ගොඩමුන්න ගල් අම්බලම

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (3 votes, average: 4.00 out of 5)

අප බොහෝ දෙනෙක් අලංකාර දැව කැටයමින් සැරසූ ගොඩමුන්න අම්බලම ගැන අසා තිබෙනවා. ගොඩමුන්න අම්බලමට මීටර් 500ක් පමණ නුදුරින් තවත් අම්බලමක් තිබෙනවා. මේ ගැන බොහෝ අය දන්නෙ නෑ. ගොඩමුන්න ගල් අම්බලම යන නමින් හැඳින්වෙන මෙය ගලින් සෑදූ අම්බලමක්.  එය පිහිටා තිබෙන්නේ අලංකාර දිය ඇල්ලක් අසල ගල්තලාවක් මතයි. එම නිසා මෙම අම්බලම ගොඩමුන්න ඇල්ල ඔය අම්බලම කියාද හඳුන්වනවා

ගල්තලාව මත ගලින්ම සෑදූ කුඩා වේදිකාවක අඩි 4ක පමණ වට ප්‍රමාණයක ඇති ගල් කණු හතරක් සිටුවා ඒ මත ලී රාමුවක් රඳවා වහලය සකස් කොට තිබෙනවා. ගල්කණු දෙකොනින් හතරැස් වන අතර මැදින් අටපට්ටම් වෙන ලෙසද කපා තිබෙනවා. මෙහි වෙනත්  කැටයම් කිසිවක් දකින්නට නැහැ.

⚙️ [Google Ad 01 -SI]

මෙම අම්බලමේ බිත්ති අසුන් ගත හැකි ලෙස නිමවා තිබෙනවා. දොරටුව ඉදිරියේ බිත්තියට වඩා අඩු උසින් දෙපස බිත්ති සදා තිබෙනවා. මෙසේ වෙනස් උසින් ආසන පෝරු නිමවීම නුවර යුගයේ බොහෝ අම්බලම් වල දැකිය හැකි විශේෂත්වයක්. පුද්ගලයන්ගේ තත්ත්වය අනුව හිඳගන්නා ආසනය වෙනස් වෙනවා.

මෙම අම්බලම 1930 වසරේදී රන්තැන් ගෙදර ඉස්කෝලේ මහතා විසින් සාදා තිබෙනවා. 1930 වසරට පෙර ගොඩමුන්න අම්බලම හා සමාන දැවයෙන් සැදූ අම්බලමක් මෙහි තිබූ බව පුරාණ ගම්මුන්  පවසනවා.

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

  • අම්බලම හා සමාජය : ශ්‍රී ලංකාවේ පුරාණ පිළිබඳ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක පර්යේෂණයක්, 2018. , 1. කොළඹ : සීමාසහිත ඇස් ගොඩගේ සහෝදරයෝ (පුද්.) සමාගම.

සම්බන්ධ වෙනත් පිටු

ගොඩමුන්න ගල් අම්බලම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

ගොඩමුන්න ගල් අම්බලම දිශාවන්

මහනුවර සිට  ගොඩමුන්න ගල් අම්බලම දක්වා
හරහා : අම්පිටිය
මුළු දුර : කිලෝමීටර 14
ගතවන කාලය  : විනාඩි 45
ගතකල යුතු කාලය : විනාඩි 15-30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply