පල්ලේ දීගල අම්බලම (Palle Degala Ambalama)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 4.50 out of 5)
Loading...

පුරාණ කාලයේ ජනතාව තැනින් තැනට ගියේ පයින් එහෙම නැත්තම් කරත්තයෙන්. වන්දනා හෝ වෙළඳාමට යන ගමන් මැන්නේ දින ගණනින් දැන් වගේ පය ගණනින් නොවේ. එමනිසා තැනින්තැන ගිමන්හල් එහෙම නැත්තම් අම්බලම් බිහි උනා. මෙම අම්බලම් මගීන්ට සුරක්ෂිතව රාත්‍රිය ගත කිරීමට සුළු ආහාරයක් පිස ගැනීමට භාවිතා උනා. ඒවා සුලබව භාවිතාවන මාර්ග කේන්ද්‍රගත කරගෙන ගොඩනැගුනේ. අම්බලම් ගොඩනැගීමේදී තෝරා ගත්තේ මගියෙකුට අවශ්‍ය පහසුකම් තිබෙන ස්ථානයක් , එනම් ලිඳක් හෝ දියපහරක් අසල තමයි අම්බලම් ඉදි කෙරුනේ.

ඒ එක්කම මෙම අම්බලම් එම ගම්මානයේ පිරිස එක්තැන් වන ස්ථානයක් ලෙසද වැදගත් උනා. බොහෝ විට අම්බලම් ගොඩනැගුවේ රාජ  අනුග්‍රහය යටතේ හෝ ප්‍රාදේශීය ප්‍රභූවරුන්ගේ අනුග්‍රහයෙන්. එම නිසා මෙම අම්බලම්වල විශාලත්වය හා කලා නිර්මාණ අනුග්‍රහය දුන් පුද්ගලයන්ගේ වත්පොහොසත්කම් අනුව වෙනස් උනා.

අකුරණ නගරයේ සිට දුනුවිල මාර්ගයේ කිලෝමීටර 3.5ක් පමණ ගමන්කළ විට දීගල මාර්ගය එයට එක් වී තුන්මං හංදියක්  නිර්මාණය වනවා. මෙම හංදිය පසුකර මීටර 10ක් පමණ ගමන්ගන්නා විට දකුණු අත දෙසින් අනෙකුත් ගොඩනැගිළි සමග සැඟවී මෙම අම්බලම දැක ගන්නට පුළුවන්.  කාපට් කිරීමේදී මෙම මාර්ගය උස්කර තනා ඇති හෙයින් මෙම අම්බලම් අද තිබෙන්නේ වලක් ආකාරයෙන්. මෙම අම්බලම අද පවතින ආකාරයට මෙම මාර්ගයේ සාමාන්‍යයෙන් ගමන් ගන්නෙකුට ඇස ගැටෙන්නේ නැහැ.

පල්ලේ දීගල අම්බලම විශාල සිලින්ඩාකාර ගඩොල් හා බදාමයෙන් සාදනලද කණු සතරකින් වහලය දරා සිටිනවා. මෙහි මාර්ගය උස්  කිරීම නිසා මුල් පාදමේ උස පෙනේනේ නැහැ.  ඝනකම් ලෙසට බඳිනලද කෙටි බිත්ති එහි ආසන පෝරු ලෙසද භාවිතා වෙනවා. මෙහි දෙපස ආසන පිටුපස ආසන  බිත්තියට වඩා  කෙටියි. මෙසේ වෙනස් උසට ආසන පෝරු නිමවීම නුවර යුගයේ බොහෝ අම්බලම් වල දැකිය හැකි විශේෂත්වයක්. මෙය එකල කුල ක්‍රමය අනුව අසුන් ගැනීමේ සම්ප්‍රදායට අනුකූලව සෑදූ ආසන පද්ධතියක්.

සම්බන්ධ වෙනත් පිටු

පල්ලේ දීගල අම්බලම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

පල්ලේ දීගල අම්බලම රියදුරු දිශාවන්

මහනුවර සිට පල්ලේ දීගල අම්බලම දක්වා
හරහා : කටුගස්තොට – අකුරණ
මුළු දුර :කිලෝමීටර 14
ගතවන කාලය  : විනාඩි 30
ගතකල යුතු කාලය : විනාඩි 15-30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply