Seemapauwa Forest Monastery at Angunakolapalessa – අඟුණකොලපැලැස්ස සීමාපව්ව ආරණ්‍ය සේනාසනය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars Be the first to rate
Loading...
A ruined stupa at the Seemapauwa Forest Monastery

A ruined stupa at the Seemapauwa Forest Monastery

Seemapauwa Aranya Senasanaya is ancient forest monastery in the village known as Usgala in Angunakolapalessa on the Kalthota – Thanamalwila Road. Based on the inscriptions found at this site, it has been found that this site has been in existence 1-2 centuries even before the Christ. It is believed that this has been a active Buddhist center during or around the rule of of King Wattagamini Abaya (104-101 BC), better known as king Walagamba.

The temple lies bordering a massive jungle of about 25 acres which is said to consisting of various ancient artifacts as per the article below.

photos by curtsey of Dr. Ashan Geeganage

රුහූණෙන් මැකී යන අතීතය

සචින්තා ලියනආරච්චි සිංහල අධ්‍යයන අංශය
රුහූණූ විශ්වවිද්‍යාලය – මාතර
published in 2009 in Divaina news paper

ලක්දිව ජනාවාස වූ මූල් කාලයේ සිටම ලංකා ඉතිහාසයට වැදගත් තොරතුරු එක් කළ ප්‍රදේශයක් ලෙස රුහූණූ රට හැඳින්විය හැකිය. රුහූණූ, පිහිටි, මායා වශයෙන් පාලන ප්‍රදේශ තුනකම බෙදුණූ එකල ඓතිහාසික වෙල්ලස්ස ප්‍රදේශයද අයත් වූයේ රුහූණූ රටට මය. ඓතිහාසික වශයෙනූත්, පූරාවිද්‍යාත්මක වශයෙනූත් වැදගත් ස්ථාන රාශියක් ඌව වෙල්ලස්ස ප්‍රදේශයෙන් හමූවී ඇත. එසේ හඳුනා නොගත්, කාලයාගේ ඇවෑමෙන් හා විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි. විනාශ මූඛයට පත්වෙමින් පවතින්නා වූ ඓතිහාසිකමය හා පූරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක් තවමත් ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ ඇත. එවන් එක් ප්‍රදේශයක් පිළිබඳව මෙම ලිපියෙන් හෙළිදරව් කරනූ කැමැත්තෙමි.ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොටිඨාසයට අයත් උස්ගල ග්‍රාම නිලධාරි වසමෙහි ක්‍රි. පූ. 1-2 ශතවර්ෂවලට අයත් ඉපැරණි ආරණ්‍ය සේනාසනයකි. එය නමින් සීමාපව්ව ආරණ්‍ය සේනාසනයයි. ලක්දිව සෙල්ලිපි කෘතියෙහි (කොත්මලේ අමරවංශ හිමිගේ) සීමාපහූර කන්ද යනූවෙන් හඳුන්වා ඇති මෙම ස්ථානයෙහි ක්‍රි. පූ. 1-2 ශතවර්ෂවලට අයත් සෙල්ලිපි, පොකුණූ, ගරා වැටූණූ චෛත්‍යය ගල්ලෙන්, ශී්‍ර පාද අනූරුවක් යනාදී වැදගත් නටබූන් රාශියකි. ලක්දිව සෙල්ලිපි කෘතියෙහි දැක්වෙන පරිදි “ගහපති මහතිශහ ලෙණෙ ශගශ” යනූවෙන් එහි එන එක් සෙල්ලිපියක් උපූටා දැක්විය හැකි ය. (අමරවංශ හිමි, කොත්මලේ, 1969( 78). “ගෘහපති මහා තිස්සගේ ලෙන සංඝයාට දෙන ලදී” යන අරුත් කැටි වූ මෙවන් සෙල්ලිපි තුනක් පමණ එහි තිබී පූරාවිද්‍යාත්මක ගවේෂණ මගින් අනාරණය කොට ගෙන ඇත. වළගම්බා රජ සමයේ හෝ ඊට ආසන්න යූගයක භාවනානූයෝගී රහතන්වන්සේලා වැඩවාසය කළ පොහොය කර්ම, විනය කර්ම ආදිය සිදු කළ බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස මෙම ස්ථානය සැලකේ.

ගම් සීමාවේ කෙළවරක පිහිටි කඳු ගැටයක පිහිටා ඇති මෙම ආරණ්‍ය සේනාසනයට පිවිසි කල්හි එය පිටූපසින් ඈතට විහිදී ගිය මහා ගණ වනාන්තරයකි. ආසන්න වශයෙන් අක්කර 25 ක් තරම් යැයි සැලකිය හැකි මෙම වනාන්තරය පූරාවිද්‍යාත්මක අගයන් රැසකින් යූක්ත වූවකි. අද වන තෙක් කිසිදු ගවේෂණයකට හෝ අවධානයකට ලක් නොවූ මෙම රකෂිත වනාන්තරය අලි, කොටි, වළස්, මූව, ගෝන…. ආදී වන සතුන්ගෙන් ද කළුවර, බූරුත, පලු, වීර…. ගස්වලින් ද ගහන වූවකි.

හේන් ගොවිතැන් කරන මහවැව, 17 කොළණිය, අඟුණකොළපැලැස්ස, කළවැල්ගල, නිකාර, මීගස්වැව…. යනාදී වූ අවට ගම්වාසීන් සිය කර්මාන්තය සඳහා මෙකී රකෂිත කැලයේ තමන්ම රිසි තැන් කපා පූළුස්සා යොදා ගනිති. දැනට ගම්වැසියන් ජීවත්වන ප්‍රදේශයේ ඇති ජල හිඟය නිසාම සිය ගොවිතැන් කටයූතු සඳහා අසල ඇති කැලය පීරා ගොස් දියකඩිති සොයා එහි ගොවිතැන් බත් කළ ගැමියන්ගෙන් අතලොස්සක් අදත් මේ ගම්වල වාසය කරති. අතීතයේ මෙම වනාන්තරය අදටත් වඩා ගණ කැලෑවක්ව පැවැති බවත් එහි පස ජනාකීර්ණ වූ ප්‍රදේශයේ පසට වඩා බෙහෙවින් තෙත් සහ සරුසාර බිමක් බවත් අතීතයේ සිට මෙම ප්‍රදේශය ඇසූරු කළ වැඩිහිටියන්ගේ මතකයයි.

අතීතයේ මෙම වනාන්තර ප්‍රදේශයේ තිබූ ඉතා ක්‍රමවත් වාරි පද්ධතියක නටබූන් අදටත් ශේෂව පවතින බව විස්මිත කරුණකි. අක්කර 25 ක තරම් භූමි ප්‍රදේශයක් පූරා වැව් බැඳ, ඒ ආශ්‍රිතව ඇළ වේළි සකස් කර විශාල කුඹූරු යායවල් අස්වද්දා ඉතා සගී්‍රකවත් කෘෂි ආර්ථිකයක් එකල එම ප්‍රදේශයේ පැවතුණූ බවට සලකුණූ, සාධක අදටද දැකිය හැකි කරුණකි.

අදටත් විශාල ගස් නො වැඩූණූ තැනිතලා බිම් ප්‍රදේශ මෙහි දී දැක ගත හැකිය. ඒවා අතීතයේ පැවති කුඹූරු යායවල් යැයි මෙම ප්‍රදේශවල ගැමියෝ උපකල්පනය කරති. බටූවැව, දරුණූ ආර වැව, ඔරුකෙං ගල් වැව, ගෝනමළ වැව, යනාදී විවිධ නම්වලින් හඳුන්වන මෙම වැව් අද වනවිට නටබූන් ව පවතී. ඇතැම් වැව් දැනට මහවැව ආදී ගම්වල වෙසෙන ජනයා ප්‍රතිසංස්කරණය කොට තම ගොවිතැන් කටයූතු සඳහා ද යොදාගනූ දැකිය හැකිය. වැව්වලට අමතරව ලොකු, කුඩා ඇළමාර්ග රාශියක් ද මෙම ප්‍රදේශයේ තිබී අද වනවිට නටබූන් ව පවතී. ඒ අතුරෙන් මලල ආර නමින් ප්‍රදේශවාසීන් හඳුන්වන විශාල වාරි ඇළ සූවිශේෂිය. කිසිදු ගඟකට සම්බන්ධ නොවී කෙළින්ම හම්බන්තොට පල්ලෙමලල ප්‍රදේශයෙන් මූහූදට එක්වන මලල ඇළ ආරම්භ වන්නේ ද මෙම වනාන්තර ප්‍රදේශයේ කෙළවරක පිහිටි “ගලගෙදර” නම් කන්දෙනි. මෙම වාරි ඇළ කවූරුන් විසින් නිර්මාණය කරන ලද දැයි නිශ්චිත නොවන අතර ඒ පිළිබඳව විවිධ මත ගැමියන් අතර පවති. “මලල ආරු” යන ද්‍රවිඩ වචනයෙන් “මලල ආර” යන නම සැදී ඇතැයි යන්න ඉන් එක් මතයකි. පොළොන්නරු යූගයට ආසන්න කාලයක දී ද්‍රවිඩ ප්‍රාදේශීය පාලකයකු විසින් මෙම වාරි ඇළ සකසන්නට ඇතැයි එම මතය ඉදිරිපත් කළ ගමේ ප්‍රභූවරයකු කීවේය.

කෙසේ වූවද මෙම ප්‍රදේශයේ ඇති ස්වයං පෝෂිත කෘෂි වාරි පද්ධතිය ප්‍රධාන වශයෙන්ම කඳු, වැව්, ඇළ මාර්ග යනාදියෙන් යූක්තව සකස් වී ඇත. මෙකී කෘෂිකාර්මික ජනපදය පිහිටා ඇත්තේ මලල ආර කේන්ද්‍ර කොට ගෙන බව පැහැදිලිය.

ගලගෙදර කන්ද පිහිටා ඇත්තේ “දේවගිරි කඳුපන්තිය” ආසන්නයේය. මෙකී කඳු, වැව් ආදියට එකීනම් ලැබීමට හේතු වූ ජනශ්‍රැති හා ජනකතා ද මෙම ප්‍රදේශවල ගැමියන්ගේ මූවඟ අදටත් රැඳී ඇත. දේවගිරි නම් කඳු පංතියට එම නම ලැබී ඇත්තේ මීට. දශක කිහිපයකට පෙර එම කඳුකර ප්‍රදේශයේ තිබූ අරුම පූදුම දේ නිසාවෙන් යැයි කියැවේ. හොරනෑ, දවූල්, තම්මැටිටම් හඬ මිශ්‍රවූ තේවා නාදයක් නිරන්තරයෙන් එම කඳු පන්තිය අසලින් ඇසූණූ වගත්, එහි නොයෙක් පලතුරු පිරි උයන්වතු ද පිහිටා තිබූ වගත් කියැවේ. පලතුරු එහි සිට ඕනෑ තරම් අනූභව කළ හැකි නමූත් කිසිදු ගෙඩියක් හෝ කොළයක් පවා ගෙන ඒමේ චේතනාවෙන් එකතු කළ හොත් ඒ තැනැත්තාට ආපසූ ඒමට පාර අමතක වී අතරමං වන බවත් මෙම ප්‍රදේශයේ ගැමියන් අතර පවතින විශ්වාසයකි. එම සූවිශේෂි ජනශ්‍රැතිය නිසාම මෙම කඳු පන්තියට මේ නම ලැබිතැයි සැලකේ.

ගලගෙදර කන්දට නැගෙහිර දෙසින් දැකිය හැකි “මැණික්පැලැස්ස” නම් ප්‍රදේශය ද ඉතා වැදගත් පූරාවිද්‍යාත්මක වටිනාකම් රැසකින් සමන්විත ප්‍රදේශයකි. මෑතක් වනතුරු ම එම ප්‍රදේශයේ ගරා වැටූණූ වෛත්‍යයක්, පැරණි ගල්කණූ හා පැරණි පන්සලක් පැවති ස්ථානයක් යැයි සැලකිය හැකි සාධක තිබූ බව ගැමියෝ පවසති. මැණික් අධික ව තිබූ තැනිතලා ප්‍රදේශයක් නිසා මෙම ප්‍රදේශය මැණික් පැලැස්ස වූවා යැයි ගැමියන්ගේ මතයයි.

මලල ආර වම් පසින් වනාන්තරය මැද්දට වන්නට පිහිටා ඇති දහයියා කන්ද ද ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් ස්ථානයකි. කඳු ගැටයක් උඩ එක් බෑවූමකට වන්නට පිහිටා ඇති විශාල ගල් ගුහාවකි. දහයියා කන්ද යන නම සැබවින්ම මෙයට උචිත නම බව අදටත් එහි යන්නෙකුට පැහැදිලි ය. මන්ද යත්, එම ගල් ගුහාවෙහි බිම දිරා ගිය වී ඇට, වී පොතු විශාල වශයෙන් අදටත් දක්නට ලැබේ. එහි ඉදිරිපස, (ගුහා දොරකඩ) මැටි, ශක්තිමත් බිත්තියකින් වසා ඇත. දැනට එහි දැකිය හැක්කේ බිත්තියේ ගරා වැටූණූ කොටසක් පමණි. දහයියා කන්ද ආශ්‍රිතව ඉදිරිපස ඈතට විහිදී ගිය ගොහොරු මඩ සහිත තැනිතලාවකි. එය කෙතරම් වියළි කාලයක වූවද මඩ සහිත තැනිතලාවකි. විශාල ලෙස කුඹූරු යායවල් මෙම ප්‍රදේශයේ පැවැති බවටත් එහි අස්වැන්න ස්වාභාවික හෝ සතුරු උපද්‍රවයකින් බේරා ආරකෂා කර ගැනීමට ගල්ගුහාවෙහි දමා දොරටූව වසා තැබූවා විය හැකිය. දියූණූ වාරි සංස්කෘතියක් මෙම ප්‍රදේශයේ තිබූණූ බවට උපකල්පනය කිරීම වැරදි නැත. ඇවැසි වන්නේ එහි සත්‍ය අසත්‍යතාව අනාවරණය කර ගැනීමයි.

දහයියා කන්දට විරුද්ධ පසින් මලල ඇළහි ඉවූරෙහි ද මේ ආකාරයටම ඉතා සූවිශේෂි පූරාවිද්‍යාත්මක සංකේත දැකගත හැකිය. එනම්, ජලය ගලා යන විශාල මලල ඇළෙහි ඉවූරෙහි එක් ස්ථානයක ඇළ ඉවූරට ම කාවද්දා ඉතා ශක්තිමත් ව සකස් කරන ලද චෛත්‍ය අනූරූ දහස් ගණනක් දැකිය හැකිය. විශ්වාස කිරීමට පවා අපහසූ මෙම පූරාවිද්‍යාත්මක සාධක ජලය පිරී ඉතිරී යන ඇළ ඉවූරෙහි එක් සීමිත ප්‍රදේශයකට පමණක් සකස් කළේ ඇයි ද යන්න ගැටලුවකි. ඒවා ප්‍රමාණයෙන් කුඩා ය. කැවූම් ගෙඩියකට වඩා තරමක් විශාල යැයි කිව හැකි මේ චෛත්‍ය අනූරූ හැඩයෙන් ප්‍රමාණයෙන් එකම සමානය. එම චෛත්‍යය ඇතුළත, මැද යම් යම් අකෂර හා සංකේත යෙදූ කුඩා මැටි කාසියකි. එකී කාසිය ඔබ්බවා නිම කළ චෛත්‍ය විශාල ප්‍රමාණයක් වර්ෂාව නිසා සේදී විනාශ වී ඇත.

පොළොව යට පැවති ඒවා ජලය ගසාගෙන යෑම නිසා සේදී උඩට මතුවී ඇත. මලල ඇළ ආශ්‍රිතව හේන් ගොවිතැන් කරන්නට කැළයට ගිය මූල් කාලීන මිනිසූන් මෙම චෛත්‍ය අනූරූ දැක නිධන් වස්තු ඇතැයි සැක කොට එම ප්‍රදේශය හාරා චෛත්‍ය කඩා බිඳ දමා ඇත. අදටත් ඇතමූන් නිවෙස්වල බූදු පහන තබන ස්ථානවලත්, ඇතැම් නිවෙස්වල දරුවන්ගේ සෙල්ලම් ගෙවලත් මේවා දැකිය හැක්කේ එහි අගය නූගත් මිනිසූන්ට නොවැටහෙන නිසාවෙනි. වනාන්තරය මැද පිහිටි මේ ඇළ ඉවූරෙහි මෙවන් ඓතිහාසිකමය හා පූරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වන යම් සංකේතයක් ගැබ් කළේ මන්ද යන්න පිළිබඳ මෙම ප්‍රදේශයේ විද්වත්හූ විවිධ මත පළ කරති. ඇතැම් ගැමියන්ට අනූව නම් අතීතයේ මෙම වාරි ජනපදය පාලනය කළ යම් පාලකයෙක් වැරදිකරුවන්ට දුන් දඬූවමකට අනූව ඇළෙහි නියමිත එක් ස්ථානයක් මෙසේ සකස් කරන්නට ඇතැයි සැලකේ. සීමාපවූර ආරණ්‍ය සේනාසන අධිපති ගෞරවනීය හබරත්නාවෙල ජිනසාර හාමූදුරුවන් වහන්සේට අනූව නම් මෙම ප්‍රදේශයේ මෙම වාරි සංස්කෘතිය තැනූ පූද්ගලයන්ගේ සොහොන් භූමියක් වැනි දෙයක් මේ තුළින් සංකේතවත් වන බව කියැවේ. කෙසේ වූවද කිසිවකුගේ ඇස නොගැටී ඇති මේ පූරාවස්තු සොබාදහමේ ක්‍රියාකාරකම් හා විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දිනෙන් දිනම අභාවයට යන බව නම් කිව යූතුමය.

මලල ආර දෙපස වූ වනාන්තරය තුළ දැකිය හැකි තවත් සූවිශේෂි කන්දක් ලෙස “වැටහිරා කන්ද” හැඳින්විය හැකිය. වැටහිරා නම් බෙහෙත් ඖෂධ වර්ගයක් ලොකු පඳුරු ලෙස මෙම කන්ද පූරාම වැවී ඇති නිසා වැටහිරා කන්ද යන නම මෙයට ලැබී ඇති බව ජනප්‍රවාදයයි. විශාල වශයෙන් දිය කඩිති දැකිය හැකි මෙම කඳු පාමූල තැනිතලා ප්‍රදේශය “වැටහිරා පැලැස්ස” යනූවෙන් හඳුන්වනූ ලැබේ.

වැටහිරා කන්දර ඉදිරිපසින් මලල ඇළට එගොඩින් පිහිටා ඇති තවත් වාරි කාර්මාන්තයකි. එය “දරුණූ ආර වැව”යි. කඳු දෙකක් අතරින් එන සැඩ දිය පහරින් මෙම වැව පිරි යන නිසා දරුණූ ආර වැව යන නමින් එය හඳුන්වන බව ගැමියන්ගේ මතයයි. එසේම ඊට මඳක් ඔබ්බෙන් විශාල “ගල් කෙමක්” සහිත ගලක් දැකිය හැකිය. දරුණූ ආර වැව ඉස්මත්තේ පිහිටා ඇති මෙම ගල “වවූල්ගල” නමින් හැඳින්වේ. එම ගල් කෙමෙහි උඩ විශාල ලෙස වවූලන් එල්ලී සිටින බැවින් එයට වවූල්ගල යන නම භාවිත වන බව කියැවේ. මලල ආර ආශ්‍රිතව තවදුරටත් හමූවන වාරි කර්මාන්ත බොහෝ ය. “ඔරුකෙංගල” ඉන් තවත් එකකි.

කෙම් හෙවත් ගල් පොකුණූ තුනක් මෙහිදී දැකිය හැකිය. ඉන් එකක් ඔරුවක හැඩැති ය. අනෙක, බෝටිටූවක හැඩැතිය. අනෙක, වැවක් හැඩැතිය. අදටත් වර්ෂා ජලය පිරුණූ මේ ගල් පොකුණූවලින් හේන් ගොවිතැන් කරන ගැමියෝ ස්නානය කරති. ඔරුකෙං ගල අසල ඊට මඳක් ඔබ්බෙන් “ඔරුකෙංගල් වැව” නමින් තවත් වැවක් තිබේ. අද වන විට මේ වැවද නටබූන් ව ගෙසිනි.

ඔරුකෙංගලට විරුද්ධ පසින් තවත් එවැනිම ගල් කෙමක් හා වැවක් දැකිය හැකිය. එම ගල්කෙම නමින් “ගෝනමළ කෙම”යි. ඒ අසල ඇති වැව “ගෝනමළ වැව”යි. මෙම ස්ථානයට ඒ නම යෙදීමට ද හේතුවක් ඇත. ඉහතින් දැක්වූ ගෝනමළ කෙම යනූ තරමක් විශාල, යටට හෑරුණූ ගල් කෙමකි. මෙහි වතුර හොඳින් පිරී ඇති විට ගෝනූන් රංචූ පිටින් පැමිණ එහි වතුර බී ඇත. ක්‍රමයෙන් ගල් කෙමෙහි වතුර අඩූ වන විට කෙමෙහි ඇති අවකාශය ද අඩූ වේ. එය නොදත් ගෝනූන් නැවත කෙමෙන් වතුර බීමට සැරසේ. විශාල අං තටිටූ සහිත ගෝනූන් කුඩා ඉඩ අවකාශයක් ඇති කෙමට හිස දමා වතුර බොන විට එහි අංතටිටූව හිර වී ගෝනූන් මිය ගොස් ඇති බව ගැමියන් අතර ප්‍රසිද්ධ ජන කතාවකි. ඒ හේතුවෙන් මෙම ස්ථානයට “ගෝනා මළ කෙම”, “ගෝනමළ කෙම” යන නම ලැබී ඇතැයි සැලකේ.

දැනට ගම් සීමාවේ පිහිටා ඇති සීමාපවූව ආරණ්‍ය සේනාසනයට ඉදිරිපසින් පෙනෙන “බටූලන්ද වැව” ද එසේ වැදගත් වන තවත් වාරි කාර්මාන්තයකි. ගම් සීමාව ආසන්නයේම පිහිටා ඇති නිසා අද වන විට මෙම වැව ප්‍රතිසංස්කරණය කොට කුඹූරු වගා කිරීමට, හේන් ගොවිතැන් කිරීමට, ගවයන් ඇති කිරීමට, ස්නානය සඳහා යන විවිධ අවශ්‍යතාවන් සඳහා යොදා ගනිති. බටූලන්ද වැව ඉස්මත්තෙහි සීමාපවූව ආරණ්‍ය සේනාසනයට පෙනෙන දුරින් පිහිටා ඇති තවත් පූජනීය සිද්ධස්ධානයක නටබූන් දැකිය හැකිය. “ගොමගල කන්ද” යන නමින් ගැමියෝ හඳුන්වන මෙම කන්දෙහි අලංකාර පොකුණක්, ගල් ආසනයක්, සක්මන් මළුවක්… දැකිය හැකි ය. සීතපවූව ආරණ්‍ය සේනාසනයම අයත් පරිවාර සේනාසනයක් මෙ ස්ථානයේ පැවතුනා යැයි දැනට සීමාපවූව සේනාසනාධිපති ස්වාමින්වහන්සේගේ මතයයි.

මෙම වැදගත් ප්‍රදේශය තුළින් හඳුනා ගත හැකි සූවිශේෂීම කාරණය නම් මනා ලෙස, ක්‍රමවත්ව සකස් කළ වාරි පද්ධතියක් පැවතීමයි. දැනට නටබූන්ව පැවතුණ ද එකී නටබූන් තුළින් පවා ක්‍රමවත්ව සැළසූම් කරන ලද වාරි පද්ධතියක් හඳුනා ගැනීම අපහසූ නොමැත. ප්‍රධාන ඇළ මාර්ගය ලෙස මලල ආර භාවිත කරමින් කඳුවලින් එන කුඩා දිය පහර යොදා ගනිමින්ද මලල ආර සම්බන්ධ කර සකස් කළ සූළු ඇළමාර්ගවලින්ද ජලය ලබා ගෙන විශාල පරිමාණයෙන් කුඹූරු ගොවිතැන් කළ මිනිසූන් මෙම කෘෂි ජනපදයෙනි විසූ බවට උපකල්පනය කළ හැකිය. දියූණූ තාකෂණික ක්‍රම භාවිත කොට සංවර්ධනය කරන ලද කෘෂි ජනපදයක් මෙම ප්‍රදේශයේ පැවතුණූ බව හඳුනා ගත හැකිය.

දැනට සීමාපවූව ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ වසන හබරත්තාවෙල ජිනසාර නායක හිමියන්ගේ අදහසට අනූව පොළොන්නරු යූගය හෝ ඊට ආසන්න යූගයක ද්‍රවිඩ හෝ සිංහල ප්‍රාදේශීය පාලකයෙක් මෙම කෘෂි ජනපදය පාලනය කරන්නට ඇති බවයි. ඔහූ විසින් මෙම විශිෂ්ට වාරි පද්ධතිය සකස් කොට කෘෂි ජනපදය ස්වයංපෝෂිත කරන්නට ඇතැයි සැලකේ. වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි යන සංකල්පයට ගරු කරමින් ආර්ථිකය මෙන්ම ආගම ද පොෂණය කිරීමට එකී පාලකයා කටයූතු කළ බව අදවන විට නටබූන්ව පවතින දාගැබ්, පන්සල්, ආදිය සාකෂි දරයි. එකල සීමාපවූව ආරණය සේනාසනය ප්‍රධාන ආගමික මධ්‍යස්ථානය ලෙස සලකන්නට ඇති අතර වසංගත රෝගයක් හෝ සතුරු ආක්‍රමණයක් හේතුවෙන් මෙම විශිෂ්ට කෘෂි ජනපදය යම් කලෙක දී විනාශයට පත් වන්නට ඇතැයි ද සිතිය හැකිය. මෙම ප්‍රදේශයේ ප්‍රභූන්ගේ මතය ද එයයි.

මෙම කෙටි විස්තරය තුළ නො කියැවූණ දෑ බොහෝය. මා උපන් ගම් ප්‍රදේශයෙහි තිබෙන මෙකී අපූර්ව ඓතිහාසික නිර්මාණයන් මෙතෙක් කිසිදු වගකිව යූතු නිලධාරියකුගේ ඇස නොගැටූණූ බව කියන්නේ කනගාටූවෙනි. තව දුරටත් නූගත්, අහිංසක ගැමියන්ගේ විවිධ ක්‍රියාකාරකම් හා සොබාදහමේ අනේකවිධ විපර්යාසයන්ට බඳුන් වෙමින් පවතින මෙම ප්‍රදේශය තවත් කාලයක් කිසිවකුගේ අවධානයට ලක් නොවී පැවතිය හොත් ලංකා ඉතිහාසයට එක්වීමට තිබෙන වැදගත් සාධක රාශියක් වැළලී යා හැකිය. අද අප තොරතුරු අසා දැන ගන්නා වැඩිහිටියන් ද තව කෙටි කාලයකින් අපට අහිමිව යා හැකිය. එබැවින් මේ පිළිබඳව වගකිව යූතු නිලධාරීන්ගේ අවධානය යොමූ වන්නේ නම් එය මහඟු ක්‍රියාවකි. ඓතිහාසික වශයෙන් වැදගත් වන ඌව වෙල්ලස්ස පූරවරය පිළිබඳව නොලියැවූණූ රසවත් තොරතුරු රාශියක් මෙම ප්‍රදේශයෙන් අනාවරණය කර ගත හැකි වග නම් කිව යූතුම ය.

ආශ්‍රිත ග්‍රන්ථ (අමරවංශ හිමි, කොත්මලේ, ලක්දිව සෙල්ලිපි, 1969, ඇම්. ඩී. ගුණසේන සමාගම කොළඹ)

Also See

Travel Directions to Angunakolapalessa Seemapauwa Forest Monastery

Route from Thanamalwila Junction to Angunakolapalessa Seemapauwa Forest Monastery

Through : Thanamalwila – Kalthota Road
Distance : 14 km
Travel time :20 minutes
Driving directions : see on google map

Map of Angunakolapalessa Seemapauwa Forest Monastery

.

The map above also shows other places of interest within a approximately 20 km radius of the current site. Click on any of the markers and the info box to take you to information of these sites.

Zoom out the map to see more surrounding locations using the mouse scroll wheel or map controls.


© www.amazinglanka.com
Comments
Posted in Heritage