල ගල් උළුවස්ස හා ගල්ටැඹක සිතුවමක් දක්වා ඇත. සමහර පුරා විද්‍යාඥයින්ගේ මතය අනුව මෙම ගල් උළුවස්ස විහාරයට අයත් වූවක් නොවන බවත්, එය නටබුන් වුණු අම්බුලුගල රජ මාළිගය වැනි වෙනත් තැනක තිබී මෙහි ගෙනෙන ලද්දක් ලෙස සිතීමට හැකි බවත් කියැවේ.

මෙහි විශේෂ පිළිසකර කිරීමක් කි‍්‍ර.ව. 1869 – 1885 අතර කාලයක කර ඇත. ඒ අස්ගිරි පාර්ශ්වයේ වැඩ විසු මහානායක වත්තේගම ධම්ම කිත්ති ශ්‍රී සුමංගල මහ තෙරණුවන්ගේ කාලයේය.

වර්තමානයේ මෙහි විහාරාධිපති ලෙස පූජ්‍ය අරම සුමණ ධම්ම හිමි කටයුතු කරන අතර ඝණ්ඨාර කුළුණ සංඝාවාසය , ධර්මශාලාව, චෛත්‍යය රාජයාණන් වහන්සේ උන් වහන්සේ ගේ අනුශාසනා ඇතිව ඉදිකර තිබේ.

කෝට්ටේ යුගයේ සිට පැවත එන බෝධිය වටා රන් වැටක් සහිත ප‍්‍රාකාරයක් ඉදිකිරීමට යොජිතය.

විස්තර පාලිත බණ්ඩාර ජයකොඩි
Budusarana

සම්බන්ධ වෙනත් පිටු

අම්බුලුගල ශ්‍රී දන්තපාය රජමහා ටැම්පිට විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

අම්බුලුගල ශ්‍රී දන්තපාය රජමහා ටැම්පිට විහාරය වෙත ගමන් මාර්ගය

කොළඹ සිට අම්බුලුගල ශ්‍රී දන්තපාය රජමහා ටැම්පිට විහාරය දක්වා
මුළුදුර : කිලොමීටර 93
ගමන් කාලය : පැය 2
ගත කිරිය යුතු කාලය : විනාඩි 30-45  පමණ 
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply