තෙල්දෙණිය කරල්ලියද්ද අම්බලම

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 3.50 out of 5)
Loading...

පෙර කාලයේ ජනතාව තැනින් තැනට ගියේ පයින් එහෙම නැත්තම් කරත්තයෙන්.  වන්දනා හෝ වෙළඳාමට ගමින් ගමට යන්න දින ගණන් ගත උනා. එමනිසා තැනින්තැන ගිමන්හල් එහෙම නැත්තම් අම්බලම් බිහි උනා. ඒවා සුලබව භාවිතාවන මාර්ග කේන්ද්‍රගත කරගෙන ගොඩනැගුනේ. අම්බලම් ගොඩනැගීමේදී තෝරා ගත්තේ මගියෙකුට අවශ්‍ය පහසුකම් තිබෙන ස්ථානයක් , එනම් ලිඳක් හෝ දියපහරක් අසල තමයි අම්බලම් ඉදි කෙරුනේ.

ඒ එක්කම මෙම අම්බලම් එම ගම්මානයේ පිරිස එක්තැන් වන ස්ථානයක් ලෙසද වැදගත් උනා. බොහෝ විට අම්බලම් ගොඩනැගුවේ රාජ  අනුග්‍රහය යටතේ හෝ ප්‍රාදේශීය ප්‍රභූවරුන්ගේ අනුග්‍රහයෙන්. එම නිසා මෙම අම්බලම්වල විශාලත්වය හා කලා නිර්මාණ අනුග්‍රහය දුන් පුද්ගලයන් සමග වෙනස් උනා.

කරල්ලියද්ද අම්බලම තිබෙන්නේ මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ. අද මේ අම්බලම තිබෙන්නේ පුද්ගලික ඉඩමක් ඇතුලේ නිවාස වලින් වටවෙලා.

අඩි  එකහමාරක් පමණ උස අත්තිවාරමක් ගලින් ගොඩනංවා එයමත උසින් අඩු ගල් 4ක් මත විශාල ලී කඳන් 4ක් මත මෙම අම්බලම සාදා තිබෙන්නේ. හිඳ ගැනීමට ඇත්තේ මෙම ලී කඳන්මයි. අත්තිවාරම ඇතුලත පුරවා නැති බැවින් පාද සඳහා ඉඩ තිබෙනවා. අම්බලමේ සතර කොනෙන් නැගෙන ලී කුළුණු 4ක් මත වහලය රඳා තිබෙනවා. සතරැස් ලෙස ආරම්භ වන මෙම කණු ස්ථාන දෙකකදී ෂඩාස්රාකාර හැඩයක් ගන්නවා. මේ හැර මෙම කණු වෙනත් කැටයම් වලින්  තොරයි. අම්බලමේ වහල මුල් ආකාරයෙන්ම නුවර යුගයේ පෙති උළු යොදා සංරක්ෂණය කරලා තිබෙන්නේ.

කරල්ලියද්ද අම්බලම බලන්න යනවානම් නුවර සිට මහියංගනය මාර්ගයේ තෙල්දෙණියට ගොස් තෙල්දෙනිය ලංගම බස් ඩිපෝව පසු කරලා මීටර් 500 ක් පමණ යන්න. වම්  ඇත පැත්තේ කරල්ලියද්ද අම්බලම පුරාවිද්‍යා පුවරුව තිබෙන්නේ. අම්බලම මාර්ගයට වැසී පුවරුව ඉදිරියේ තිබෙන පුද්ගලික ඉඩමක් තුල දැකගත හැකියි.

2013 අගෝස්තු 16 වැනි දින අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් මෙම අම්බලම පුරාවිද්‍යා ස්ථානයක් ලෙස නම් කර ඇත. 

මූලාශ්‍ර

  • The Gazette of the Democratic Socialist Republic of Sri Lanka – No. 1823/73 – FRIDAY AUGUST 16, 2013

සම්බන්ධ වෙනත් පිටු

තෙල්දෙණිය කරල්ලියද්ද අම්බලම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

තෙල්දෙණිය කරල්ලියද්ද අම්බලම රියදුරු දිශාවන්

මහනුවර සිට තෙල්දෙණිය කරල්ලියද්ද අම්බලම දක්වා
හරහා : තැන්නේකුඹුර – පල්ලෙකැලේ
මුළු දුර :කිලෝමීටර 23
ගතවන කාලය  : විනාඩි 45
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply