මාරස්සන දෙහල්කඩ අම්බලම
දෙහල්කඩ අම්බලම සාදා තිබෙන්නේ කබොක් ගලෙන් හා බදාමයෙන්. මෙහි නිර්මාණය අනෙකුත් අම්බලම් වලට වඩා වෙනස් බවක් දක්වනවා. මෙහි බිත්ති කෝනාකාරව කොන් සතරට එක්වන ලෙසට සාදා තිබෙනවා. අම්බලමේ විශාලත්වය හේතුවෙන් එහිදෙපැත්තේ හා පිටුපසින් බිත්ති මැදින් කණු තුනක් වහලයේ බර දැරීමට එකතු කර තිබෙනවා. ඉදිරිපස හා පසු බිත්තියේ මගීන් සඳහා ආසන සාදා තිබෙනවා.
