පෝඩාපේ පුරාණ ටැම්පිට විහාරය

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (2 votes, average: 2.00 out of 5)

පොඩාපේ ටැම්පිට විහාරය පිහිටා තිබෙන්නේ පොඩාපේ රජමහා විහාර භූමියේය. එය කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක හා බුලත්කොහුපිටිය අතර ගුරුගල්ලෙන නමින් හඳුන්වන දුර බැහැර ප්‍රදේශයක සැඟවී ඇති පුරාණ විහාරයකි. මෙම විහාරයට ළඟා වීමට මාවනැල්ල සිට අරනායක දක්වා කි.මී. 13.5 ක් ගමන් කොට ඉන් පසුව කෝන්ගහමුල හන්දිය දක්වා දොළොස්බාගේ දෙසට කි.මී. 1.5ක් ගමන් කරන්න. කෝන්ගහමුල හන්දිය සිට පන්සලට ළඟා වීමට වම් මාර්ගයේ ගමන් කරන්න.

අද ටැම්පිට විහාරය යනු මහනුවර යුගයේ විහාරස්ථායන්හී ජනප්‍රිය ගෘහ නිර්මාණ අංගයකි. මෙහි විහාරය ඉදිකරන්නේ කළුගල් කුළුණු මත දැව වේදිකාවක් තනා ඒ මතය.

⚙️ [Google Ad 01 -EN]

මෙම විහාරයේ, වෙනත් ටැම්පිට විහාරයන්හි මෙන් පිළිමගේ වටා කිසිදු ප්‍රදක්ෂිණා පථයක් ඉදිකර නොමැත. පිළිමගේ තුළ ඇති ප්‍රතිමා මහනුවර රාජධානි යුගයට අයත් ය. මෙම විහාරයට ඉඩම් පරිත්‍යාගයක් පිළිබඳව සඳහන් අඩි 2ක් උස අඩි 3ක් පළල ශිලා ලේඛනයක් මෙහි බෝධිය අසබඩ දැකගත හැකිය.

ශ්‍රී බුධ වර්‍ෂයෙං දෙදාස්තුංසි
ය හාවුරුද්දට පැමිණි වර්‍ෂයෙ
හිදී දාගබ් මහ බෝ ශ්‍රී පාද ප්‍රති
මා ගෘහ උපොසථාගාරාදියෙං
පොඩාපේ මුදියංසෙලාගෙ ඉන්දජොති
භික්ෂුවට සඨා වන්තයං එක්ව පුදමුව

එච්.සී.පී. බෙල් මහතා වාර්තා කරන්නේ බුද්ධ වර්ෂ 2306දී (ක්‍රිස්තු වර්ෂ 1763දී) ශ්‍රද්ධාවන්තයින් කණ්ඩායමක් විසින් පන්සලට ඉඩම් ප්‍රදානය කිරීමක් මෙම සෙල්ලිපියෙහි විස්තර කර ඇති බවයි.

පොඩාපේ ටැම්පිට විහාර ඉදි කර ඇත්තේ අඩි 2 1/2 ක් උස ගල් කණු 10 ක් මතය. වර්තමානයේ මෙය තරමක් අබලන් වී ඇත. හානිය හේතුවෙන්විහාරයෙහි මැද කොටසට බදාම දමා ඇති අතර පිටත පථයේ ලෑලි දැනටමත් දිරාපත් වී ඇත.

ප්‍රධාන ඉඳි පිළිමය අඩි 2 1/2 ක් උසය. ඇඟිලි පහකට සමාන ලෙස නිර්මාණය කර ඇති සිරස්පත හා දියරැළි ආකාරයට සිවුරු රැල්ලකින් මෙය හැඩවේ. මෙම ප්‍රතිමාව කලාත්මක මකර තොරණක් යට පිහිටා ඇත. හිටි බුද්ධ ප්‍රතිමා දෙකක් දෙපස බිත්ති මත පිහිටා ඇත. ඒවායේ උස අඩි 4 ක් පමණ වේ.

ආශ්‍රිත

  • කෑගලු කෝරළ පවත : පරණකුරු, කිණිගොඩ සහ ගල්බඩ කෝරළයන්හි ඓතිහාසික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ගවේෂණය – එම්. ඩී. එම්. එස්. යටවර

සම්බන්ධ වෙනත් පිටු

පෝඩාපේ පුරාණ ටැම්පිට විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

පෝඩාපේ පුරාණ ටැම්පිට විහාරය ගමන් මාර්ගය

මාවනැල්ලේ සිට පෝඩාපේ පුරාණ ටැම්පිට විහාරය දක්වා
දුර : කි.මී. 16
ගමන් කාලය : විනාඩි 45
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply