
Photo Credits : Faizel Ansar
මාවනැල්ල උඩුමහන අම්බලම මැටි බදාමයෙන් සාදන ලද කුඩා අම්බලමයකි. ජනප්‍රවාදයට අනුව, මෙම අම්බලම වලගමබා රජුගේ (ක්‍රි.පූ 89-77) සමය දක්වා දිව යයි. එහි ගොඩනැගිලි සැලැස්ම හතරැස් වන අතර විශාල කුළුණු හතරක් ගොඩනැගිල්ලේ වහලය රඳවා තබා ගනී. මෙම කුළුණු පහල කොටස හතරැස් වන අතර මද්‍යයෙදී සිලින්ඩරාකාර හැඩයට වෙනස් වේ. ගොඩනැගිල්ල වටා කෙටි තාප්පයක් ගමන් කරයි. මෙම බිත්තිය මගීන්ට ආසන පිල් ලෙසද භාවිතා කල හැකි ලෙස නිර්මාණය කර ඇත.
මෙම අම්බලමේ වහලය අර්ධ සිලින්ඩරාකාර සිංහල උළු භාවිතයෙන් සෙවිලි කොට ඇති අතර වහලය කැණිමඩලක් භාවිතාවෙන් සැලසුම් කොට ඇත. මෙය මහනුවර යුගයේ අම්බලම්හි භාවිතා කල විශේෂ වහල ඉදිකිරීමේ ක්‍රමයකි. වහලයේ ලී බාල්ක මධ්‍යයේ ඇති මඩොල් කුරුපාව නමින් හැඳින්වෙන ලී ඇණයකට බැඳී ඇත. වහලයේ මුළු බර සමානව බෙදා හරිනු ලබන්නේ මෙම මඩොල් කුරුපාව විසිනි. කැණිමඩල මඩොල් කුරුපාව මධ්‍යයේ පිහිටා ඇති අතර සාමාන්‍යයෙන් මල් සැරසිල්ලක් මෙම ලී කොටය අගිස්සේ කැටයම් කර ඇත. අවාසනාවකට මෙන් මෙම කැටයම් කල කොටස නිධන් හොරුන් විසින් කපා සොරකම් කර ඇත.
මෙම අම්බලම 2024 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශ්‍රමදායකත්වයෙන් හා ගම්වැසියන්ගේ ද්‍රව්‍ය හා මූල්‍ය දායකත්වයෙන් ප්‍රථිසංස්කරණය කර ඇත.
මාවනැල්ල කොළඹ සිට කිලෝමීටර් 92 ක් පමණ දුරින් පිහිටා ඇත. මාවනැල්ල සිට රන්දිවෙල හන්දිය දක්වා රඹුක්කන මාර්ගයෙන් වමට හැරී තලගොල්ල වෙත ළඟා වන මාර්ගයේ මීටර් 400 ක් දුරින් අම්බලම පිහිටා ඇත. මෙම මාර්ගයේ තවත් කිලෝමීටර් 1.3 ක් පහළින් වඩා විශාල නාපලාන අම්බලම (යටිමහන අම්බලම) අම්බලම පිහිටා ඇත.
සම්බන්ධ වෙනත් පිටු
- ශ්‍රී ලංකාවේ අම්බලම් ලැයිස්තුව
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව
- කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන
මාවනැල්ල උඩුමහන අම්බලම සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
මාවනැල්ල උඩුමහන අම්බලම වෙත ගමන් දිශාවන්
| කොළඹ සිට මාවනැල්ල උඩුමහන අම්බලම දක්වා මාර්ගය |
| දුර: 95 km ගමන් කාලය: පැය 2 යි ගත කිරීමට කාලය: විනාඩි 15 යි ධාවන උපදෙස්: ගූගල් සිතියමේ බලන්න |
අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (301) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)
z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (41) අනුරාධපුර රාජධානිය (4) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (38) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)





