හෙම්මාතගම මැදිලිය පුරාණ ටැම්පිට විහාරය

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (6 votes, average: 3.50 out of 5)
Tampita Viharaya at Hemmathagama Madiliya Rajamaha Viharaya
Tampita Viharaya at Hemmathagama Madiliya Rajamaha Viharaya

මැදිලිය පුරාණ රාජමහා විහාරය ප්‍රදේශයේ අරනායක හා හෙම්මාතගමට මැදිවී සුන්දර කුඹුරුයායන් අතර සැඟවී ඇති ටැම්පිට විහාරයක් සහිත පුරාණ විහාරයකි.

අද මෙම විහාරස්ථානයේ සුවිශේෂී අංගය වන්නේ ටැම්පිට විහාරයයයි. ටැම්පිට විහාරය යනු මහනුවර යුගයේ විහාරස්ථායන්හී ජනප්‍රිය ගෘහ නිර්මාණ අංගයකි. මෙහි විහාරය ඉදිකරන්නේ ගල් කුළුණු මත දැව වේදිකාවක් තනා ඒ මතය.

⚙️ [Google Ad 01 -EN]

මැදිලිය ටැම්පිට විහාරය අඩි 2½ ක් උස කුළුණු 20 ක් මත ඉදිකර ඇත. මෙම ප්‍රතිමාගෘහය ඉදිකිරීම සඳහා අඟල් 9×9 ලී බාල්ක කණු මත රඳවා ඒමත අඟල් 4ක් පළල දැව ලෑලි තට්ටුවක් සදා ඒමත බිත්ති නංවා ඇත. ටැම්පිට විහාරයේ දිග අඩි 20 ක් සහ පළල අඩි 12 කි. අභ්‍යන්තර ප්‍රතිමාගෘහයේ ප්‍රමාණය අඩි 12×7 කි. වරිච්චි බිත්ති ඉදිකර ඒමත හුණු ආලේප කොට වහලය පැතලි උළු යොදා සම්පුර්ණ කොට ඇත.

ප්‍රතිමාගෘහය තුල වැඩ සිටින ප්‍රධාන සමාධි බුද්ධ ප්‍රතිමාව අඩි 3½ ක් උස සහ අඩි 2½ පළලය. ප්‍රතිමාව වටා කලාත්මක මකර තොරණකි. දෙපස බිත්තිවල හිටි බුද්ධ ප්‍රතිමා 2 ක් තිබී ඇත. නමුත් අවාසනාවකට මෙම ප්‍රතිමා දෙක නිධන් හොරුන් විසින් සොරකම් කර ඇති අතර පිළිම තිබූ තැන දාර සලකුණු පමණක් දැකිය හැකිය.

ටැම්පිට විහාරයේ අභ්‍යන්තර බිත්ති නෙළුම් මල සහ අනෙකුත් මල් ලියකම් මෝස්තරයන්ගෙන් සරසා ඇති අතර සරපෙන්ඩියා හා වෙනත් සත්ව රූප දැකගත හැක. මෙම සිතුවම් අතර නිර්මාණ ශිල්පයට අධිපති ලෙස සලකන විශ්වකර්ම දේව පුත්‍රයාගේ සිතුවමක් ද වේ.

වසර ගණනාවක් දැලි එක්වීම නිසා අඳුරු වී තිබූ මෙම චිත්‍ර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පිරිසිදු කර පැරණි රූපවලට නව ජීවයක් ලබා දී තිබේ. එනමුත් විහාරස්ථානයේ වහලය අබලන් වී තැනින් තැන ජලය කාන්දු වන බව වාර්තා වේ.

ටැම්පිට විහාරය ඉදිරිපස මණ්ඩපක් ගොඩනගා ඇත. මෙය ප්‍රමාණයෙන් අඩි 15 × 15 කි. ගොඩනැගිල්ලේ වහලයට සිංහල උළු යොදා ඇති අතර මෙම කොටස පසුකාලීන එකතු කිරීමක් බව පෙනේ.

මැදිලිය පුරාණ රාජමහා විහාරයේ ගොඩනැගිලි මහනුවර යුගයේ අවසාන භාගයට අයත් බව පෙනී යයි. ටැම්පිට විහාරයේ පෞරාණිකත්වය සනාථ කිරීමට මෙන් දැවැන්ත නා ගසක් සහ බෝ ගසක් විහාර භූමියේ පිහිටා තිබේ. ටැම්පිටවිහාරයට අමතරව කතරගම දෙවිඳුන් වෙනුවෙන් කැප කරන ලද පැරණි දේවාලයක් මෙම විහාරස්ථානයේ දැකගත හැක. මෙම විහාරයේ යුගයටම අයත් අම්බලමක් එම විහාරයේ මාර්ගයේ ඉදිරිපස දැකිය හැකිය. මෙම අම්බලම හෙම්මාතගම මැදිලිය අම්බලම ලෙස අම්බලම් ලැයිස්තුවේ ස්ථානගත කොට ඇත.

මැදිලිය රාජමහා විහාරයට ළඟා වීමට මාවනැල්ල සිට හෙම්මාතගම දෙසට යන්න. හෙම්මාතගම සිට හොරෙවෙලා මාර්ගයේ කි.මී. 2.4 ක් දුරින් විහාරය පිහිටා ඇත.

References

  • කෑගලු කෝරළ පවත : පරණකුරු, කිණිගොඩ සහ ගල්බඩ කෝරළයන්හි ඓතිහාසික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ගවේෂණය – එම්. ඩී. එම්. එස්. යටවර

සම්බන්ධ වෙනත් පිටු

හෙම්මාතගම මැදිලිය පුරාණ ටැම්පිට විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

හෙම්මාතගම මැදිලිය පුරාණ ටැම්පිට විහාරය ගමන් මාර්ගය

මාවනැල්ල සිට හෙම්මාතගම මැදිලිය පුරාණ ටැම්පිට විහාරය දක්වා

දුර : 16.6  km
ගමන් කාලය: විනාඩි 45
ධාවන උපදෙස්: ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply