Kurundu Oya Ella Falls (Maturata Ella) – කුරුඳු ඔය ඇල්ල (මතුරට ඇල්ල)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (4 votes, average: 4.25 out of 5)
Loading...
kurundu oya ella

kurundu oya ella

Height :189  meters
District :Nuwara Eliya

At 189m, Kurundu Oya Ella Falls (Maturata Ella) is the second highest fall in Sri Lanka. From its source, the Kurundu River, the water cascades down into a deep ravine before later joining the Mahaweli River.

Located in the Nuwara Eliya District, to reach the fall take the road from Nuwara Eliya to Kandapola. After 18km the road winds past the Piduruthalagala ravine and the Coodoogala Jungle. Continue for another 11km until the Kurundu River and turn right by a stream. After 2km, it is not possible to continue by vehicle; park and walk onwards, past the tea pickers. The fall is situated 100m further into the tea plantations

Alternate Names : Krudu Oya Ella, Kruduoya Ella, Krundu Oya Ella, Krunduoya Ella, Maturata Ella

Also See

Map of Kurundu Oya Ella Falls (Maturata Ella)

.

The map above also shows other places of interest within a approximately 20 km radius of the current site. Click on any of the markers and the info box to take you to information of these sites.

Zoom out the map to see more surrounding locations using the mouse scroll wheel or map controls.

Travel Directions to Kurundu Oya Ella Falls (Maturata Ella)

There are two routes to view the upper part of the fall from Walapane both very tough and require a 4×4. One route is through the Japanese Peace Pagoda of Walapane. Traveling about 5 kilometres you can see the upper part of the Kurundu Oya Falls.

The other is passing walapane driving towards Ragala . Taking the road towards the Tamil School of the Mahauva Estate (lying between Walapane and Harasbedda) you can get another view of the fall after traveling about 8 km on this road.

Another route is through Padiyapelella through Maturata Plantation Estates. An estate road from Padiyapelella leads towards the fall. This is again a 4×4 road with a hike at the end.

Kurundu Oya Ella Falls (Maturata Ella) Video

An informative video clip by Nade Gura Travel & Conservation Society


පතුලේ සිට මුදුන නොපෙනෙන කුරුඳු ඔය දිය ඇල්ල

සිරිසේන දේවපි‍්‍රය – සිළුමිණ
kurundu oya ella

kurundu oya ella

කුරුඳු ඔය දිය ඇල්ලේ උස මීටර් 206 කි. අඩි 676 කි. කුරුඳු ඔය දිය ඇල්ල පිළිබඳ තොරතුරු ඉතාමත් අප්‍රකටය. එය තිබෙන්නේ කොහේද කියාවත් දන්නා අය ඇත්තේ අතළොස්සකි. එසේ නම් එය නරඹා ඇති අයගේ සංඛ්‍යාව පිළිබඳ කුමන කතාද? කුරුඳු ඔය දිය ඇල්ල මෙතරමටම අප්‍රකට වීමට ද හේතුවක් තිබේ. එය පිහිටා ඇත්තේ පහසුවෙන් හෝ දුෂ්කරව වුවද සමීප වීමට හැකි ස්ථානයක නොවේ. සුවිශාල වනාන්තරයකය. වාහනයකින් ගමන් කොට පහසුවෙන් නැරඹීම සඳහා ඉදිවූ මාර්ග නොමැත. කඳු, හෙල් පල්ලම්, ප්‍රපාත ඔස්සේ අසීරුවෙන් යා හැකි අඩිපාරවල් කීපයක් පමණි දිය ඇල්ල වෙත විහිදී ඇත්තේ.

මෙරට වැඩිම උසින් පිහිටි පිදුරුතලාගල කන්දේ උතුරු බෑවුමෙන් ඇරඹී උතුරු දිශාව බලා ගලා බසින කුරුඳු ඔය හයිෆොරස්ට් නම් වූ කඳු වැටියෙන් ද ඇරඹී ගලන ශාඛා දිය දහරා එක්කර ගනිමින් පෝෂිතව බොහෝ දුරක් තේ වතු මැද්දෙන්ම ගලා බැස මතුරට එක් අන්තයකදී ග්‍රැනයිට් පාෂාණයෙන් නිර්මිත ගල් පව්වක් දිගේ මහල් දෙකකින් යුක්තව ඇද හැලෙමින් කුරුඳු ඔය දිය ඇල්ල නිර්මාණය කොට ඇත. මෙම හේතුවෙන් කලක් මෙය හැඳින්වූයේ මතුරට දිය ඇල්ල නමිනි.

කුරුඳු ඔය ඇරඹෙන්නේ ශීතාධිත ප්‍රදේශයකින් වුවද දිය ඇල්ල ඇදහැලෙන්නේ මධ්‍යම කඳුකරයේ වියළි කලාපයට අදාළව වියළි කර්කශ දේශගුණයක් පවතින ප්‍රදේශයකය. දිය ඇල්ල අයත් ප්‍රදේශය වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වෙයි. මෙතරම් වියළි පෙදෙසක, මෙතරම් ජලයෙන් පොහොසත් දිය ඇල්ලක් තිබිය හැකිදැයි ඇතැම්මු මවිතය පළ කරති.

දුෂ්කරÀවයේ හා කටුකÀවයේ මුදුනේම දිය ඇල්ල පිහිටියා සේම ඒ ආසන්නයට යාමට ප්‍රධාන මාර්ග කිසිවක් ද නොමැත. ප්‍රධාන මාර්ගවලින් දුරස්තරව පිහිටීම ඊට හේතුවයි. නුවරඑළිය – රාගල මාර්ගයේ බෲක්සයිඩ් හන්දියෙන් හැරී මහකුඩුගල, ගෝනපිටිය හරහා මතුරටට පැමිණිය හැකිය. එහි සිට ජීප් රියක්, ත්‍රීවීලරයක් වැනි රථයක් යාමට සුදුසු මාර්ගයක් දිගේ කිලෝ මීටර් 05 ක් පමණ ගමන් කොට අනතුරුව ඉතිරි දුර අඩිපාරක් දිගේ යාමට සිදු වේ. අඩිපාර බසින්නේ දැඩි අගාධයකටය. එක අඩියක් හෝ ලිස්සා ගියහොත් ඔබ ප්‍රපාතයේ පතුලට පෙරළී යනවා නොඅනුමානය.

එසේ ගොස් ඔබට මහල් දෙකකින් ඇදහැලෙන දිය ඇල්ලේ ඉහළ මාලය නැරඹිය හැකිය. ජල කඳ ඉතා වේගයෙන් දෝංකාරවත්ව ඇදහැලෙයි. එහි පිහිටි ගල්තලාවේ නෙත්තියට ඔබ නොයා යුතුය. එම ගල්තලාව දිය ඇල්ල පතුලට ඇදහැලීම සඳහා දෙවන මහලේ ශීර්ෂය නිර්මාණය කොට ඇත. එසේ වුවද දිය ඇල්ලේ පහළ (දෙවන) මහල එහි සිට ඔබට නැරඹීය නොහැකිය. දැඩි අගාධය හේතුවෙන් ගල්තලාවේ එහා-මෙහා යාමට හෝ ඔබට නොහැකිය. එබැවින් ඉහළ මහල නැරඹූ ඔබ ආ මඟ දිගේම කන්ද නැඟ ආපසු යා යුතුය.

කුරුඳු ඔය දිය ඇල්ල නැරඹීම සඳහා වලපනේ නගරයේ සිට ද මාර්ගයක් විහිදෙයි. එය රළු භාවිතයට යෝග්‍ය ජීප් රථ හා ත්‍රීවීලර් සඳහා පමණක් යෝග්‍යය. වලපනේ ජපන් සාම චෛත්‍යය හරහා වට වංගු රැසක් තනමින් කඳුකරය නැඟ කිලෝ මීටර් 05 ක් පමණ ගිය පසු දිය ඇල්ලේ ඉහළ මාලය පෙනෙන මානයට පමණක් ඔබට යා හැකිය. දුර සිට ඉහළ මාලය නරඹනවා විනා කිසිසේත්ම ඉහළ මාලයට සමීප වීමට නම් ඔබට නොහැකිය. එහි ගොවියන්ගේ වගාබිම් ද පවතිනු ඔබට දැක ගත හැකිය. එසේ වුවද එතනට දිය ඇල්ලේ පහළ මාලය නම් පෙනෙන්නේම නැත.

දිය ඇල්ල වෙත සමීප විය හැකි තවත් මාර්ගයක් තිබේ. වලපනේ නගරය හා හරස්බැද්ද ගම අතර පිහිටි මහඌව වත්තේ පිහිටි දෙමළ විද්‍යාලයට යන පාර දිගේ කිලෝ මීටර් අටක් පමණ දුර ගමන් කිරීමේ දී ද ඔබට දිය ඇල්ල වෙත තරමක් දුරට සමීප විය හැකිය. තේ වත්ත මැදින් විහිදි මෙම මාර්ගය අතිශය දුෂ්කරය. ජීප් රථවලට හා ත්‍රීවිලර්වලට පමණක් උචිත මාර්ගයකි.

මෙමඟ දිගේ යාමේදී ද දුරින් පෙනෙන දිය ඇල්ලේ ඉහළ මාලය පමණක් නැරඹිය හැකිය. එහෙත් කිසිසේත්ම එහි පහළ මාලය නම් එතනට ද නොපෙනේ.

දිය ඇල්ලක මෙම පිහිටීම අතිශය මවිතකරය. එහෙත් එම ස්ථානය අසලින් ප්‍රපාතයක් කරා කුඩා අඩිපාරක් විහිදෙයි. එය ද වට වංගු සාදමින් ඇදෙන අඩිපාරකි. ගන වනාන්තරය මැදින් විහිදි අඩිපාර දිගේ කිලෝමීටර් තුනක් පමණ ගමන් කිරීමෙන් ඔබට දිය ඇල්ලේ පහළ මාලයේ පතුලටම සමීප විය හැකිය. අඩිපාර විහිදෙන්නේ සදාහරිත තෙත් වනාන්තර කුට්ටියක් හරහාය.

පිටත සිට බලන විට නිල්වන් වන පෙත මනහරය. එහෙත් එතුළ බියකරුය. ගෝනා, දිවියා, වල් ඌරා වැනි වන සතුන්ගේ රජදහනක් වූ මේ වනාන්තරයේ ඉතාමත් සෝදිසියෙන් මෙන්ම පරිස්සමෙන් ද ගමන් කළ යුතුය.

දිය ඇල්ලේ පහළ මාලයේ පතුලට යන ඔබ වේගවත්ව ඇදහැලෙන දිය දහරේ දෝංකාරවත් හඬින් බියපත් වනු නිසැකය. ජල දහරාවක් නොව සුදෝසුදු මිහිඳුම් කඳක් මෙන් ඔබට දිය ඇල්ල පෙනෙනු ඇත. කිලෝමීටර් ගණනක් පයින්ම ඇවිද ඔබ විඳි වෙහෙස – මහන්සිය හා විඩාව දිය ඇල්ල දැකීමත් සමඟම පහව යනු ඇත. ඒතරම්ම අලංකාරවත් ලෙසින් දිය ඇල්ල ඇද හැලෙයි. දිය ඇල්ලේ පතුලට එහි මුදුන නම් කිසිසේත් ම පෙනෙන්නේ නැත. මෙය අතිශය දුර්ලභ පිහිටීමක් වන්නේ එබැවිනි.

© www.amazinglanka.com
Comments
Posted in Waterfalls Tagged with: , , , , , , ,