අස්මඩල පුරාණ ටැම්පිට විහාරය
අස්මඩල ටැම්පිට විහාරය සැඟවී තිබෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ උස්සපිටිය සහ හෙට්ටිමුල්ල අතර පිහිටි දුෂ්කර අස්මඩල ගම්මානයේ පුරාණ සුගත බිම්බාරාම විහාර භූමියේ.
අස්මඩල ටැම්පිට විහාරය සැඟවී තිබෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ උස්සපිටිය සහ හෙට්ටිමුල්ල අතර පිහිටි දුෂ්කර අස්මඩල ගම්මානයේ පුරාණ සුගත බිම්බාරාම විහාර භූමියේ.
මාවෙල මල්වතු පුරාණ ටැම්පිට විහාරය කෑගල්ල දිස්ත්‍රික්කයේ මහනුවරමාර්ගයේ ගනේතැන්න හන්දියේ සිට මීටර් සියයක් ඈතින් ඇති ටැම්පිට විහාරයක් සහිත පුරාණ විහාරයකි. අද මෙම විහාරස්ථානයේ දැකගත හැකි සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ටැම්පිට විහාරයයි.
මෝරගම්මන ශ්‍රී මයුරපාද රජමහා විහාරය යනු කෑගල්ලේ අරනායක හා හෙට්ටිමුල්ල අතර සැඟවී ඇති ටැම්පිට විහාරයක් සහිත පුරාණ විහාරස්ථානයකි. ද මෙම විහාරස්ථානයේ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ටැම්පිට ව්‍යුහ දෙකකි. එනම් ටැම්පිට විහාරය සහ ටැම්පිට ආවාස ගෙයයි.
නාරම්පනාව මහනුවර දිස්ත්රික්කයේ හුළු ගඟ ඉවුරේ තෙල්දෙණියට ඉහළින් පිහිටි කුඩා නගරයකි. නරුම්පනාව අම්බලම පිහිටා ඇත්තේ ඔරුතොට සිට ඇති මාර්ගයේ මනරම් කුඹුරක් අසළ වූ අරලිය ගසක් අසලය.
පුටුපාගල අම්බලම පිහිටා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ පුටුපාගල ගම්මානයේ ය. මෙම අම්බලම කෝට්ටේ රාජධානියේ වීරපරාක්‍රම රජු (1477 – 1489) විසින් ඉදිකරන ලදැයි විශ්වාස කෙරේ. මෙම අම්බලම කෝට්ටේ සිට දෙකටන කෑරගල රාජමහා විහාරය දක්වා ගමන් කළ බැතිමතුන්ට විවේක ස්ථානයක් වනු ඇතැයි විශ්වාස කෙරේ.
මාවනැල්ල උඩුමහන අම්බලම මැටි බදාමයෙන් සාදන ලද කුඩා අම්බලමයකි. ජනප්‍රවාදයට අනුව, මෙම අම්බලම වලගමබා රජුගේ (ක්‍රි.පූ 89-77) සමය දක්වා දිව යයි. එහි ගොඩනැගිලි සැලැස්ම හතරැස් වන අතර විශාල කුළුණු හතරක් ගොඩනැගිල්ලේ වහලය රඳවා තබා ගනී.
නෑපලාන අම්බලම යනු කෑගලු දිස්ත්‍රික්කයේ යටිමහන නෑපලාන ප්‍රදේශයේ මැටි බදාමයෙන් සාදන ලද ගොඩනැගිල්ලකි. ජනප්‍රවාදයට අනුව, මෙම අම්බලම වලගමබා රජුගේ (ක්‍රි.පූ 89-77) සමය දක්වා දිව යයි. අම්බලම පිහිටා තිබෙන්නේ මාවනැල්ල තලගොල්ල මාර්ගයේ නරම් කුඹුරකට යාබදවයි. මෙම අම්බලම ඉතිහාසය පැහැදිළි නැත.
දැනට සීමාපවූව ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ වසන හබරත්තාවෙල ජිනසාර නායක හිමියන්ගේ අදහසට අනූව පොළොන්නරු යූගය හෝ ඊට ආසන්න යූගයක ද්‍රවිඩ හෝ සිංහල ප්‍රාදේශීය පාලකයෙක් මෙම කෘෂි ජනපදය පාලනය කරන්නට ඇති බවයි. ඔහූ විසින් මෙම විශිෂ්ට වාරි පද්ධතිය සකස් කොට කෘෂි ජනපදය ස්වයංපෝෂිත කරන්නට ඇතැයි සැලකේ.
බලංගොඩ පින්නවල එළුගාල රජමහා විහාරය යනු කනතිරියන්වෙල ගම්මානයේ පිහිටි පුරාණ ටැම්පිට විහාරය ජනවහරේ වලගම්බා රජු (ක්‍රි.පූ. 103 – ක්‍රි.පූ. 89) රජ සමය දක්වා දිව යනබව විශ්වාස කෙරේ. මෙම විහාරස්ථානය මායාදුන්න රජුගේත් (1521-1581), සීතාවක රාජසිංහ (1581 – 1591?) සහ මහනුවර රාජධානි යුගයේ බොහෝ රජවරුන්ගේ අනුග්‍රහය ලැබී ඇත.
අම්පාර දිස්ක්‍රික්කයේ තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් තිරුක්කෝවිල් සිට පොතුවිල් මාර්ගයේ ටික දුරක් ගොස් තාන්ඩිඅඩි හන්දියට පැමිණ කුඹුරුයායක් මැදින් වනය ඇතුළට කිලෝමීටර් 12 ක් ගමන් කළ විට කංජිකුඩිච්චිආරු නටබුන් පිහිටි පුදබිමට ළඟා විය හැකිය.
නුවර ගල ඒ තරම් ම චිත්තාකර්ෂණීය දිය කඳුරු, දිය කඩිති හෝ පොකුණු ආදියෙන් ද සුපෝෂිත ලතා මඬුල්ලෙන් ද අලංකෘත ය. පිල් විදහා රඟන පිල්බරුන්ගේ කාහල නදින් ද නින්නාද දෙන්නා වු නුවර ගල සොබාදම් දියනියගේ මන්දස්මිතයෙන් ශෝහාමත් වු නන්දන උයනට උවම් තබන වන උයනකි.
මීට වසර 868 කට පෙර එනම් ක්‍රි.ව. 1132 දී පළමුවැනි පරාක්‍රමබාහු සහ දෙවැනි ගජබා රජු අතර ඇති කරගත් මෙම සාම ගිවිසුම කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ, ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් ගොකරැල්ල ගම්මානයේ සිට සැතපුම් දෙකක් පමණ දුරින් මැද්දෙකැටිය වැව ඉස්‌මත්තේ පිහිටි ඓතිහාසික සංගමුව රජමහා විහාරස්‌ථානයේ ගල්තලාවක කොටා තිබේ.
අලිමංකඩ මුලින්ම බලකොටුවක් ඉදිකරන ලද්දේ ලන්දේසීන් විසිනි. එය ප්‍රධාන වශයෙන් ආරක්ෂක මුර කපොල්ලක් ලෙස භාවිතා විය. මෙය ආරක්‍ෂාකාරීව හා ශක්තිමත්ව ගොඩනඟා තිබුණද, මෙම බලකොටුවේ ප්‍රමාණය ගාල්ලේ හෝ යාපනයේ බලකොටුවලට වඩා බෙහෙවින් කුඩා විය.
මෙම ටැම්පිට විහාරය ඕමල්පේ තෙන්නකෝන් මුදලි විසින් ඉදිකර කොට තිබෙන අතර 1742 දී පොසන් පොයා දිනයේදී නිම කොට තියනවා. මීට අමතරව මෙම විහාරය වටා තවත් ජනප්‍රවාද 2ක් තිබෙනවා. එකක් නම් මෙය ඉදිකර ඇත්තේ ඇහැලපොළ අධිකාරම් ගේ ලේකම් අලහකෝන් මුදියන්සේ විසින් බවයි.
මෙම ලෙනගල රජමහා විහාරය අනුරාධපුර යුගය දක්වා දිව යයි. මෙම විහාරස්ථානය මුලින්ම ඉදිකරන ලද්දේ වලගම්බා රජු (ක්‍රි.පූ. 89-77) ලෙස ජනවහරේ පවතී. මෙය අවසන් වරට ප්‍රතිසංස්කරණය කර ඇත්තේ සතර කෝරලේ ලෙව්කේ දිසාවේ විසිනි.
රාජකීයයන්ගේ පුදබිමක් වශයෙන් පැවැති අම්බුලුගල රජමහා විහාරය කෝට්ටේ යුගයේ මහරජව සිටි හයවැනි සිරි පැරකුම්බා රජ විසින් ආරම්භ කළේ යැයි සන්නසකින් හෙළිවේ. එම සන්නස හිමි බණ්ඩාර නම් කෙනකු හට හයවැනි බුවනෙකබාහු හෙවත් සපුමල් කුමරු විසින් දුන් සන්නසකි.
අභයගිරි ස්ථූපයට මීටර් 500 ක් පමණ බටහිරින් පිහිටි ‘සුදස්සන පධානඝරය’ ලෙස හැඳින්වෙන පාෂාණ ගුහා සංකීර්ණය ‘දීඝ පාෂාණ ලෙන්’ ලෙසද හැඳින්වේ. මෙම සංකීර්ණයේ කටාරම් සහිත ලෙන් 9 ක් ඇති අතර මෙම ස්ථානය දැන් කැණීම් හා ප්‍රතිසංස්කරණයට ලක්ව ඇත.
නාගදීප දූපතේ තල් අරඹක සැඟවී ඇති “බුද්ධ වලව්ව රජමහා විහාරය” බුදු වීමෙන් වසර 5කට පසු, දෙවන වර ලංකා ද්වීපයට වැඩි අවස්ථාවේ බුදුන් පහස ලද නාගදීප රජමහා විහාරයේ ප්‍රසිද්ධියෙන් මුවාවූ අප්‍රකට විහාරයකි.
1970 දශකයේ දී සමලාන්කුලම පුරාවිද්‍යා බිම පරීක්‍ෂා කොට ඇති අතර මද්‍ය අනුරාධපුර යුගයට අයත් කළුගල් තලාවක ස්ථූප ගොඩැලි දෙකක හා පිළිම ගෙයක නටබුන් ලේඛනගත කොට ඇත. මෙම පිළිමගෙය කැණීමේදී අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ පිළිමයක් සහ බුද්ධ ප්‍රතිමාවක කොටසක් සොයාගෙන තිබේ.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අතින් ඝාතනය වූ පළමු වැදගත් රදළ නායකයා ලෙව්කේ දිසාවය. මේ ගැටුමට හේතුව නුවරඑළියේ හේමපාල ලියූ “ත්‍රි සිංහලේ නායකයෝ” හි දක්වා ඇත.