කයිවඩන්තැන්න අම්බලම
කයිවඩන්තැන්න අම්බලම තරමක විශාල ගඩොල් හා බදාමයෙන් තැනූ අම්බලමක්. මෙහි ඉදිරිපස අඩි 2ක පමණ උස සිමෙන්ති බැම්මක්. ඉතිරි තුන් පැත්තේ බැම්ම උසට සාදා තිබෙනවා. මෙම බැම්ම වටා අඩි 2 ක් පමණ උසට බදාමයෙන් ආසන පෝරු සදා තුබෙනවා.
කයිවඩන්තැන්න අම්බලම තරමක විශාල ගඩොල් හා බදාමයෙන් තැනූ අම්බලමක්. මෙහි ඉදිරිපස අඩි 2ක පමණ උස සිමෙන්ති බැම්මක්. ඉතිරි තුන් පැත්තේ බැම්ම උසට සාදා තිබෙනවා. මෙම බැම්ම වටා අඩි 2 ක් පමණ උසට බදාමයෙන් ආසන පෝරු සදා තුබෙනවා.
අකුරණ නගරයේ සිට දුනුවිල මාර්ගයේ කිලෝමීටර 3.5ක් පමණ ගමන්කළ විට දීගල මාර්ගය එයට එක් වී තුන්මං හංදියක් නිර්මාණය වනවා. මෙම හංදිය පසුකර මීටර 10ක් පමණ ගමන්ගන්නා විට දකුණු අත දෙසින් අනෙකුත් ගොඩනැගිළි සමග සැඟවී පල්ලේ දීගල අම්බලම දැක ගන්නට පුළුවන්.
ගොඩමුන්න ඇල්ල අසල ගල්තලාව මත ගලින්ම සෑදූ කුඩා වේදිකාවක අඩි 4ක පමණ වට ප්‍රමාණයක ඇති ගල් කණු හතරක් සිටුවා ඒ මත ලී රාමුවක් රඳවා වහලය සකස් කොට ගොඩමුන්න ගල් අම්බලම සාදා තිබෙනවා. ගල්කණු දෙකොනින් හතරැස් වන අතර මැදින් අටපට්ටම් වෙන ලෙසද කපා තිබෙනවා.
උඩුනුවර වේගිරිය අම්බලම සැදීමට විශාල සතරැස් ගල් කුළුණු හතරක් මත කොස් දැවයෙන් සැකිල්ලක් සාදා ඒ මත වහලය රඳවා තිබෙනවා. මෙහි ගල් කණුවක් අඩි දහයක් පමණ උසයි. වහලේ පරාල එක්රැස් වන දැව මඩොල් කුරුපාව දැකුම්කළු පියුමකින් සරසා තිබෙනවා. මෙම අම්බලමේ බිත්ති අසුන් ගත හැකි ලෙස නිමවා තිබෙනවා.
වට්ටප්පොල ග්‍රාමයේ තිබෙන මෙම අම්බලම 1918 දී නිම කරන ලද බව පැවසෙනවා. මෙම අම්බලම ගොඩ නංවා ඇත්තේ වට්ටප්පොල ඩිංගිරි බණ්ඩා වරකාවුල්ල නැමැති පුද්ගලයා බව අම්බලමේ සඳහන් වනවා.]මෙම අම්බලම සාදා ඇත්තේ කළුගල් කුට්ටි භාවිතා කරගනිමින්.
හඟුරන්කෙත සිට රිකිල්ලගස්කඩ දෙසට කිලෝමීටර 1½ පමණ ගමන්කරන විට මාර්ගයේ දකුණු දෙසින් මෙම මාදංවල අම්බලම දැක ගන්නට පුළුවන්. වහලය දරා සිටින ප්‍රධාන ගල් කණු සතරේ තුන් පැත්තකින් උස අඩි 5ක් පමණ උස ගල්බැමි ගොඩනංවා තිබෙනවා. කැටයම් ආදියෙන් තොර මෙම අම්බලම සාදා තිබෙන්නේ 1901දී.
වතුරකුඹුර ගම්මානයට යාමට කොළඹ නුවර මාර්ගයේ කිරිබත්කුඹුර ප්‍රදේශයෙන් වතුරකුඹුර පාරට හැරී කිලෝමීටර් 5 ක් දුරට ගමන් කළ යුතුයි. වතුරකුඹුර මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට මෙම අම්බලම පිහිටා තිබෙනවා. වතුරකුඹුර අම්බලම නිර්මාණය කර තිබෙන්නේ ගොඩකුඹුර, ඇලිකේවල අම්බලම් වල නිර්මාණ හා සමාන බව පෙනී යනවා.
ඇලිකේවල අම්බලම තිබෙන්නේ මාරස්සන අම්බලමට කිලෝමීටර ¼ක් පමණ නැගෙනගිරින්. පොළොවෙන් ඉසවීමට ගල් කුට්ටි 4ක් මත දැව කඳන් 4කින් සෑදු සැකිල්ලක් මත කුඩුම්බි කපා ඒමත තවත් දැව කඳන් 4ක් තිරස්ව රඳවා ඒමත දැව තවත් දැව රාමුවක් ඉහලින් සවිගන්වා ඒ මත වහලය සාදා තිබෙනවා.
පිටවල අම්බලම (පල්ලේපිටවල අම්බලම) කුඩා නමුත් ලී කැටයමින් අනූන දැවමය අම්බලමක්. පුරාණයේ මහනුවර සිට මහියංගනයට මාර්ගය වැටී තිබුනේ පිටවල, දාගැවිල්ල, තැන්න, ගල්පඩිපෙළ, යහළේගම හා මිණිපේ හරහා දුෂ්කර මාර්ගයක.
උඩුනුවර වතුපොල අම්බලමට ළඟාවීමට වතුපොල රජමහා විහාරය අසලින් වාහනය නතර කොට නියරක් මතින් යාමටතිබෙනවා. මෙය මදක් උස්වූ බිමක සම සතරැස් ලෙස සාදන ලද කුඩා අම්බලමක්. ගලින් හා බදාමයෙන් සාදා ඇති මෙම අම්බලමේ පිල ලෙස භාවිතා කිරීමට අඩි දෙකක් පමණ උසට එහි බිත්තිය සාදා තිබෙනවා.
දොඩන්වල අම්බලම කුඩා සතරැස් අම්බලමක්. අඩි 2ක් පමණ උස ශෛලමය කණු පාදමක් මත සතරැස් කුළුණු 4ක් නංවා ඒමත තැබූ ලී බාල්ක 4ක් මත වහලය රඳවා තිබෙනවා. වහලය පැති සතරක්. මුදුනේදී ආනතිය වැඩිකොට තිබෙනවා. ආනතිය වැඩි කොටසේ පමණක් පෙති උළු භාවිතා කොට තිබෙනවා. ආනතිය අඩු කොටසේ භාවිතා කර තිබෙන්නේ සිංහල උළුයි.
උඩුනුවර දස්කර ගල්කොණ අම්බලම සාදා ඇත්තේ කුඩා වේදිකාවක් මතය. ඒ මත සම සතරැස් ලෙස ගල් කුට්ටි යොදා වාඩිලා ගැනීමට සුදුසු උසට බිත්ති බැඳ කණු 4ක් එම ගලින්ම සාදා ඇත. බිත්ති මත ගල් ලැලි අසුරා හිඳ ගැනීමට සකස් ඇත.
අඩි එකහමාරක් පමණ උස අත්තිවාරමක් ගලින් ගොඩනංවා එයමත උසින් අඩු ගල් 4ක් මත විශාල ලී කඳන් 4ක් මත කරල්ලියද්ද අම්බලම සාදා තිබෙන්නේ. හිඳ ගැනීමට ඇත්තේ මෙම ලී කඳන්මයි. අත්තිවාරම ඇතුලත පුරවා නැති බැවින් පාද සඳහා ඉඩ තිබෙනවා.
නවයාලතැන්න තියෙන්නේ කටුගස්තොටට ආසන්නයෙන්. මේ ප්‍රදේශයේ මහවැලි ගඟට කිලොමීටර දෙකකට පමණ නුදුරුන් තිබෙනවා විශාල උස්වූ ගල්තලාවක්. මේ ගල් තලාව උඩ තිබෙනවා ජනප්‍රවාද රැසකට මුල් වූ විශාල පෞරාණික ස්තුපයක්. මෙය හඳුන්වන්නේ තලගුණේ වෙහෙර නමින්. මේ ගල් තලාව ප්‍රදේශවාසීන් විසින් වෙහෙරගල නමින් හඳුන්වනවා. එම නිසා මෙම ස්තූපය වෙහෙරගල ස්තූපය නමින්ද හඳුන්වනවා.
පහළ කඩුගන්නාව මාවෙල ගම්මානයේ පිහිටා ඇති මෙම විහාරය හතර කෝරලේ ගල්බඩ කෝරලයේ ගන්නෑ (ගංනවය) පත්තුවට අයත් ය. මෙගම කෑගලු සහ මහනුවර දිස්ත්‍රික් මායිමේ පිහිටා ඇත. මේ නිසා විහාරය හැඳින්වෙන්නේ ද ගමේ නමින් මාවෙල වලගම්බා ලෙන් විහාරය වශයෙනි.
හඟුරන්කෙත කිතුල්පේ රජමහා විහාරය ශ්‍රී ලංකා බෞද්ධ ඉතිහාසයේ වැදගත් විහාරස්ථානයක් වන අතර 1802 ඉංග්‍රීසින් මහනුවර රාජධානිය ආක්‍රමණය කරන විට බුදුන් වහන්සේගේ දළදා වහන්සේ මෙම විහාරස්ථානයේ සඟවා තිබුණි. මෙහි විහාර මන්දිරය තුළ ඇති ප්‍රතිමා අරත්තන විහාරයේ ප්‍රතිමාවලට සමාන ය.
නුවර කරගත් පළමු හා එකම රජු නරේන්ද්‍රසිංහයි. චූළවංශය අනුව මහවැලි ගඟ අද්දර රමණීය පොල් උයනක රජු තම අගනුවර පිහිටුවේය. නගරයක සියලු අංග කෙටි කලක් තුළ එහි ඉදිවිය. කුණ්‌ඩසාලේ යන්නෙහි අර්ථය “විනෝදාගාරය” යනුයි. වැව් ජලාශ උයන් මැද රජවරු එදා කුණ්‌ඩසාලා හෙවත් විනෝදාගාර පිහිටුවා ඇත. එක් ජනකතාවක් අනුව බුධ හා සිකුරු ග්‍රහයන් අතර ඇති වූ ග්‍රහ යුද්ධයකින් සිකුරු පැරදී සිකුරුගේ කුණ්‌ඩලාභරණ බිමට කඩා වැටුණු ස්‌ථානය කුණ්‌ඩසාලේ නම් විය.
ජනශ්‍රති අනුව මැදවල විහාරයේ ඉතිහාසය වට්ටගාමණී අභය රජුගේ (ක‍්‍රී.පූ. 103 කාලසීමාව දක්වා ගමන්කරයි. එතුමා මලය දේශයේ ගතකළ සමයේ මෙම විහාරස්ථානය ඉදිකළ බව දැක්වෙයි.