
ඡයාරූපය : Sandaruwan Malinda Samaraweera
ක්‍රිස්තු වර්ෂ 1815දී බ්‍රිතාන්‍ය ආක්‍රමණයින් උඩරට යටත් කරගැනීමෙන් පසුව ඇතිවූ තාඩන පීඩන හේතුවෙන් ඌව වෙලස්ස ප්‍රදේශයේ ජනතාව බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව 1817 කාලයේදී නැගී සිටියා. මෙම නැගී සිටීම බ්‍රිතාන්‍ය පාලකයින් හැඳින්වූයේ ඌව වෙල්ලස්ස කැරැල්ල ලෙසයි. නමුත් සත්‍ය වශයෙන්ම එය ප්‍රදේශයේ තැලුම්කෑ ජනතාව ස්වාධීනත්වය පතා ඇතිවූ විමුක්ති අරගලයක් ලෙස හැඳින්වීම වඩාත් නිවැරිදියි.
මෙම අරගළය මර්දනය සඳහා බ්‍රිතාන්‍යයන් බළකොටු කිහිපයක් ගොඩනගා තිබුණා . ක්‍රි.ව. 1818දී ඉංග්‍රීසින් විසින් වැලිමඩ සානුවේ බළකොටු දෙකක් ස්ථාපිත කර තිබුණා. ඉන් එකක් වර්තමාන කැප්පෙටිපොළ ප්‍රදේශයේ ඉදි කර තිබුනා.
ඌව – වෙල්ලස්ස කැරැල්ල තව තවත් ව්‍යාප්ත වීම මැඬපැවැත්වීමට බ්‍රිතාන්‍යයන් රැජිනගේ උපදෙස් මත එවකට ලංකා ආණ්ඩුකාර ධුරය දැරූ රොබට් බ්‍රවුන්රිග් විසින් දක්ෂ සෙන්පතියකු වූ මේජර් ඩග්ලස් විල්සන් (Major Douglas Wilson) සෙනවියාගේ යටතේ විශාල අශ්වාරෝහක හමුදාවක් උඩරටට එවීමට තීරණය කරා. ඔවුන්ගේ අශ්වාරෝහක හමුදාව සඳහා මේ බළකොටුව ස්ථාපිත කර මේජර් විල්සන් සඳහා මේ බලකොටුවට කි. මී. 1 ½ක් පමණ නුදුරින් බංගලාවක් ඉදිකරා. එම පෞරාණික බංගලාවට අද ගවරම්මාන ශ්‍රී පියතිස්ස පිරිවෙන් විද්‍යායතනය හා විහාරස්ථාන ගොඩනැඟිල්ල ලෙසින් භාවිතයට ගෙන උඩරට අමරපුර මහා නිකායේ නායක ශාස්ත්‍රපති නුවරඑළිය චන්ද්‍රජෝති හිමියන් වැඩවසනවා. එහි පෞරාණිකභාවයට කිසිදු ලෙසකින් හානියක් නොකර දැනුදු එය ඉතා හොඳින් පවත්වාගෙන යනවා. විල්සන් සෙනවියාගේ අණසක යටතේ ක්‍රියාත්මක වූ මේ බළකොටුව විල්සන් නමින්ම එකල හඳුන්වා තිබුනා. ඌව පරණගම ප්‍රදේශයේ පිහිටුවන ලද මැක්ඩොනල් බළකොටුව අද දක්නට නොමැති අතර එහි අවශේෂ පමණයි අද පෙනෙන්නට තිබෙන්නේ.
එකල කැප්‍පෙටිපොළ නිලමේ සේවය කලේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව යටතේ. උඩරට කැරැලිකරුවන් අතින් මේජර් ඩග්ලස් විල්සන් අළුපොත ප්‍රදේශයේදී ඝාතනයට ලක්වීමෙන් පසුව කැරැල්ල මැඬපැවැත්වීම සඳහා කැප්පෙටිපොළගේ නායකත්වයෙන් යුත් ඉංග්‍රීසි හමුදාවක් ඌවට එවා තිබෙනවා. ඔහු විසින් විසින් සිය සේනා සංවිධානය කිරීම, යුද්ධමය කටයුතුවලට මෙම ස්ථානය භාවිතා කළ බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.
එකල කැප්‍පෙටිපොළ නිලමේ සේවය කලේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව යටතේ. උඩරට කැරැලිකරුවන් අතින් මේජර් ඩග්ලස් විල්සන් අළුපොත ප්‍රදේශයේදී ඝාතනයට ලක්වීමෙන් පසුව කැරැල්ල මැඬපැවැත්වීම සඳහා කැප්පෙටිපොළගේ නායකත්වයෙන් යුත් ඉංග්‍රීසි හමුදාවක් ඌවට එවා තිබෙනවා. ඔහු විසින් විසින් සිය සේනා සංවිධානය කිරීම, යුද්ධමය කටයුතුවලට මෙම ස්ථානය භාවිතා කළ බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.
ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාලුගම කැප්පෙටිපොළ ග්‍රාම නිලධාරී වසමේ කැප්පෙටිපොළ ග්‍රාමයේ මෙම බළකොටුව අද දැක ගන්නට පුළුවන්. දිගින් අඩි 90ක් ද පළලින් අඩි 40ක් ද, උසින් අඩි 15ක් ද පමණ වූ මේ බලකොටුව තනි කලුගලින් නිමවා තිබෙන අතර එහි බිත්ති අඟල් 18ක් පමණ පළලින් යුක්ත වෙනවා. මේ බලකොටුවේ පිවිසුම් දොරටුව තරමක් කුඩාවට එහි උතුරු දෙසින් ආරුක්කු හැඩයට ඉදිකරතිබෙනවා. වර්තමානයේ මෙම බලකොටුව තුල ඌව පළාත් පේශකර්ම දෙපාර්තමේන්තුවේ සුළු මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා.
මේ ප්‍රදේශයට කැප්පෙටිපොළ යන නාමය තබා ඇත්තේද මෙම ඓතිහාසික කරුණු පදනම් කරගෙනයි. 1818 කැරැල්ල සමඟ මේ බලකොටුව පිහිටා තිබූ විල්සන් තැන්න මුළුමනින්ම විනාශයට ලක්වී ප්‍රදේශයම පාළුවට ලක්වූ නිසා මේ ප්‍රදේශය පාළුගම නමින් ප්‍රකටවී පසුව 1950 දී පමණ පාළුගම කැප්පෙටිපොළ නමින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. 1816 පෙර ඉතා සරුසාර ප්‍රදේශයක් වූ වර්තමාන කැප්පෙටිපොළ එදා හැඳින් වූයේ කොස්ගහ කුඹුර වශයෙනුයි. 1816 දී මේජර් විල්සන්ගේ පාලනයට නතුවූ මේ ප්‍රදේශය විල්සන් තැන්න නමින් හැඳින්වුණා. ටිකියා තැන්න යන නමින්ද මෙම ප්‍රදේශය අතීතයේ හඳුන්වා තිබෙනවා.
කැප්පෙටිපොළ මොනරවිල දිසාවගේ සහායකයකු වශයෙන් කටයුතු කළ බෝඹුරේගෙදර සුදනා දුරයා නමැති අයකුගේ මැදිහත්වීමෙන් ඌවේ කැරලි නායකයින් හා කැප්පෙටිපොළ දිසාව අතර ඇතිවූ රහස් සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් ඔහු සිංහල හමුදාව සමඟ පසුව එක්වුණා. මෙම රහස් සාකච්ඡාවට ඌවේ කැරලි නායකයින් වූ බූටාවේ රටේ රාල, කිවුලේගෙදර මොහොට්ටාල හා දඹපාන්නේ දිසාව සහභාගි වී තිබුනා. මෙම ඓතිහාසික වැදගත් රහස් සාකච්ඡා පවත්වා තිබෙන්නේ වර්තමානයේ කැප්පෙටිපොළ මහා විද්‍යාල භූමියේදී. අද කැප්පෙටිපොළ දිසාවගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් මෙහි ස්ථාපිත කර තිබෙනවා.
මේ රහස් සාකච්ඡාවෙන් පසු වීර කැප්පෙටිපොළ ඉංග්‍රීසි හමුදාව හා ඔවුන්ගේ අවි ආයුධ අතහැර සිංහල හමුදාවත් සමඟ එක්වී ඌව – වෙල්ලස්ස අරගලය මෙහෙයුවා. නමුත් බ්‍රිතාන්‍ය හමුදාවේ ප්‍රබළ තුවක්කු හමුවේ සිංහල සටන්කාමීන්ගේ ආයුධ පරාජයට පත්වූවා. සටන පරාජයවීමත් සමඟ ඉංග්‍රීසින්ගේ සිරභාරයට පත්වූ කැප්පෙටිපොළගේ ජීවිතය ඉංග්‍රීසින් විසින් මහනුවර මඟුල් මඬුවේදී හිස ගසා දැමීමෙන් අවසන් වුවා.
මුලාශ්‍ර
- බ්‍රි‍්‍රතාන්‍ය අශ්වාරෝහක හමුදාව ගොඩනැගූ කැප්පෙට්ටිපොළ විල්සන් බළකොටුව – dinamina.lk
- කැප්‍පෙටිපොළ පැරණි බලකොටුව – archaeology.gov.lk
සම්බන්ධ වෙනත් පිටු
- ශ්‍රී ලංකාවේ බළකොටු ලැයිස්තුව
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව
- කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන
කැප්පෙටිපොළ පැරණි විල්සන් බළකොටුව සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
කැප්‍පෙටිපොළ පැරණි විල්සන් බළකොටුව රියදුරු දිශාවන්
බදුල්ල සිට කැප්‍පෙටිපොළ පැරණි විල්සන් බළකොටුව |
හරහා :සීතාඑළිය – හක්ගල මුළු දුර : කිලෝමීටර් 18 ගතවන කාලය : විනාඩි 30 ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30 අතර රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |