වතුරකුඹුර අම්බලපිටිය අම්බලම – Wathurakumbura Ambalapitiya Ambalama

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 4.50 out of 5)
Loading...
නටබුන් වූ වතුරකුඹුර අම්බලපිටිය අම්බලම - Wathurakumbura Ambalapitiya Ambalama

නටබුන් වූ වතුරකුඹුර අම්බලපිටිය අම්බලම – Wathurakumbura Ambalapitiya Ambalama

මගීන්ගේ ප්‍රයෝජනය සඳහා මාර්ග අසලකරන ලද විශ්‍රාමශාලා හෙවත් ගිමන්හල අම්බලම නමින් හැඳින්වෙනවා. පුරාණයේ මේවායේ රාජරාජ මහාමාත්‍යාදීන් පවා ලැගුම් ගත්තා. අතීතයේ පයින් හා දෝලාවෙන් ගමන් ගිය මගීන් ගමන් වෙහෙස නිවීම සඳහා අම්බලමක් සැදීම මහත් ඵල ගෙනෙන කුසල් කර්මයක් ලෙස සැලකුවා. ලංකාවේ තිබෙන බෞද්ධ ප්‍රවේශය මේ සඳහා තවත් දායක වුණා. එම නිසා ප්‍රසිද්ධ මාර්ගවල සැතපුම් දෙක තුනකට ඈතින් අම්බලම් දකින්න ලැබුණු අතර බොහෝ පැරැණි ගම්වල අම්බලම් දෙක තුනක් පවා දක්නට ලැබුනා.  ඒ එක්කම මෙම අම්බලම් එම ගම්මානයේ පිරිස එක්තැන් වන ස්ථානයක් ලෙසද වැදගත් උනා.

ඇතැම් අම්බලම් ඉතා විශිෂ්ට ලෙසින් කැටයම් කරලා තිබුණා. බොහෝ විට අම්බලම් ගොඩනැගුවේ රාජ  අනුග්‍රහය යටතේ හෝ ප්‍රාදේශීය ප්‍රභූවරුන්ගේ අනුග්‍රහයෙන්. එම නිසා මෙම අම්බලම්වල විශාලත්වය හා කලා නිර්මාණ අනුග්‍රහය දුන් පුද්ගලයන්ගේ වත්පොහොසත්කම් අනුව වෙනස් උනා.

වතුරකුඹුර ගම්මානයට යාමට කොළඹ නුවර මාර්ගයේ කිරිබත්කුඹුර ප්‍රදේශයෙන් වතුරකුඹුර පාරට හැරී කිලෝමීටර් 5 ක් දුරට ගමන් කළ යුතුයි. වතුරකුඹුර මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට මෙම අම්බලම පිහිටා තිබෙනවා. වතුරකුඹුර අම්බලම නිර්මාණය කර තිබෙන්නේ ගොඩකුඹුර, ඇලිකේවල අම්බලම් වල නිර්මාණ හා සමාන බව පෙනී යනවා.  බොහෝ විට වතුරකුඹුර අම්බලම ද ඒ හා සමකාලීන නිර්මාණයක් විය හැකියි.

අඩි 6×6 පමණ ප්‍රමාණයේ දැව බාල්ක අට්ටාලයක් මත මෙම අම්බලම සාදා ඇති බව පෙනෙනවා. වසර හයකට පමණ පෙර මෙම අම්බලම කඩාවැටිලා. ඊට ඉහත ඡායාරූපයට අනුව කඳන් අට්ටාලයට මතට වැටී එලෙසම දිරාපත් වන බව පෙනෙන්නට  තිබෙනවා.  මෙහි ඉහළ බාල්කයේ දැව කඳක “ශාකා බදම් රුති සත්‍ය” නමින් පාඨයක් සඳහන් කොට තිබෙනවා. මෙම බාල්කය කඩා වැටී දිරාපත් වෙමින් පවතින බැවින් දැනට එය කියවීම  අපහසුයි. නමුත් එම පාඨය ගම්වැසියන්ට හොඳින් මතකයි. නමුත් එහි අරුත ගමිවැසියන් නොදන්නා බව පවසනවා.

අද වන විට මෙම අම්බලමේ   තත්වය කුමක් දැයි පැහැදිළි නැත.  සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබිය හැක.

පහත ගූගල්  සිතියමේ ලකුණු කර ඇත්තේ මෙම පිටවල අම්බලම පිහිටි දළ  ප්‍රදේශය බව සළකන්න.

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

  • අම්බලම හා සමාජය : ශ්‍රී ලංකාවේ පුරාණ පිළිබඳ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක පර්යේෂණයක්, 2018. , 1. කොළඹ : සීමාසහිත ඇස් ගොඩගේ සහෝදරයෝ (පුද්.) සමාගම.

සම්බන්ධ වෙනත් පිටු

වතුරකුඹුර අම්බලපිටිය අම්බලම සිතියම


ගූගල් සිතියම් පහලින් - Please click on the button below to load the Dynamic Google Map -
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.


වතුරකුඹුර අම්බලපිටිය අම්බලම රියදුරු දිශාවන්

කිරිබත්කුඹුර සිට වතුරකුඹුර අම්බලපිටිය අම්බලම දක්වා
හරහා :වතුරකුඹුර මාර්ගය
මුළු දුර :කිලෝමීටර 5
ගතවන කාලය  : විනාඩි 15
ගතකල යුතු කාලය : විනාඩි 15 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
© www.amazinglanka.com
Comments